عن ابن مسعود رضي الله عنه مرفوعاً: «لَقِيْتُ إبراهيم ليلة أُسْرِيَ بي، فقال: يا محمد أقْرِىء أُمَّتَكَ مِنِّي السَّلام، وأَخْبِرْهُم أن الجنَّة طَيّبَةُ التُّربَة، عَذْبَةُ الماء، وأنها قِيعَانٌ وأن غِراسَها: سُبْحَان الله، والحمد لله، ولا إله إلا الله، والله أكبر».
[حسنه الشيخ الألباني في صحيح الجامع الصغير وزيادته، وضعفه في مشكاة المصابيح] - [رواه الترمذي]
المزيــد ...

ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“මා වේගවත් ගුවන් ගමන කැටුවාගෙන ගිය රාත්රියෙහි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව මම මුණ ගැසුණෙමි. එවිට එතුමා: අහෝ මුහම්මද්! ඔබේ සමූයාට මා වෙතින් වූ සලාමය කියවා පෙන්වනු. සැබැවින්ම ස්වර්ග උයන පිරිසිදු පසකි. ජලය ඉමිහිරිය. සැබැවින් එය විශාලය. සැබැවින්ම එහි පැළ කරනු ලබන්නේ ‘සුබ්හානල්ලාහ්’ (අල්ලාහ් අති පිවිතුරුය), ‘අල්හම්දු ලිල්ලාහ්’ (සියලු ප්රශංසා අල්ලාහ් සතුය), ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත.), අල්ලාහු අක්බර් (අල්ලාහ් අති උත්කෘෂ්ටය.)
හසන් ගණයට අයත් හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව නිශා හා වේගවත් ගුවන් ගමනෙහි හමු වූ බව දන්වා සිටියහ. එතුමා සලාමය පතුරන මෙන් ද එය එතුමාගේ සමූහයාට දන්වා සිටින මෙන් ද සැබැවින්ම ස්වර්ග උයන පිරිසිදු පසක් වන බවද දන්වා සිටින මෙන් දැනුම් දුන්හ. එනම් එහි පස පිරිසිදුය. වෙනත් හදීස්වල එහි පස කුංකුමන් වෙති යැයි සඳහන් වී ඇත. තිර්මිදි හි සඳහන් වාර්තාවක සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ස්වර්ග උයන පිළිබඳ විමසා සිටි අවස්ථාවේ එතුමා: ‘එහි පස කුංකුමන්’ වෙති යැයි පැවසූහ. අහ්මද්හි සඳහන් පරිදි ‘එහි පස මණ්ඩප හා කංකුමන් වලින් යුක්තය. ‘ජලය මිහිරිය’ එනම් සැබැවින්ම එහි ජලය මිහිරිය. රසයෙන් සුවය යන්නයි. උත්තරීතර අල්ලාහ් ඒ ගැන මෙසේ ප්රකාශ කරයි "c2">“කිසිදු නරක් වීමකින් තොර ජලයෙන් වූ ගංගාවන් ඇත.” එනම් ලුණු හෝ ඒ හැර වෙනත් ද්රව්ය හෝ මුසුවීමෙන් වෙනස් වූ ජලය නොවනු ඇත. ස්වර්ගය පිරිසිදු පසින් හා මිහිරි ජලයෙන් වූ විට විශේෂයෙන් එහි වගාවද ඉතාමත් යහපත්ය. එහි වගාව යහපත් වදන් තුළින් හට ගැනේ. ඒවා අල්-බාකියාතුස් සාලිහාත්’ හෙවත් සදා ඉතිරිවන දැහැමි දෑ වෙති. "c2">“සැබැවින්ම එය විශාලය” යනුවෙන් පරිවර්තනය කර ඇත්තේ ‘කාඃ’ යන පදයේ බහු වචනය වන ‘කීආන්’ යන පදයයි. පොළොවේ විශාල සමතලා භූමියකට කාඃ යනුවෙන් හඳුන්වනු ලැබේ. සැබැවින්ම එහි වගාව එනම් එම විශාල ප්රදේශයේ වගා කරනු ලබන දෑ ‘සුබ්හානල්ලාහ්’ (අල්ලාහ් අති පිවිතුරුය), ‘අල්හම්දු ලිල්ලාහ්’ (සියලු ප්රශංසා අල්ලාහ් සතුය), ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත.), අල්ලාහු අක්බර් (අල්ලාහ් අති උත්කෘෂ්ටය.) යනාදිය වෙති. එහි අර්ථය: සැබැවින්ම එහි වගාව දැහැමි අනුවාද වෙති. එනම් තස්බීහ් (අල්ලාහ්ව පිවිතුරු කිරීම්) තහ්මීද් (අල්ලාහ්ට ප්රශංසා කිරීම), තහ්ලීල් (අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම) හා අල්ලාහ්ව මෙනෙහි කරන, ඔහුව ප්රශංසා කරන, සෑම ප්රකාශයක්ම හා ඔහුව ඒකීයත්වය පත් කරන සෑම අනුවාදයක්ම වේ. එවිට ඔහු වෙනුවෙන් ස්වර්ග උයනේ ඉඳි ගසක් සිටවනු ලැබේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර