عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : "تَعِسَ عَبْدُ الدينار، تَعِسَ عَبْدُ الدرهم، تَعِسَ عَبْدُ الخَمِيصَة، تعس عَبْدُ الخَمِيلَة، إن أُعْطِيَ رَضِيَ، وإن لم يُعْطَ سَخِطَ، تَعِسَ وانْتَكَسَ، وإذا شِيكَ فلا انتَقَشَ، طُوبَى لعبد آخذ بعِنَانِ فرسه في سبيل الله، أشعث رأسه، مُغْبَرَّةً قدماه، إن كان في الحِرَاسَةِ كان في الحِرَاسَةِ، وإن كان في السَّاقَةِ كان في السَّاقَةِ، إن استأذن لم يُؤْذَنْ له، وإن شَفَعَ لم يُشَفَّعْ".
[صحيح] - [رواه البخاري.
ملحوظة:
أول الحديث في كتاب التوحيد يخالف ما في صحيح البخاري، لفظ البخاري: (تَعِسَ عَبْدُ الدِّينَارِ، وَعَبْدُ الدِّرْهَمِ، وَعَبْدُ الخَمِيصَةِ)، وليس في مصادر التخريج ذكر الخميلة، لكن عند ابن الأعرابي في معجمه (2/ 455 ح890) وأبي الشيخ الأصبهاني في أمثال الحديث (ص: 154 ح116): (عبد الحُلة)]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “රන් දීනාරයට වහල් වූ තැනැත්තා විනාශ විය. රිදී දිර්හමයට වහල් වූ තැනැත්තා විනාශ විය. ලොම් සහිත තුනී රෙදිවලට වහල් වූ තැනැත්තා විනාශ විය. ඔහුට දෙනු ලැබුවේ නම් තෘප්තියට පත් වෙයි. දෙනු නොලැබුවේ නම් උරණ වෙයි. ඔහු විනාශ විය. පාඩු ලැබීය. එමෙන්ම කටුවක් ඇනුනු විට ඉය ඉවත් කරන්නට කිසිවෙකු ඔහු නොලබනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම අශ්වයාගේ තෝන් ලනුව අල්ලාගෙන තම හිසකෙස් වියවුල් වී තම පාද දෙක ද දූවිලිවලින් තැවරුණු ගැත්තාට ස්වර්ගයම වේවා! ඔහු මුරකාරත්වයේ සිටියේ නම් ඔහු මුරකාරත්වයේම සිටියි. ඔහු ජලය සම්පාදනය කිරීමෙහි සිටියේ නම් ඔහු ජල සම්පාදනය කිරීමෙහිම සිටියි. ඔහු අවසර පැතුව ද ඔහුට අවසර දෙනු නොලැබේ. එමෙන්ම මැදිහත් වුව ද මැදිහත් වනු නොලැබේ.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඒ හා සමානව ඉමාම් බුහාරි තුමාද වාර්තා කර ඇත]
මෙලොවට වැඩි සැලකිල්ලක් දක්වන ඔහුගේ දැනුමේ ප්රමාණයට හා ඔහුගේ පළමු හා අවසාන ඉලක්කය වෙත මහත් සේ අවධානය යොමු කරන ඇතැමුන් මිනිසුන් අතර සිටින බව මෙම හදීසයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැහැදිලි කළේය. කවරෙකු මෙම තත්ත්වයේ පසු වන්නේ ද ඔහුගේ ගමනාන්තය විනාශය හා අලාභය වනු ඇත. ජනයා අතර සිටින මෙම කණ්ඩායමෙහි සළකුණක් වනුයේ මෙලොවට දැඩි සේ ඇලුම් කිරීමය. එයින් ඔහුට දෙනු ලැබුවේ නම් තෘප්තියට පත් වෙයි. එසේ දෙනු නොලැබුවේ නම් උරණ වෙයි. තම ඉලක්කය අල්ලාහ්ගේ තෘප්තිය හා මතුලොව නිවහන කර ගත් අය ද ඔවුන් අතර වෙති. ඔහු කීර්තිය සොයන්නේ නැත. ප්රසිද්ධිය සොයන්නේ නැත. ඔහුගේ ක්රියාවෙන් ඔහු අපේක්ෂා කරනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමය. ජනයා අතර සිටින මෙම පිරිසේ තවත් සළකුණක් වනුයේ ඔහුගේ බාහිර ඔපයට වැදගත් කමක් නොදැක්වීමය. ඔහුව කවර තැනක තබා ඇත්තේ ද ඒ ගැන ඔහු තෘප්තිමත් වෙයි. ඔහු ජනයා අතර පහත් අයකු වෙයි. ප්රභූ හා නිල බලතල ඇති උදවියගෙන් දුරස් වෙයි. ඔහු ඔවුන්ගෙන් අවසර පැතුව ද ඔහුට අවසර දෙනු නොලැබේ. ඔවුන් ඉදිරියේ තමන් වෙනුවෙන් මැදිහත් වන මෙන් ඉල්ලුව ද ඔහු වෙනුවෙන් ඔවුහු මැදිහත් නොවේ. ඔහුගේ ගමනාන්තය ස්වර්ගයයි. ප්රතිඵල යහපත් විය.