عَنْ أَنَسٍ رَضيَ اللهُ عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَوْ كَانَ لِابْنِ آدَمَ وَادِيَانِ مِنْ مَالٍ لَابْتَغَى وَادِيًا ثَالِثًا، وَلَا يَمْلَأُ جَوْفَ ابْنِ آدَمَ إِلَّا التُّرَابُ، وَيَتُوبُ اللهُ عَلَى مَنْ تَابَ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1048]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත. ඔහුගේ මුඛය පස හැර අන් කිසිවක් නොපුරවයි. පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 1048]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: ආදම්ගේ පුත්‍රයාට රනින් පිරුණු නිම්නයක් ලබා දුන්න ද ඔහු ඊට පරව නිම්න දෙකක් තමන්ට හිමි කර ගැනීමට දැඩි සේ ආශා කරනු ඇත. ඔහු මිය ගොස් මුඛය මිනිවලෙහි පසින් පිරෙන තෙක් මෙලොව කෙරෙහි කෑදර කමින් පසුවනු ඇත.

හදීසයේ හරය

  1. මුදල් රැස් කිරීමෙහි හා මෙලොව අනෙකුත් සැප සම්පත් සෙවීමෙහි මිනිසා දක්වන දැඩි ආශාව හා උනන්දුව
  2. නවවි තුමා මෙසේ පවසයි: "මෙලොව කෙරෙහි කෑදර වීම, එහි ඇති වස්තුව කෙරෙහි ඇල්ම දැක්වීම හා ඒවා කෙරෙහි ආශා කිරීම නින්දා සහගත කෑදරකමක් බව මෙහි සඳහන්ව ඇත."
  3. පහත් ගුණාංග හේතුවෙන් (තමන් කළ වැරදි සඳහා) කවර හෝ කෙනෙකු අල්ලාහ්ගෙන් පාපක්ෂමාවෙහි නිරත වූයේ ද ඔහුගේ පාපොච්චරණය අල්ලාහ් පිළි ගනු ඇත.
  4. නවවි තුමා මෙසේ පවසයි: "මිනිසුන් අතර බහුතරයක් දෙනා මෙලොවෙහි කෑදරකමින් පසුවන බව හදීසය පෙන්වා දෙයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ: 'පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී.' යන ප්‍රකාශය එය සහතික කරයි."
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත ආසාමි الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية Kannada الجورجية المقدونية الخميرية البنجابية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර