‌عن عَلِيٍّ قَالَ: إِنِّي كُنْتُ رَجُلًا إِذَا سَمِعْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدِيثًا نَفَعَنِي اللهُ مِنْهُ بِمَا شَاءَ أَنْ يَنْفَعَنِي بِهِ، وَإِذَا حَدَّثَنِي رَجُلٌ مِنْ أَصْحَابِهِ اسْتَحْلَفْتُهُ، فَإِذَا حَلَفَ لِي صَدَّقْتُهُ، وَإِنَّهُ حَدَّثَنِي ‌أَبُو بَكْرٍ، وَصَدَقَ أَبُو بَكْرٍ، قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«مَا مِنْ رَجُلٍ يُذْنِبُ ذَنْبًا، ثُمَّ يَقُومُ فَيَتَطَهَّرُ، ثُمَّ يُصَلِّي، ثُمَّ يَسْتَغْفِرُ اللهَ، إِلَّا غَفَرَ اللهُ لَهُ»، ثُمَّ قَرَأَ هَذِهِ الْآيَةَ: {وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ} [آل عمران: 135].

[صحيح] - [رواه أبو داود والترمذي والنسائي في الكبرى وابن ماجه وأحمد]
المزيــد ...

අලී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: ඇත්තෙන්ම මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හදීසයක් ඇසූ විට, ඉන් කවර ප්‍රයෝජනයක් අල්ලාහ් මට ලබා දෙන්නට අභිමත කළේ ද ඔහු එයින් මට ප්‍රයෝජන ලබා දෙන මිනිසෙක් වූයෙමි. එතුමාගේ සගයින් අතරින් මිනිසෙක් මට යම් හදීසයක් පවසන විට, මම ඔහුගෙන් ඒ ගැන දිවුරන ලෙස ඉල්ලා සිටිමි. ඔහු දිවුරන විට, මම ඔහුව විශ්වාස කරමි. තවද අබු බකර් මට යමක් පවසා සිටියේ නම්, අබු බකර් තුමා සහතික කර "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම අසා ඇත්තෙමි" යැයි පවසා සිටියි.
"පාපයක් සිදු කළ යම් කිසි මිනිසෙක්, ඔහු නැගිට පිරිසිදු වී පසුව සලාත් ඉටු කර පසුව අල්ලාහ්ගෙන් පාපක්ෂමාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු මිස වෙනත් කිසිවක් නැත." පසුව (ආලු ඉම්රාන් 135 වැනි) පාඨය කියවා පෙන්වූහ. "තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නොවෙති." 

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

පාපයක් සිදු කළ යම් කිසි ගැත්තෙකු, ඔහු වුළූ ධෝවනය විධිමත්ව ඉටු කර පසුව නැගිට ඔහුගේ එම පාපය සඳහා පශ්චාත්තාප වීමේ අදිටනින් රකආත් දෙකක් ඉටු කර, පසුව අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නේ ද අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උත්තරීතර අල්ලාහ්ගේ වදන මෙසේ පාරායනය කර පෙන්වූහ. "තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නො වෙති." (ආලු ඉම්රාන්: 135)

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ උරුදු ඉන්දුනීසියානු බොස්නියානු චීන පර්සියානු ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා මලයාලම් ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. පාපයක් සිදු කිරීමෙන් පසු සලාතය ඉටු කිරීමටත් ඉන්පසු පාපක්ෂමාව අයැද සිටීමටත් දිරි ගැන්වීම.
  2. අල්ලාහ්ගේ සමාවේ විශාලත්වය, තව්බා නම් පශ්චාත්තාපය හා පාපක්ෂමාව සඳහා වන ඔහුගේ පිළිගැනීම.
අමතර