+ -

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : « سَيْحَانُ وَجَيْحَانُ وَالفُرَاتُ والنِّيل كلٌّ من أنهار الجنة».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයේ හදීසයකි.“සයිහාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන මේ සියල්ල ස්වර්ග ගංගාවන් අතුරිනි.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙලොවෙහි පිහිටා ඇති සය්හාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන ගංගාවන් හතර ස්වර්ගයේ ගංගාවන් අතුරින් වන බව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වර්ණනා කළහ. ඇතැම් විද්වත්හු පවසන අන්දමින්, සැබෑ ලෙසින්ම ඒවා ස්වර්ගයේ ගංගාවන්ය. නමුත් මෙලොවට පහළ කරනු ලැබූ කල්හි මෙලොවෙහි ගංගාවන් ඒ මත ගලා ගොස් ඒවා මෙලොවෙහි ගංගාවන් බවට පත් වී ඇති බවයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර