+ -

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رضي الله عنهما أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَا تَعَلَّمُوا الْعِلْمَ لِتُبَاهُوا بِهِ الْعُلَمَاءَ، وَلَا لِتُمَارُوا بِهِ السُّفَهَاءَ، وَلَا تَخَيَّرُوا بِهِ الْمَجَالِسَ، فَمَنْ فَعَلَ ذَلِكَ، فَالنَّارُ النَّارُ».

[صحيح] - [رواه ابن ماجه] - [سنن ابن ماجه: 254]
المزيــد ...

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න. කවරෙකු හෝ එසේ කරන්නේ ද ගින්න, ගින්නමය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත] - [سنن ابن ماجه - 254]

විවරණය

විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශණය කිරීම හා පුරසාරම් දෙඩීම සඳහා හෝ මම නුඹලා මෙන් විද්වතෙක්මි යැයි පෙන්වීම සඳහා හෝ බුද්ධි හීනයන් හා අඥානයින් සමග කතා කර වාද කිරීම සඳහා හෝ සභාවන්හි පෙනී සිට අනෙකාට වඩා තමන්ට ප්‍රමුඛත්වය ලැබීම සඳහා දැනුම සෙවීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එහෙයින් කවරෙකු එසේ සිදු කළේ ද ඔහුගේ මුහුණිච්ඡාව හේතුවෙන් සහ දැනුම සෙවීමේ දී අල්ලාහ්ට අවංක නොවූ බැවින් සැබැවින්ම ඔහු අපා ගින්නට සුදුසුකම් ලබන්නේය.

හදීසයේ හරය

  1. තමන් පුරසාරම් දෙඩීම සඳහා හෝ වාද කිරීම සඳහා හෝ සභාවන්වල ප්‍රමුකත්වය ලැබීම සඳහා හෝ එවැනි දෙයක් සඳහා දැනුම සොයන්නාට අපා ගින්න පිළිබඳ අවවාදය.
  2. දැනුම හදාරා එය උගන්වන්නා සතුව තිබිය යුතු අවංක චේතනාවේ වැදගත්කම.
  3. 'නිය්යත්' හෙවත් චේතනාව ක්‍රියාවන්හී මූලය වේ. ප්‍රතිඵල හිමිවන්නේ ඒ මත පදනම් කර ගෙනය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri اليونانية الأوزبكية الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර