عَنِ الزُّبَيْرِ بْنِ العَوَّامِ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَأَنْ يَأْخُذَ أَحَدُكُمْ حَبْلَهُ، فَيَأْتِيَ بِحُزْمَةِ الحَطَبِ عَلَى ظَهْرِهِ، فَيَبِيعَهَا، فَيَكُفَّ اللَّهُ بِهَا وَجْهَهُ خَيْرٌ لَهُ مِنْ أَنْ يَسْأَلَ النَّاسَ أَعْطَوْهُ أَوْ مَنَعُوهُ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 1471]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සුබෙයිර් ඉබ්නුල් අව්වාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, ඔහු ළණුවක් රැගෙන ඉන් දරමිටියක් ගසා ඔහුගේ කර මතින් එය ගෙනැවිත් විකුණා දමයි. එමගින් අල්ලාහ් ඔහුගේ ප්‍රතිරූපය ආරක්ෂා කරයි. එය මිනිසුන්ගෙන් ඉල්ලා ඔවුන් ඔහුට දීම හෝ ඔහුට දීමෙන් වැළකීමට වඩා ඔහුට උතුම් වන්නේය."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 1471]
ජනයා අතරින් කෙනෙකු යම් කිසි ක්‍රියාවක් සිදු කර, එය ළණුවක් ගෙන එමගින් දර මිටි ගසා ඔහුගේ කර මත තබා විකිණීම හෝ වේවා, ඉන් අනුභව කිරීම හෝ එය දන් දීම හා අනෙක් අයගේ අවශ්‍යතාවන්ගෙන් ඉවත් වී, ඉල්ලා සිටීමේ පහත් බවින් තම ප්‍රතිරූපය ආරක්ෂා කර ගන්නේ ද එය මිනිසුන්ගෙන් ඉල්ලා ඔවුන් ඔහුට පිරිනැමීම හෝ ඔවුන් ඉන් වැළකී සිටීමට වඩා ඔහුට උතුම් වන්නේය. මිනිසුන්ගෙන් ඉල්ලා සිටීම පහත් ක්‍රියාවකි. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අවමන් සහගත අයකු නොව, ගෞරවණීය තැනැත්තකි.