عَنْ أَبِي ثَعْلَبَةَ الخُشَنِيِّ جُرْثُومِ بن نَاشِرٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَال:
«إِنَّ اللَّهَ فَرَضَ فَرَائِضَ فَلَا تُضَيِّعُوهَا، وَحَدَّ حُدُودًا فَلَا تَعْتَدُوهَا، وَحَرَّمَ أَشْيَاءَ فَلَا تَنْتَهِكُوهَا، وَسَكَتَ عَنْ أَشْيَاءَ رَحْمَةً لَكُمْ غَيْرَ نِسْيَانٍ فَلَا تَبْحَثُوا عَنْهَا».
[قال النووي: حديث حسن] - [رواه الدارقطني في سننه، وغيره] - [الأربعون النووية: 30]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළ බව අබූ සඃලබා අල්-හුෂනී ජුර්සූම් බින් නාෂිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"නියත වශයෙන්ම අල්ලාහ් වගකීම් අනිවාර්යය කර ඇත. ඒවා පැහැර නොහැරිය යුතු ය. ඔහු සීමාවන් පනවා ඇත. ඒවා ඔබ ඉක්මවා නොයා යුතුය. ඇතැම් කරුණු තහනම් කර ඇත. ඒවා උල්ලංඝනය නොකළ යුතුය. ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිහඬ වී ඇත. ඒවා අමතකවීමෙන් නොව ඔබට පිරිනමා ඇති ආශිර්වාදයක් ලෙසය. එබැවින් ඒ ගැන විමර්ශනය නොකරන්න."
[قال النووي: حديث حسن] - [رواه الدارقطني في سننه وغيره] - [الأربعون النووية - 30]
නියත වශයෙන්ම අල්ලාහ් ඇතැම් කරුණු අණිවාර්යය කර ඇත. එමෙන්ම ඇතැම් වගකීම් ද අනිවාර්යය කර ඇත. ඒවා පිළිපැදිය යුතුය. මග හැරීමෙන් හෝ නොසැලකිලිමත්කමින් හෝ ඒවා අතපසු නොකළ යුතුය. තවද ඔහු ඔබට බාධක සහ සීමාවන් නියම කර ඇත. එමඟින් ඔහු අනුමත නොකරන දේ කිරීමෙන් ඔබව දුරස් කරන අතර ඉන් ඔබව වළක්වයි. අල්ලාහ් කවර කරුණක් ආගමානුගත කර තිබේ ද ඊට අමතරව කිසිවක් නොකළ යුතුය. ඇතැම් කරුණු තහනම් කර ඇත. ඒවා පරිහරණය නොකළ යුතු අතර ඒ වෙත සමීප නොවිය යුතුය. ඒ හැර, කිසිවක් පවසා නැති එමෙන්ම නිහඩ ව සිටි ඇති කරුණු තම ගැත්තන් වෙත අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාදයයි. එය මූලික වශයෙන් අනුමතව පවතින අතර ඒ ගැන විමර්ශනයක් සිදු කළ යුතු නැත.