عن أبي الدرداء رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «إِنَّ اللَّعَّانِين لا يَكُونُونَ شُفَعَاءَ، وَلا شُهَداءَ يَوْمَ القِيَامةِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“නියත වශෙයන්ම ශාප කරන්නන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත්වන්නන් ලෙස හෝ සාක්ෂිකරුවන් ලෙස හෝ නොවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ අධික වශයෙන් ශාප කිරීම පිළිබඳ වූ අවවාදය පැමිණ ඇත. කවරෙකු අධික වශයෙන් ශාප කරන්නේ ද අල්ලාහ් අබියස ඔහුට කිසිදු නිලයක් නැත. මෙලොවෙහි ඔවුන්ගේ මැදිහත් වීම ද භාර ගනු නොලබනු ඇත. හේතුව නියත වශයෙන්ම ඔවුන් යුක්ති ගරුක නොවන නිසාවෙනි. සාක්ෂිය පිළිගනු ලබනුයේ සාධාරණත්වය මතය. එමෙන්ම තම සහෝදරයන් විෂයයෙහි ඔවුන් ස්වර්ගයට පිවිසීම සඳහා ඔවුන් වෙනුවෙන් කරන්නා වූ මැදිහත් වීම ද පිළිගනු නොලබනු ඇත. ඔවුන්ගේ සාක්ෂීන් පවා මතුලොවෙහි පිළිගනු නොලබනු ඇත. තවදුරටත් පවසනවා නම් පෙර ඉකුත්වී ගිය ජන සමූහයන් වෙනුවෙන් තම රසූල්වරු දූත පණිවිඩය තමන් වෙත දන්වා සිටීම සම්බන්ධයෙන් වූ මොවුන්ගේ මැදිහත් වීම ද පිළිගනු නොලබනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර