عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«نَارُكُمْ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءًا مِنْ نَارِ جَهَنَّمَ»، قِيلَ: يَا رَسُولَ اللَّهِ، إِنْ كَانَتْ لَكَافِيَةً. قَالَ: «فُضِّلَتْ عَلَيْهِنَّ بِتِسْعَةٍ وَسِتِّينَ جُزْءًا كُلُّهُنَّ مِثْلُ حَرِّهَا».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 3265]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි." එවිට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එයම ප්‍රමාණවත් ය" යැයි ප්‍රකාශ කරන ලදී. එතුමා: "එය ඒවාට වඩා කොටස් හැට නවයකින් වැඩි කර ඇත. ඒවා සියල්ල එහි උෂ්ණත්වය හා සමාන වේ." යැයි පැවසුහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 3265]

විවරණය

සැබැවින්ම මෙලොව පවතින ගින්න අපා ගින්නේ හැත්තෑවෙන් එක් කොටසක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. ඒ අනුව, මතුලොව ගින්නෙහි උෂ්ණත්වය මෙලොව ගින්නේ උෂ්ණත්වයට වඩා කොටස් හැට නවයකින් අධිකය, බලවත් ය. ඉන් සෑම කොටසක්ම මෙලොව ගින්නේ උෂ්ණත්වයට සමාන වන්නේය. එවිට "අල්ලාහ්ගේ දූතයාණනි! එහි පිවිසෙන්නාට දඬුවම් කිරීම සඳහා මෙලොව ගින්නම ප්‍රමාණවත් වේ" යැයි පවසනු ලැබීය. එවිට එතුමා: අපා ගින්න මෙලොව ගින්නට වඩා හැට නව කොටසකින් අධික කරනු ලැබ ඇත. ඒවා සියල්ල දැඩි උෂ්ණත්වයෙන් සමානය යැයි පැවසුහ.

හදීසයේ හරය

  1. අපා ගින්න වෙත සේන්දු කරන ක්‍රිියාවන්ගෙන් මිනිසුන් දුරස් කරනු පිණිස ඒ ගැන අනතුරු ඇඟවීම.
  2. අපා ගින්නේ හා එහි දඬුවමේ භයානකකම හා එහි උණුසුමේ දැඩිභාවය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (66)
අමතර