عن أبي هريرة رضي الله عنه مرفوعاً: «من خَبَّبَ زوجة امْرِئٍ أو مَمْلُوكَهُ فليس مِنَّا».
[صحيح] - [رواه أبو داود]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“කවරෙකු යම් කෙනෙකුගේ බිරියට හෝ ඔහුගේ වහලෙකුට ද්රෝහිකම් කළේ ද ඔහු අප අතරින් නොවන්නේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

කවරෙකු කාන්තාවක් ඇයගේ සැමියාට එරෙහිව නපුරුකම් කිරීම සඳහා පොළඹවන්නේ ද එසේ නපුරුකම් කරන්නා පිරිමියෙකු හෝ වේවා! කාන්තාවක හෝ වේවා! එනම් ඇයගේ සැමියාව ඇය පිළිකුල් කරන තරමට ඔහු ගැන ඇය සැක කරන තරමට දික්කසාද වීමෙන් ඔහුගෙන් ඇය වෙන්වන තරමට ඇයගේ ස්වාමියගේ නපුරුකම් ඇය ඉදිරියේ මෙනෙහි කරමින් අර්බුධ ඇති කිරීමෙනි. එසේ නැතහොත් යම් පුද්ගලයකුගේ වහලාට ද්රෝහිකම් කරමින් තම ස්වාමියාව සැක කරන තරමට ඔහු සමග ඔහු නපුරු අයුරින් කටයුතු කරන තරමට ඔහු සමග ක්රියා කරන්නේ ද එවැන්නන් සම්බන්ධයෙන් මෙම දැඩි අවවාදය පැමිණ ඇත. සැබැවින්ම මෙම දැඩි අවවාදය සැබැවින්ම මෙම පාපය මහා පාපයක් බවත් මෙම අවවාදය හා තරවටු කිරීම ප්රයෝජනවත් වන බවත් පෙන්වා දෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර