عن أبي هريرة ـ رضي الله عنه ـ قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «لم يبقَ من النُّبُوَّةِ إلا المُبَشِّرَاتُ» قالوا: وما المُبَشِّرَاتُ ؟ قال: «الرؤيا الصالحة».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“නබිත්වයෙන් (දිව්ය සම්බන්ධතා අතරින්) ශුභාරංචි දෙනු ලබන දෑ හැර වෙනත් කිසිවක් ඉතිරි වී නැත.” ඔවුහු: ශුභාරංචි දෙනු ලබන දෑ කුමක්ද? යැයි විමසුවෝය. එතුමා: ‘දැහැමි සිහිනය වේ’ යැයි පිළිතුරු දුන්හ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම දැහැමි සිහිනය වනාහි එය ශුභාරංචි දෙනු ලබන්නක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පෙන්වා දුන්හ. එය දිව්ය පණිවිඩ නතර වූ පසු ඉතිරිව ඇති දිව්ය පණිවිඩ වල බලපෑමයි. දැහැමි සිහිනය මිස එයින් දැන ගත හැකි වෙනත් කිසිවක් ඉතිරි වී නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර