عن ابن عمر رضي الله عنهما أن النبي صلى الله عليه وسلم قال: «من ضرب غلاما له حدا لم يأته، أو لَطَمَه، فإن كفارته أن يعتقه».  
                        
[صحيح] - [رواه مسلم]
                        
 المزيــد ... 
                    
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් - තුමා ප්රකාශ කළ බව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. " නොකළ වරදකට තමන් සතු වහල් කොළුවකුට පහර දුන්නේ නම් හෝ ඔහුට කම්මුලට පහර දුන්නේ නම් හෝ එවිට එහි ප්රතිකර්මය ඔහුව නිදහස් කිරීමය." 
                                                     
                                                                                                    
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]                                            
දඬුවම් දීමට සුදුසු නොවන පාපයක් සිදු කිරීම හේතුවෙන් හෝ කසපහර අනිවාර්යය නොවන වරදක් සිදු කිරීම හේතුවෙන් කවරෙකු වහල් දරුවකුට පහර දුන්නේ ද එවිට එම පාපය සඳහා වූ කෆ්ෆාරා හෙවත් ප්රතිකර්මය වනුයේ ඔහුව නිදහස් කිරීමය.