عَنْ عُمَرَ بْنِ الخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ:
أَنَّ رَجُلًا عَلَى عَهْدِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ اسْمُهُ عَبْدَ اللَّهِ، وَكَانَ يُلَقَّبُ حِمَارًا، وَكَانَ يُضْحِكُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ جَلَدَهُ فِي الشَّرَابِ، فَأُتِيَ بِهِ يَوْمًا فَأَمَرَ بِهِ فَجُلِدَ، فَقَالَ رَجُلٌ مِنَ القَوْمِ: اللَّهُمَّ الْعَنْهُ، مَا أَكْثَرَ مَا يُؤْتَى بِهِ؟ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ تَلْعَنُوهُ، فَوَاللَّهِ مَا عَلِمْتُ أَنَّهُ يُحِبُّ اللَّهَ وَرَسُولَهُ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6780]
المزيــد ...
උමර් ඉබ්නුල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සමයේ අබ්දුල්ලාහ් නම් කෙනෙකු විය. ඔහුට හිමාර් යනුවෙන් නම් තබන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහු ගැන සිනහසෙන්නට වූහ. ඔහු මත් පැන් පානය කිරීම හේතුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට කස පහර දීම නියම කර තිබුණි. දිනක් මත්පැන් පානය කළ ඔහුව ගෙන්වා ඔහුට කසපහර දෙන ලදී. එවිට එම පිරිසෙන් කෙනෙකු: 'අල්ලාහ් ඔහු විනාශ කරත්වා! කොපමණ වාරයක් ඔහුව ගෙන්වන ලැබුවේ ද! එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ ඔහුට ශාප නො කරනු. අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ප්‍රිය කරන්නෙක් ලෙස මිස මා ඔහු හඳුනන්නේ නැත."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 6780]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ හිමාර් යනුවෙන් නම් තබන ලද අබ්දුල්ලාහ් යන නමින් මිනිසකු විය. ඔහුගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවා සිනහසෙන්නට වූහ. මත් පැන් පානය කිරීම හේතුවෙන් එතුමාණෝ ඔහුට කස පහර දීම නියම කර තිබුණි. දිනක් මත්පැන් පානය කළ ඔහුව ගෙන්වා ඔහුට කසපහර දෙන මෙන් නියෝග කළහ. පසුව එය ක්‍රියාත්මක කරන ලදී. එහි සහභාගී වී සිටි අයකු ඔහුට දොස් නගමින් "මත්පැන් පානය කර කොපමණ වාරයක් මෙහි පැමිණ තිබේ ද? ඔහුට අල්ලාහ්ගේ ශාපය අත්වේවා" යැයි පවසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් "ඔහුට එරෙහිව අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපාලීමට ප්‍රාර් ථනා නොකරන්න. සැබැවින්ම ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ආදරය කරන වග මිස වෙනත් දෙයක් මා හඳුනන්නේ නැත." යැයි පවසා සිටියහ.