عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللهِ رَضيَ اللهُ عنه قَالَ:
سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ نَظَرِ الْفُجَاءَةِ فَأَمَرَنِي أَنْ أَصْرِفَ بَصَرِي.
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2159]
المزيــد ...
ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
හදිසි බැල්ම ගැන මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසා සිටියෙමි. එවිට මගේ බැල්ම මා වෙනතකට යොමු කළ යුතු යැයි එතුමාණෝ මට නියෝග කළහ.
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 2159]
ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් පිරිමියෙක් පිටස්තර කාන්තාවක් කිසිදු අපේක්ෂාවකින් තොරව හදිසියේම දකින්නට ලැබීම ගැන විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය ඔහු දැනගත් වහාම වෙනත් පැත්තකට වෙනත් දෙසකට ඔහුගේ මුහුණ හැරවිය යුතු බව ඔහුට නියෝග කළහ. එවිට ඔහු කෙරෙහි පාපයක් නො පිහිටනු ඇත.