+ -

عَنْ أَبِي هُرَيْرَةَ رَضيَ اللهُ عنهُ سمعتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يقولُ:
«أَلاَ إِنَّ الدُّنْيَا مَلْعُونَةٌ، مَلْعُونٌ مَا فِيهَا، إِلاَّ ذِكْرُ اللهِ وَمَا وَالاَهُ وَعَالِمٌ أَوْ مُتَعَلِّمٌ».

[حسن] - [رواه الترمذي وابن ماجه] - [سنن الترمذي: 2322]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සැබැවින්ම මෙලොව ශාප කරනු ලබන්නකි. එමෙන්ම එහි ඇති දෑ ද ශාප කරනු ලබන්නකි. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහු සමීප කරගත් දෑ හා දැනුම ලද්දා හෝ දැනුම හදාරන්නා හැර."

[හසන් ගණයට අයත් හදීසයකි] - - [سنن الترمذي - 2322]

විවරණය

සැබැවින්ම මෙලොව හා එහි ඇති දෑ අල්ලාහ් විසින් පිළිකුල් කරන ලද්දකි. එමෙන් දොස් පවරන ලද, දුරස් කරන ලද, අත්හැර දමනු ලද්දකි. එහි ඇති දෑ ද ඔහු ඉදිරියේ ප්‍රශංසාවට ලක් නො වන, අත්හැර දමනු ලද්දකි. මක්නිසාදයත් එය හා එහි ඇති දෑ උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් මිනිසා දුරස් කරන බැවින් හා වෙනතකට යොමු කරන බැවිනි. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, අල්ලාහ් ප්‍රිය කරන දැයින් සමීප කරගත් හා ළං කරගත් දෑ හෝ ආගමික දැනුම ලැබ එය උගන්වන්නා හෝ දැනුම හදාරන්නා හැර යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ.

හදීසයේ හරය

  1. පොදුවේ මෙලොවට ශාප කිරීමට අනුමැතිය නැත. එසේ ශාප කිරීම තහනම් කරමින් හදීස් පැමිණ ඇති බැවිනි. නමුත් එහි අල්ලාහ්ගෙන් දුරස් කරවන ඔහුට අවනත වීමෙන් වෙනතකට යොමු කරන දෑට දොස් නගනු ලැබීමට අවසරය ඇත.
  2. අල්ලාහ්ව මෙනෙහි කිරීම හා ඒ සඳහා උපකාරවන හේතු සාධක හැර මෙලොව ඇති සෙසු සියලු දෑ කෙළිලොල්ය, පුහුවක් ය.
  3. දැනුම, දැනුම ලත් උදවිය, දැනුම සෙවීම යනාදියේ මහිමය පැහැදිලි කිරීම.
  4. ඉබ්නු තය්මිය්යා තුමා මෙසේ පවසයි. "එසේ හෙළා දකිනු ලබන්නේ, තහනම් කරන ලද දෑ හෝ ගුණ කර ගැනීමේ සහ පුරසාරම් දෙඩීමේ අදහසින් අනුමත කරගත් දෑ ය. එමෙන් ම උඩඟුකම හා ප්‍රදර්ශනය කිරීමේ අදහසින් කුමක් අත්පත් කර ගත්ත ද ඒවා ය. මෙවැනි දෑ බුද්ධිමත් මිනිසුන් අබියස පිළිකුලකි."
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා ස්වාහිලි දමිළ ආසාමි الهولندية الغوجاراتية الرومانية المجرية الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර