عَنْ أَبِي ذَرٍّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«لاَ يَرْمِي رَجُلٌ رَجُلًا بِالفُسُوقِ، وَلاَ يَرْمِيهِ بِالكُفْرِ، إِلَّا ارْتَدَّتْ عَلَيْهِ، إِنْ لَمْ يَكُنْ صَاحِبُهُ كَذَلِكَ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6045]
المزيــد ...
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.:
“මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන චෝදනා නොකළ යුතුයි. දේව ප්‍රතික්ෂේප (කුෆ්ර්) ගැන චෝදනා නොකළ යුතුයි. (එසේ චෝදනාවට ලක්වූ) අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය ඔහු වෙතම හැරී එනු ඇත.”
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 6045]
'ඔබ දුෂ්ඨයෙක්' හෝ 'ඔබ කාෆිර්' යැයි කෙනෙක් තවත් කෙනෙකුට පැවසීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. ඔහු පවසා සිටි දෑ අනෙකා තුළ නොමැති නම් ඔහු සඳහන් කළ ගුණාංගයට සුදුස්සා බවට ඔහුම පත්වනු ඇත. ඔහුගේ ප්‍රකාශය ඔහුට එරෙහිව පිහිටනු ඇත. ඔහු පැවසූ පරිදි සැබෑ වූයේ නම්, ඔහු පවසා සිටි දෑ සත්‍යය බැවින් ඔහුට එරෙහිව කිසිවක් පිහිටන්නේ නැත.