عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ:
كُنَّا فِي غَزَاةٍ فَكَسَعَ رَجُلٌ مِنَ المُهَاجِرِينَ رَجُلًا مِنَ الأَنْصَارِ، فَقَالَ الأَنْصَارِيُّ: يَا لَلْأَنْصَارِ، وَقَالَ المُهَاجِرِيُّ: يَا لَلْمُهَاجِرِينَ، فَسَمَّعَهَا اللَّهُ رَسُولَهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا هَذَا؟» فَقَالُوا: كَسَعَ رَجُلٌ مِنَ المُهَاجِرِينَ رَجُلًا مِنَ الأَنْصَارِ، فَقَالَ الأَنْصَارِيُّ: يَا لَلْأَنْصَارِ، وَقَالَ المُهَاجِرِيُّ: يَا لَلْمُهَاجِرِينَ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «دَعُوهَا فَإِنَّهَا مُنْتِنَةٌ» قَالَ جَابِرٌ: وَكَانَتِ الأَنْصَارُ حِينَ قَدِمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَكْثَرَ، ثُمَّ كَثُرَ المُهَاجِرُونَ بَعْدُ، فَقَالَ عَبْدُ اللَّهِ بْنُ أُبَيٍّ: أَوَقَدْ فَعَلُوا، وَاللَّهِ لَئِنْ رَجَعْنَا إِلَى المَدِينَةِ لَيُخْرِجَنَّ الأَعَزُّ مِنْهَا الأَذَلَّ، فَقَالَ عُمَرُ بْنُ الخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ: دَعْنِي يَا رَسُولَ اللَّهِ أَضْرِبُ عُنُقَ هَذَا المُنَافِقِ، قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «دَعْهُ، لاَ يَتَحَدَّثُ النَّاسُ أَنَّ مُحَمَّدًا يَقْتُلُ أَصْحَابَهُ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 4907]
المزيــد ...
ජාබිර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
අපි යුද්දයකට සහභාගී වී සිටියෙමු. මුහාජිරීන් අතරින් පුද්ගලයෙක් අන්සාර් වරුන් අතරින් පුද්ගලයකුට පහරක් දුන්නේය. එවිට අන්සාරිවරයා: අහෝ අන්සාරිවරුනි, යැයි ඇමතූ අතර මුහාජිර් වරයා: අහෝ මුහාජිර් වරුනි, යැයි ඇමතුවේය. අල්ලාහ් එය තම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ඇහෙන්නට සැළැස්වීය. එතුමණෝ: "මේ කුමක් ද?" යැයි විමසූහ. එවිට ඔවුහු මුහාජිරින් වරුන් අතරින් පුද්ගලයෙක් අන්සාර් වරුන් අතරින් පුද්ගලයකුගේ පසුපසට පහර දුන් බවත් අන්සාර් වරයා: අහෝ අන්සාර් වරුනි, යැයි ද මුහාජිර් වරයා: අහෝ මුහාජිර් වරුනි, යැයි ද ඇමතූ බවත් පවසා සිටියෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "එය අත්හැර දමන්න. සැබැවින්ම එය දුර් ගන්ධයකි" යැයි පැවසූහ. ජාබිර් තුමා මෙසේ පැවසීය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි විට අන්සාරිවරුන් බහුලව සිටි අතර ඉන් පසුව මුහාජිර් වරුන්ගේ සංඛ්‍යාව වැඩි වැඩිවන්නට විය. එවිට අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි: "ගිනි ඇවිලී ඇත. ඔවුන් මෙසේ සිදු කළේ ද? අල්ලාහ් මත දිවුරා පවසමි. අපි මදීනාවට හැරී ගියේ නම්, ප්‍රභූවරුන් පහත් අයව ඉන් පිටුවහල් කළ යුතු වේ" යැයි පැවසීය. එවිට උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, එම කුහකයාගේ ගෙල සිදලන්නට මා අත්හරින්න" යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා. "ඔහුව අත්හරින්න. මුහම්මද් තම සගයින් මරා දමන බවට මිනිසුන් කතා නොකළ යුතුය" යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 4907]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එක්තරා යුද්ධයක් සඳහා පිටත්ව යමින් සිටියහ. එතුමාණන් සමග මුහාජිර් මෙන්ම අන්සාරි සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) ද වූහ. මුහාජිර් වරුන්ගෙන් පුද්ගලයෙක් අන්සාර් වරුන් ගෙන් පුද්ගලයකුට තම අතින් පසුපසට පහර දුන්නේය. එවිට අන්සාරිවරයා අහෝ අන්සාරිවරුනි, මට උපකාර කරන්න යැයි පවසා සිටි අතර මුහාජිර් වරයා ද අහෝ මුහාජිර් වරුනි, මට උපකාර කරන්න යැයි පවසා සිටියේය. එය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කණට වැකී එතුමාණෝ: මේ මොකක්ද? යැයි විමසූහ. එවිට ඔවුහු මුහාජිර් වරුන්ගෙන් කෙනෙක් අන්සාර් වරුන්ගෙන් කෙනෙකුගේ පසුපසට අතින් පහරක් දී ඇත. එහෙයින් අන්සාරිවරයා අහෝ අන්සාරිවරුනි, මට උදව් කරනු යැයි ද මුහාජිර් වරයා ද අහෝ මුහාජිර් වරුනි, මට උදව් කරනු යැයි පවසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: මෙම පූර් ව ඉස්ලාමීය මෝඩ පුරුද්ද අත්හරින්න. මක්නිසාදයත් එය අශික්ෂිතය පීඩාකාරීය පිළිකුල් සහගතය. එනම් මිනිසෙකු තම විරුද්ධවාදියා විසින් පරාජය කරන විට, ඔහු තම ජනතාව අමතයි. ඔවුන් නොදැනුවත්කම සහ උමතුවෙන් - පීඩකයා හෝ පීඩිතයා වේවා ඔහුගේ සහයට යුහුසුළුව පැමිණෙති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි අවස්ථාවේ අන්සාර් වරුන් මුහාජිර් වරුන්ට වඩා අධිකව සිටි අතර ඉන් පසුව මුහාජිර් වරුන්ගේ සංඛ්‍යාව වැඩි විය. කුහකයින්ගේ ප්‍රධානියෙකු වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි ඉබ්නු සලූල් මෙසේ පැවසීය: "ගිනි ඇවිළී ඇත. කාරණය මේ සීමාව දක්වා පැමිණියේ ද? අල්ලාහ් මත දිවුරා පවසමි. අපි මදීනාවට හැරී ගියේ නම් ප්‍රභූවරුන් -තමන් හා තමන් සමග වූවන් ගැන කියමින්- මදීනාවේ සිටින පහත් අය -නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා ඔහු සමග සිටින්නන්- ඵලවා හැරිය යුතුය." එවිට උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මට ඉඩ දෙන්න මම ඒ කුහකයාගේ ගෙල සිදලන්නම් යැයි පැවසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "ඔහුව අත්හරින්න. සැබැවින්ම මුහම්මද් ඔහුගේ අනුගාමිකයින් මරා දමන බවට මතුපිටින් හෝ මිනිසුන් කතා නොකළ යුතුය."