عن أبي هريرة رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال: «الْمُؤْمِنُ مِرْآةُ أَخِيهِ الْمُؤْمِنِ».
[إسناده حسن] - [رواه أبو داود والترمذي]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. - මර්ෆූඃ ගණයට අයත් හදීසයකි - දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නා, දෙවියන් කෙරෙහි විශ්වාස තබන තම සහෝදරයාගේ කැඩපතකි.
මෙහි වාර්තා සම්බන්ධතාව හසන් ගණයට අයත්ය. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ නබි තුමාගේ පැහැදිළි වර්ණනාවක් හා පැහැදිලි උපමාවක් සඳහන්ව ඇත. තම මුස්ලිම් සහෝදරයා සම්බන්ධයෙන් මුස්ලිම්වරයකුගේ ස්ථාවරය එතුමා පැහැදිලි කරයි. එමෙන්ම ඔහුට කළ යුතු යුතුකම් නියම කරයි. ඒ අනුව ඔහු දැහැමි ගතිගුණ වෙත ඔහුට මඟ පෙන්වා ඔහු එය සිදු කරයි. නපුරුගති ගුණ ඔහුට පෙන්වා දී එයින් ඔහු වැළකෙයි. ඔහු ඔහුට සැබෑ ස්වරෑපය දකින කැඩපත මෙනි. දේව විශ්වාසවන්තයාට උපදෙස් දීමේ අනිවාර්යභාවයට මෙය උපකාරී වෙයි. තම සහෝදරයාගේ අඩුපාඩුවක් හො වරදක් දුටු විට ඒ පිළිබඳ සැළකර සිටියි. එය නිවැරැදි කර ගන්නට මග පෙන්වයි. නමුත් එය ඔහු හා මොහු අතර පමණි. හේතුව ප්රසිද්ධියේ පිරිසක් අතර එසේ උපදෙස් දීම අශීලාචාර දෙයක් වන බැවිනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර