عن النعمان بن بشير رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «إن الدعاء هو العبادة». ومن حديث أنس رضي الله عنه بلفظ: «الدعاء مُخُّ العبادة».
[حديث النعمان بن بشير: صحيح. حديث أنس بن مالك: ضعيف] - [حديث النعمان -رضي الله عنه-: رواه أبو داود والترمذي وابن ماجه وأحمد. حديث أنس -رضي الله عنه-: رواه الترمذي]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම ප්රාර්ථනාව වනාහි එයයි නැමදුම.” අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක "c2">“ප්රාර්ථනාව නැමදුමෙහි මූලය වේ.” යන පද මාළාවෙන් සඳහන් වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

‘ප්රාර්ථනාව වනාහි එයයි නැමදුම’ යන ප්රකාශය වනාහි, එය අල්ලාහ්ගේ මැවීම් ඔහුට කරන නැමදුම්වල මූලය ඔහුගෙන් ප්රාර්ථනා කර සිටීම බව පෙන්වා දෙයි. ඊට හේතුව සැබැවින්ම මිනිසා අල්ලාහ් හැර සෙසු සියලු දෑ ගැන බලාපොරොත්තු සුන් වී; නොහැකියාව ඉස්මතු වී; ප්රාර්ථනා කරමින් ඔහුගේ පරමාධිපති වෙත තනිවී; තම හදවත ඔහු වෙත හැර වෙනත් කෙනෙකු වෙත යොමු නොකරන්නේ ද සැබැවින්ම ඔහු උත්තරීතර අල්ලාහ්ව පූර්ණව පිළිගනු ඇත. ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරු ලැබෙන්නේය. සැබැවින්ම ඔහු සියලු දෑ නිරීක්ෂා කරන; සර්ව ශ්රාවකය. නැමදුමෙහි යථාර්ථය හා ඒක දේව වාදයේ සාරය මෙයයි. ‘ප්රාර්ථනාව නැමදුමෙහි මූලය වේ’ යන ප්රකාශයේ වනාහි, නැමදුමෙහි අවංකභාවය හා එහි ජීවය වනාහි ඒවා හැර නැමදුමක් ක්රියාත්මක වන්නේ නැත. එය ප්රාර්ථනාවයි. එය මොළය නොමැතිව මිනිසා ක්රියාත්මක නොවන්නාක් සේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. සැබැවින්ම ප්රාර්ථනාව යනු විවිධ නැමදුම් වර්ග අතරින් අති වැදගත් නැමදුමකි.
  2. සැබැවින්ම ප්රාර්ථනාව නැමදුමෙහි මූලයයි. එහි ප්රාණයයි. එයින් තොරව එය පිහිටන්නේ නැත.
  3. ප්රාර්ථනා කිරීමට උනන්දු කරවීම.
  4. සෑම අවස්ථාවකම ප්රාර්ථනා කිරීමට උනන්දු කරවීම. එය අල්ලාහ් ඉදිරියේ බැගෑපත්වීම දිවෙන් මෙනෙහි කිරීම යන කරුණු එහි එකතුව ඇති බැවිණි.
  5. සැබැවින්ම ප්රාර්ථනාව වනාහි, එය නැමදුමෙහි යථාර්ථය, පරමාධිපතිගේ පොහොසත්කම හා බලය පිළිගැනීම මෙන්ම ගැත්තා ඔහු වෙත බැගෑපත් වීම යනාදිය ඇතුළත් කරගෙන ඇත.
  6. සැබැවින්ම ප්රාර්ථනාව ගැත්තාට තම පරමාධිපතිගේ සමීපතාව වර්ධනය කරන අතරම ඔහු සත්යය බවත් සියලු දෑ දැනුමෙන් ඔහු ග්රහණය කර ඇති බවත් ගැත්තාගේ නොහැකියාවත් පිළිගැනීම වර්ධනය කරයි.
අමතර