නබි වදන් ලැයිස්තුව

නුඹලාට කුමක් වීද? වීදිවල වාඩී වී කතා කරන සභාවන්ට කුමක් වීද? වීදිවල වාඩිවී කතා කරන සභාවන්ගෙන් ඔබ වැළකී සිටින්න.
عربي الإنجليزية الأوردية
කාමයේ වරදවා හැසිරීමෙන් තමන්ට හිමි කොටස ආදම්ගේ පුතණුවන්ට නියම කරන ලදී. කිසිදු සැකයකින් තොරව ඔහු එය හිමි කර ගනී. දෑස් වනාහි ඒ දෙක කාමයේ වරදවා හැසිරීම යනු බැල්ම හෙළීමය. දෙකන් වනාහි ඒ දෙක කාමයේ වරදවා හැසිරීම යනු ඇසීමය. දිව එය කාමයේ වරදවා හැසිරීම යනු කතා කිරීමය. අත, එය කාමයේ වරදවා හැසිරීම යනු ඇල්ලීමය. පාදය, එය කාමයේ වරදවා හැසිරීම යනු පියවර තැබීමය. සිත ආශා කරයි. ප්රිය කරයි. ලිංගික අවයව එය තහවුරු කරයි. එසේ නොවේ නම් එය බොරු කරයි.
عربي الإنجليزية الأوردية
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා අතර මුළින්ම තීන්දු දෙනු ලබනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ මිනිසාටය. ඔහු කැඳවා ගෙන එනු ලැබ, ඔහුට හිමි ආශිර්වාදයන් ඔහුට දන්වා සිටියි. එවිට ඔහු එය හඳුනා ගනී. මෙහි කුමක් සිදු කළෙහිද යැයි විමසයි. එවිට ඔහු: මම දිවි පුදන තෙක් ඔබ වෙනුවෙන් සටන් කළෙමි යැයි පවසයි.
عربي الإنجليزية الأوردية
යහපත් කටයුත්තක් සිදු කොට ජනයා ඔහුව ප්රශංසා කරන මිනිසෙකු ඔබ දුටුවෙහි ද? එය මුඃමින්වරයාට කල්තියා පෙරාතුවම ලැබෙන සුභාශිංසනයයි යැයි පවසා සිටියහ.
عربي الإنجليزية الأوردية
දිවිපිදූවන්ගේ බිරියන්ගේ ගෞරවය රැඳීසිටින්නන් හට ඔවුන්ගේ මව්වරුන්ගේ ගෞරවය මෙනි.
عربي الإنجليزية الأوردية
එය මුළුමණින්ම බානු. එසේ නැතිනම් එය මුළුමණින්ම අතහැර දමනු.
عربي الإنجليزية الأوردية
ඔබ අතුරින් කිසිවකුගේ පාවහන් පටිය කැඩී ගිය විට එය සකසා ගන්නා තෙක් අනෙක් පාවහන පැළඳ ගමන් නොකළ යුතුය.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් වර්ණ නොගන්වති. එහෙයින් ඔවුනට වෙනස් අයුරින් ඔබලා කටයුතු කරනු.
عربي الإنجليزية الأوردية
ඔබලා මෙය වෙනස් කර ගනු. කළු පැහැ ගැන්වීමෙන් වළකිනු.
عربي الإنجليزية الأوردية
අද දිනට පසුව මාගේ සහෝදරයා වෙත නොඅඬනු.
عربي الإنجليزية الأوردية
සුදු කෙස් උදුරා නොදමනු. සැබැවින් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුස්ලිම්වරයාගේ ආලෝකයයි.
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ අගුණ බලන්නෙකු නොවූහ.
عربي الإنجليزية الأوردية
නුඹලා නින්දට යන අවස්ථාවේ නුඹලාගේ නිවෙස් තුළ දැල්වෙන ගින්දර අත්හැර නොදමනු.
عربي الإنجليزية الأوردية
අහෝ ජනයිනි, කවරෙකු යමක් ගැන දන්නේද එය පවසා සිටිත්වා. කවරෙකු නොදන්නේද ඔහු අල්ලාහු අඃලම් (මැනවින් දන්නා අල්ලාහ් වේ) යැයි පවසා සිටිත්වා. තමන් නොදන්නා දෑට මැනවින් දන්නා අල්ලාහ් වේ යැයි පවසා සිටීම දැනුම අතුරින් වූවකි.
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මිනිසෙකු සිටගනිමින් පාවහන් පැළඳීම තහනම් කළහ.
عربي الإنجليزية الأوردية
සීනුව ෂෙය්තාන්ගේ සංගීත භාණ්ඩයක් වේ.
عربي الإنجليزية الأوردية
මෙම රූපය නිර්මාණය කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනාවට ලක් කරනු ලබති. එමෙන්ම ඔබ නිර්මාණය කළ දෑට පණ දෙනු යැයි ඔවුන් පවසනු ලබති.
عربي الإنجليزية الأوردية
ඔබ දෙදෙනා මෙම ප්රදේශයේ උදවිය වූයෙහු නම්, මම ඔබ දෙපළට දඬුවම් කර ඇත්තෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මස්ජිදයේ ඔබ දෙපළ හඬ නගන්නෙහුය.
عربي الإنجليزية الأوردية
අහෝ ජනයිනි! ඔබ පැලවර්ග දෙකක් අනුභව කරන්නෙහුය. ඒ දෙක පිළිකුල් සහගත ලෙස මිස මම නොදකිමි. එනම්, ලූනු හා සුදු ලූනු.
عربي الإنجليزية الأوردية
ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටිය දී දණිස් සිටුවා පාද උදරයට තුරුල් කර ගනිමින් පසුපස පැත්තෙන් වාඩිවීමෙන් නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ.
عربي الإنجليزية الأوردية
اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به අහෝ අල්ලාහ් සැබැවින්ම මම එහි යහපතද ඒ තුළ ඇති යහපතද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි යහපතද මම ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.
عربي الإنجليزية الأوردية
සුළඟ අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් වූවකි. එය ආශිර්වාදය ගෙන එයි. එමෙන්ම දඬුවමද ගෙන එයි. එහෙයින් ඔබ එය දුටුවෙහු නම්, එයට නොබනිනු. එහි යහපත අල්ලාහ්ගෙන් ඉල්ලනු. එහි නපුරින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.
عربي الإنجليزية الأوردية
ව්යාපාරයේ අධික වශයෙන් දිවුරා සිටීමෙන් මම නුඹලාට අවවාද කරමි. නියත වශයෙන්ම එය අඩු කර දමයි. පසුව විනාශ කර දමයි.
عربي الإنجليزية الأوردية
උණට බැණ නොවදිනු. සැබැවින්ම එය යකඩයක බැඳුණු මළ මයිනහම ඉවත් කරනවාක් මෙන් ආදම්ගේ දරුවන්ගේ පාපයන් ඉවත් කරනු ඇත.
عربي الإنجليزية الأوردية
කුහකයාට නායකයකු යැයි නුඹලා නොපවසනු. හේතුව සැබැවින්ම ඔහු නායකයකු වී නම් නුඹලා නුඹලාගේ පරමාධිපති කෝප කළෙහුය.
عربي الإنجليزية الأوردية
ඔබ අතුරින් කිසිවකු හෝ තම පවුල සම්බන්ධෙයන් දිවුරා සිටීමෙහි ඉක්මවා යෑම, අල්ලාහ් අනිවාර්යය කළ කෆ්ෆාරා (ප්රතිකර්මය) පිරිනැමීමට වඩා අල්ලාහ් අභියස එය බරපතල පාපයකි.
عربي الإنجليزية الأوردية
කවරෙකු මම ඉස්ලාමයෙන් ඉවත් වන්නෙක්මි යැයි පවසා (යමක් සම්බන්ධයෙන්) දිවුරා සිටියේ ද, ඔහු බොරු කාරයෙක් නම් ඔහු කියූ පරිදිම එය වනු ඇත. ඔහු සත්යවාදියෙකු නම් ඔහු ඉස්ලාමය වෙත සුරක්ෂිතව නැවත යොමු වන්නේ නැත.
عربي الإنجليزية الأوردية
ඔබ අතරින් කිසිවකු හෝ තම පවුල වෙත පැමිණ, පසුව ඇය වෙත නැවතත් යොමු වීමට අපේක්ෂා කළ විට ඒ දෙක අතර වුළූ ධෝවනය ඉටු කරත්වා.
عربي الإنجليزية الأوردية
කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද එමගින් එය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.
عربي الإنجليزية الأوردية
මූත්රා කිරීමෙන් පසු නුඹලා පිරිසිදු කර ගන්න. සැබැවින්ම මිණීවල තුළ පොදු වූ දඬුවම වනුයේ ඒ ගැනය.
عربي الإنجليزية الأوردية
ශාපයට ලක්වන කරුණු දෙකක් පිළිබඳ නුඹලා බියවනු. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! ශාපයට ලක්වන කරුණු දෙක මොනවාද?” යැයි විමසුවෝය. එතුමා: “ජනයාගේ මාර්ගයේ හෝ ඔවුන්ගේ හෙවණෙහි වැසිකිලි කැසිකිලි යාම” යැයි පැවසූහ.
عربي الإنجليزية الأوردية
චී,චී,එය විසිකරනු.සැබැවින්ම අපි සකාත් දෑ අනුභව නොකළ යුතු බව ඔබ නොදන්නෙහි ද?
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ ඇඟිලි හා ආහාර තැටිය පිසදා අනුභව කරන මෙන් නියෝග කොට, නියත වශයෙක් බරකත් හෙවත් අභිවෘද්ධිය ඇත්තේ කවර දෙයක දැයි ඔබ නොදන්නෙහුය යැයි පවසා සිටියහ.
عربي الإنجليزية الأوردية
මාසයේ දින තුනක් බැගින් උපවාසයේ ඔබ නිරත වන විට දහ තුන, දහ හතර හා පහළොව යන දිනයන්හි උපවාසය රකින්න.
عربي الإنجليزية الأوردية
සලාතය සඳහා ඇරයුම් කරනු ලබන විට ෂෙය්තාන් පසුපස හැරී පළා යනු ඇත.
عربي الإنجليزية الأوردية
අල් කුර්ආනයේ අති වැදගත් සූරාවක් මම ඔබට කියා දිය යුතු නොවේද?
عربي الإنجليزية الأوردية
මෙම රාත්රියේ පහළ කරනු ලැබූ වදන් ඔබ නොදුටුවෙහිද? ඒ හා සමාන වදන් කිසිවිටෙක දකින්නට නොවීය. කුල් අඌදු බිරබ්බිල් ෆලක්, කුල් අඌදු බිරබ්බින් නාස්.
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම අල්ලාහ් දැනුම ජනයා අතුරින් උගුලා එය අත්පත් කර ගන්නේ නැත. නමුත් දැනුම අත්පත් කර ගනුයේ විද්වතුන් අත්පත් කර ගැනීමෙනි.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම කාෆිර් හෙවත් දේව ප්රතික්ෂේපකයා යම් යහපතක් සිදු කළ විට, ඒ හේතුවෙන් මෙලොවෙහි ආහාරයක් ඔහුට ආහාර වශයෙන් පිරිනමනු ලැබේ. නමුත් මුඃමින් හෙවත් දේව විශ්වාසවන්තයා වනාහි, සැබැවින්ම අල්ලාහ් මතුලොවෙහි ඔහු වෙනුවෙන් ඔහුගේ යහපත් දෑ රැස්කර තබා ඇත. ඔහුට අවනත වූ බැවින් මෙලොවෙහිදී ද පෝෂණයක් ඔහුට පිරිනමනු ඇත.
عربي الإنجليزية الأوردية
මෙම පුස්තකය තුළින් අල්ලාහ් ඇතැම් කණ්ඩායම් උසස් කරන අතර.තවත් පිරිසක් එමගින් පහත් කරවයි.
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගුවන් ගමන් කරවනු ලබන දින රාත්රියේ බඳුන් දෙකක් ගෙන එන ලදී.
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ආෂූරා දිනයේ උපවාසයේ නිරත වූහ.
عربي الإنجليزية الأوردية
අපා වාසීන්ගෙන් ඉන් බැහැරට එන අවසානයා ගැනත් එමෙන්ම ස්වර්ග වාසීන්ගෙන් එය තුළට පිවිසෙන අවසානයා ගැනත් සැබැවින්ම මම මැනවින් දනිමි. නිරයෙන් බැහැර වී බඩගාමින් එන මිනිසෙකි. එවිට අල්ලාහ් ඔහුට මෙසේ පවසනු ඇත. “ඔබ යනු. ස්වර්ගයට පිවිසෙනු. පසුව ඔහු ඒ වෙත පැමිණෙයි. සැබැවින්ම එය පිරී පවතිනු ඇතැයි ඔහු හිතෙන් මවා ගනියි. පසුව නැවත හැරී ඇවිත් ‘මාගේ පරමාධිපතියාණනි! එය පිරී තිබෙනු මම දුටුමි.
عربي الإنجليزية الأوردية
වළාකුල තුළ මුළා නොවූ දහවලේ හිරු දැකීම නුඹලාට අපහසු වන්නේ ද? ඔවුහු: නැත යැයි පැවසුවෝය. වළාකුල තුළ මුළා නොව් පුර පසළොස්වක සඳ දැකීම නුඹලාට අපහසු වන්නේ ද?
عربي الإنجليزية الأوردية
අල්ලාහ් සතුව සියයට එකක් හැර, නාම අනූ නවයක් ඇත. එය වනපොත් කරන කිසිවෙකු ස්වර්ගයට පිවිසීම හැර වෙනත් කිසිවක් ඔහුට හිමි වන්නේ නැත. ඔහු කේවලය. ඔත්තේ දෑ ඔහු ප්රිය කරයි.
عربي الإنجليزية الأوردية
සලාතය මෙහෙයවන ඉමාම් යම් තත්ත්වයක සිටියදී ඔබ අතරින් කිසිවකු සලාතය සඳහා පැමිණි විට, සලාතය මෙහෙයවන ඉමාම් සිදු කරන දේ මෙන්ම ඔහු ද සිදු කළ යුතුය.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම්වලට ඉහළින් මාගේ ප්‍රජාව අතරින් මිනිසෙකු වෙන් කර හඳුනා ගනු ඇත
عربي الإنجليزية الأوردية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, කිසිදු කුඩා හෝ මහා පාපයක් සිදු නොකර ඒ කිසිවක් අත් නොහැරියෙමි". එතුමාණෝ: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔබ සාක්ෂි නොදැරුවෙහි ද?
عربي الإنجليزية الأوردية
සැබැවින්ම ඔහු කිසි දිනක 'මාගේ පරමාධිපතියාණනි, විනිශ්චය දිනයේ දී මාගේ වැරදි වලට මට සමාව දෙනු මැනව' යැයි පවසා සිටියේ නැත
عربي الإنجليزية الأوردية
සැබැවින්ම අප අතරින් කෙනෙක් ඒ ගැන කතා කිරීමට බරපතල සේ සලකන කරුණු අපගේ සිත් තුළ අපි දකින්නෙමු' යැයි පැවසුවෝය. එතුමාණෝ: "ඇත්තෙන්ම නුඹලා එසේ දකින්නෙහු ද?" යැයි විමසූහ. ඔවුන් "එසේය" යැයි කීවෝය. එවිට එතුමා, "එය ඊමානයේ සුපැහැදිලිතාවයි." යැයි පැවසුහ
عربي الإنجليزية الأوردية
අල් හම්දුලිල්ලාහිල්ලදී රද්ද කයිදහූ ඉලල් වස්වසති" (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, ෂෙයිතාන්ගේ කෙඳිරීම හටගත් විගස ඔහුගේ කුමන්ත්‍රණය ඔහු වෙතම යළි හරවා යැවූ තැනැත්තාටම සියලු ප්‍රශංසා) යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
ක්‍රියාවන් හයකි. මිනිසුන් සිව් දෙනෙකි. එසේ නම්, අනිවාර්යය කරන කරුණු දෙක, සමානයට සමානය, යහපතට ඒ හා සමාන දස ගුණය හා යහපතට හත්සීය ගුණය වේ
عربي الإنجليزية الأوردية
කුහකයාට උපමාව බැටළු රැළ දෙකක් අතර කලබලයෙන් සිටිනා බැටළුවෙකු මෙන් ය. විටෙක ඌ එක් රැළකට පැටලෙයි. තවත් විටෙක අනෙක් රැළට පැටලෙයි
عربي الإنجليزية الأوردية
දැනුම ඉවත් වීම, මෝඩකම් වැඩිවීම, කාම අපචාර වැඩිවීම, මත්පැන් පානය වැඩිවීම, පිරිමින් අඩු වීම සහ රැකබලා ගන්නා එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට කාන්තාවන් වැඩිවීම යනාදිය අවසන් හෝරාවේ සළකුණු අතරින් වෙති
عربي الإنجليزية الأوردية
ඔබ යුදෙව්වන් සමග සටන් කරන තෙක් අවසන් හෝරාව ක්‍රියාත්මක වන්නේ නැත. ගලට පසුපසින් සැඟවී සිටින යුදෙව්වා ගැන එම ගල මෙසේ පවසයි. අහෝ මුස්ලිම්වරය, මට පසුපසින් යුදෙව්වෙකු සිටියි. ඔහුව නසා දමනු
عربي الإنجليزية الأوردية
හිරු බටහිරින් උදාවන තෙක් අවසන් හෝරාව උදා වන්නේ නැත. එසේ උදා වූ විට සියලු දෙනාම (දේවත්වය) විශ්වාස කරන මිනිසුන් දකිනු ඇත
عربي الإنجليزية الأوردية
ඔබ අතරින් මා වෙත පැමිණෙනුයේ කවුරුන් දැයි එම ජල තටාකය මතට වී මම බලාපොරොත්තුවෙන් සිටින්නෙමි. මා සමීපයෙන්ම මිනිසුන් පිරිසක් ග්‍රහණය කරනු ලැබේ. එවිට මම "අහෝ පරමාධිපතියාණනි (ඔවුන්) මගෙන් මෙන්ම මාගේ සමූහයා අතරිනි
عربي الإنجليزية الأوردية
මුහම්මද්ගේ ජිවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. අහසේ ඇති තරු හා ග්‍රහ තාරකා වලට වඩා බහුල ව එහි භාජන තිබේ
عربي الإنجليزية الأوردية
සෑම දෙයක්ම පෙර නියමය අනුව පිහිටයි. නොහැකියාව සහ හැකියාව පවා නැතහොත් හැකියාව සහ නොහැකියාව පවා (එලෙසය.)
عربي الإنجليزية الأوردية
යම් භූමියක මිය යන්නට යම් ගැත්තෙකුට අල්ලාහ් තීන්දු කළ විට, ඒ වෙත යාමට අවශ්‍යතාවක් ඔහුට ඇති කරන්නේය
عربي الإنجليزية الأوردية
මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යමක් මෙනෙහි කරමින්: "එය දැනුම පහව යන කාලයේ සිදු වේ
عربي الإنجليزية الأوردية
ආගම් ලත් ජනයා සත්‍යය බව නොපවසනු. එමෙන්ම ඔවුන් බොරු යැයි ද නොපවසනු. ඒ වෙනුවට "අපි අල්ලාහ් හා අප වෙත පහළ කරනු ලැබූ දෑ විශ්වාස කළෙමු යැයි පවසනු
عربي الإنجليزية الأوردية
ඍජු මාර්ගයක් උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වයස අවුරුදු හතළිහේ දී එතුමාණන් වෙත දිව්‍ය පණිවිඩ පහළ කරනු ලැබීය
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත "බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්" යන පාඨය පහළ වන තෙක් සූරාව වෙන්කර හඳුනා ගත නොහැකි විය
عربي الإنجليزية الأوردية
අල් කුර්ආනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නා සදකා නොහොත් පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නෙකු මෙනි. අල් කුර්ආනය සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නා පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නෙකු මෙනි
عربي الإنجليزية الأوردية
ඔවුන් ඔබට කළ වංචා, ඔබට පිටුපෑ, ඔබට බොරු පැවසූ දෑ ගැන මෙන්ම ඔබ ඔවුනට කළ දඬුවම ගැන විනිශ්චය කරනු ලැබේ
عربي الإنجليزية الأوردية
මෙලොවදී ඔහුව ඔහුගේ දෙපයින් ඇවිදීමට සැලැස්වූ තැනැත්තාට නැවත නැඟිටුවනු ලබන දිනයේදී ඔහුගේ මුහුණ මත ඇවිදීමට සැලැස්විය හැකි නොවේද?
عربي الإنجليزية الأوردية
කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු ස්වර්ග උයනට පිවිසෙයි. කවරෙකු ඔහුට ආදේශ කරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු අපා ගින්නට පිිසෙයි
عربي الإنجليزية الأوردية
“කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද,අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති කරන්නේ ද, අල්ලාහ් ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු ඇත.”
عربي الإنجليزية الأوردية
සැබැවින්ම අල්ලාහ්, ශ්‍රද්ධාවන්ත ස්වාධීන නිහතමානී ගැත්තාට ප්‍රිය කරයි
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සුවඳ විලවුන් ප්‍රතික්ෂේක නො කරන්නෙකු වූහ
عربي الإنجليزية الأوردية
“කවරෙකු තාරකා ශාස්ත්‍රයෙන් කොටසක් උපුටා ගත්තේ ද, සැබැවින් ඔහු කොටසක් හදාරා ඇත්තේය. එය වැඩිවන තරමට (තවතවත්) වැඩි වනු ඇත.”
عربي الإنجليزية الأوردية
එකදු කර පටියක් හෝ වලල්ලක් හෝ ඔටුවාගේ බෙල්ලේ ඉතිරි වන්නට ඉඩ නොහරින මෙන් පවසා දූතයකු එවා සිටියහ." යැයි දන්වා සිටියහ
عربي الإنجليزية الأوردية
‘එම ප්‍රකාශය සත්‍යයෙන් යුක්තය. නමුත් එය ජින්නුවෙක් පැහැර ගෙන ඔහුගේ භාරකරුගේ කන තුළට දන්වා සිටි දෑ වේ. පසුව ඔවුහු ඒ සමග බොරු සියයක් මුසු කරති" යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අවශ්‍ය කටයුත්තක දී කළ යුතු දේශනාව පිළිබඳ අපට ඉගැන්වූහ
عربي الإنجليزية الأوردية
පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම, ධෛර්‍යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි, අප මත යම් බලපෑමක් ඇති වුව ද සවන් දීමටත් අවනත වීමටත් අපි අල්ලාහ්ගේ දූතයාණන් හට ප්‍රතිඥා දුන්නෙමු
عربي الإنجليزية الأوردية
“නුඹලාගේ කටයුතු සියල්ල එක් මිනිසෙකු මත තිබියදී කවරෙකු හෝ නුඹලා වෙත පැමිණ, නුඹලාගේ සැරයටිය කඩන්නට හෝ නුඹලාගේ එකමුතුකම බිඳින්නට හෝ බලන්නේ නම් නුඹලා ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කරනු.”
عربي الإنجليزية الأوردية
ඔබ ඔහු වෙත ගොස් සැබැවින්ම තමුන් අපා ගින්නේ වැසියන් අතරින් කෙනෙකු නොවන බවත් ස්වර්ගයේ වැසියන් අතරින් කෙනෙකු බවත් ඔහුට පවසන්න යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය
عربي الإنجليزية الأوردية
මාගේ සමූහයාගේ අවසන් කාලයේ නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ සවන් නොදුන් දෑ නුඹලාට පවසා සිටින පිරිසක් මතු බිහිවනු ඇත. එබැවින් නුඹලා වැළකී සිටිනු. ඔවුන් ද වැළකී සිටිය යුතුය
عربي الإنجليزية الأوردية
ඔබ ලියන්න මාගේ ප්‍රාණය කවරෙකු අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මින් සත්‍යය මිස වෙනත් කිසිවක් පිට වන්නේ නැත" යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ ජල‍ෙයන් සහ මසන් කොළවලින් ස්නානය කර ගන්නා මෙන් මට නියෝග කළහ
عربي الإنجليزية الأوردية
අහෝ ජනයිනි! මම මෙය නිර්මාණය කළේ නුඹලා මා පිළිපදිනු පිණිසය. මාගේ සලාතය නුඹලා හදාරනු පිණිසය
عربي الإنجليزية الأوردية
ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න
عربي الإنجليزية الأوردية
මිනිසුන් අතර වඩාත් දරුණු අය වනුයේ තමන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව ලබන තැනැත්තා හා මිනීවලවල් මස්ජිද් (යාඥා ඉටු කරන ස්ථාන) බවට ගන්නා තැනැත්තාය
عربي الإنجليزية الأوردية
යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය
عربي الإنجليزية الأوردية
“ඔබේ දෙමව්පියන් මත ඔබ දිවුරා පැවසීම සැබැවින්ම අල්ලාහ් ඔබට තහනම් කර ඇත්තේය
عربي الإنجليزية الأوردية
මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ.
عربي الإنجليزية الأوردية
කාලය පටු වන තෙක් අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ
عربي الإنجليزية الأوردية
යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය
عربي الإنجليزية الأوردية
, ‘ඔබ අපේ නායකයාණන්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමාණෝ: “නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය” යැයි පැවසූහ. අපි: ‘අපට වඩා ශ්‍රේෂ්ටත්වයෙන් උතුම්ය. අපට වඩා උදාරත්වයෙන් ඉමහත්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමා: “ඔබ ප්‍රකාශ කරන (සාමාන්‍ය) වදනින් හෝ ඔබේ ඇතැම් ප්‍රකාශවලින් පවසන්න. නමුත් ෂෙයිතාන් ඔබව වරදට නො පොළොඹවිය යුතුයි.”
عربي الإنجليزية الأوردية
“මාගේ මහප්පාණනි, අල්ලාහ් අබියස ඔබ වෙනුවෙන් මා කතා කළ හැකි පරිදි ඔබ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යැයි පවසන්න.” යැයි කීහ
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරින් ඔවුනට ඔහු වුළු ධෝවනය කර පෙන්වීය
عربي الإنجليزية الأوردية
“අල්ලාහ්ගේ දූතයාණන් සමග එක්ව එකම භාජනයෙන් මම ස්නානය කරන්නෙකු වූයෙමි. අප දෙදෙනාම (ස්නානය අනිවාර්යය වූ) ජුනුබ් තත්ත්වයේ පසුවූයෙමු. එතුමා මට නියෝග කළ පරිදි මම වසා ගත්තෙමි. පසුව මම ඔසප් තත්ත්වයේ සිටියදීම මා සමග එතුමා පහස වින්දහ
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අන්සාර් වරුන් විෂයයෙහි මෙසේ පැවසූහ. "දේවත්වය විශ්වාස කළ අයකු හැර වෙනත් කිසිවෙක් ඔවුනට ආදරය කරන්නේ නැත. කුහකයකු හැර වෙනත් කිසිවෙක් ඔවුන් සමග උරණ වන්නේ නැත. කවරෙකු ඔවුනට ආදරය කරන්නේ ද අල්ලාහ් ඔහුට ආදරය කරනු ඇත. කවරෙකු ඔවුන් සමග උරණ වන්නේ ද අල්ලාහ් ද ඔහු සමග උරණ වනු ඇත
عربي الإنجليزية الأوردية
“අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත්, සැබැවින්ම මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දැරීමට ද, සලාතය ඉටු කිරීමට ද, සකාත් නිකුත් කිරීමට ද, සවන් දී අවනත වීමට ද, සෑම මුස්ලිම්වරයකුටම උපදෙස් දීමට ද මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ප්‍රතිඥා දුනිමි.”
عربي الإنجليزية الأوردية
“නුඹලාගේ පරමාධපතියාණන් වන අල්ලාහ් පිළිබඳ හැඟීමෙන් කටයුතු කරනු. නුඹලාට නියම වූ පංචකාල සලාත් ඉටු කරනු. නුඹලාට නියම වූ මාසයේ උපවාසයේ නිරත වනු. නුඹලාගේ සම්පත් සඳහා සකාත් ඉටු කරනු. නුඹලාගේ කටයුතු භාර උදවියට අවනත වනු. නුඹලාගේ පරමාධිපතිගේ ස්වර්ගයට නුඹලා පිවිසෙනු ඇත.”
عربي الإنجليزية الأوردية
‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට ආදේශ නොතබන්න. නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කරන්න. අනිවාර්යය කරන ලද සකාතය පිරිනමන්න. රමළාන් මාසයේ උපවාසයේ නිරත වන්න.”
عربي الإنجليزية الأوردية
එසේ නම්, අපි කවර කරුණක් සඳහා ඔබට ප්‍රතිඥා දිය යුතුද?" යනුවෙන් විමසුවෙමු. එතුමාණෝ: “අල්ලාහ්ට නැමදුම් කරන මෙන් ද ඔහුට කිසිවක් ආදේශ නොකරන මෙන් ද පස්වේල සලාත් ඉටු කරන බවට ද අල්ලාහ්ට අවනත වන මෙන් ද.“ යැයි කීහ. තවදුරටත් එතුමා සිහින් වචනයෙන් “මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට ද ප්‍රතිඥා දෙන්න."යැයි කීහ
عربي الإنجليزية الأوردية
සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි
عربي الإنجليزية الأوردية
“මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අසභ්‍ය දෑ කතා කරන, අශීලාචාර ක්‍රියා කරන අය කෙරෙහි කෝප වේ
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අප වෙත පැමිණියේය. එවිට අපි අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට අප සලාම් කිව යුත්තේ කෙසේ දැ?යි අපි දනිමු. නමුත් ඔබ වෙත අපි සලවාත් (ආශිර්වාද) පැවසිය යුත්තේ කෙසේ ද?යැයි විමසුවෙමු
عربي الإنجليزية الأوردية
මාගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා නුඹලාට පෙර විසූවන්ගේ පිළිවෙත මග නැග යන්නෙහුය.' යැයි පැවසුහ
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, ඇතැම් කරුණු පිළිබඳ කතා කළේය. එවිට ඔහු: 'අල්ලාහ් සහ ඔබ අභිමත කළ පරිදි සිදු විය' යැයි පැවසීය. එවිට එතුමාණෝ ‘අල්ලාහ්ට ආදේශයක් බවට නුඹ මා පත් කළෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යනුවෙන් පමණක් පවසනු.' යැයි පැවසුහ
عربي الإنجليزية الأوردية
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා වසුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්.’
عربي الإنجليزية الأوردية
“අල් කුර්ආනය කියවන දේව විශ්වාසියෙකුට උදාහරණය පැඟිරි ගෙඩියක උදාහරණයයි. එහි සුවඳ ප්‍රසන්නය. එහි රසය ප්‍රසන්නය. අල් කුර්ආනය නොකියවන දේව විශ්වාසියෙකුට උදාහරණය ඉඳි ගෙඩියක උදාහරණයයි. එයට සුවදක් නැත. නමුත් එහි රසය පැණිරසය
عربي الإنجليزية الأوردية
“සෑම අනිවාර්යය සලාතයකට පසුවම, මේවා පවසන්නාට හෝ මේවා සිදු කරන්නාට හෝ අලාභයක් ඇති නොවෙයි. එනම් තිස් තුන් වතාවක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පැවසීම, තිස් තුන් වතාවක් (අල් හම්දුලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පැවසීම හා තිස්හතර වතාවක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පැවසීමය
عربي الإنجليزية الأوردية
ආදම්ගේ දරුවා මට බොරු කළේය. එය ඔහුට සුදුසු නොවීය. ඔහු මට බැණ වැදුණේය. එය ද ඔහුට සුදුසු නොවීය
عربي الإنجليزية الأوردية
“කිසිවිටෙක මා දැක නැති නිරාවාසීන් අතරින් කණ්ඩායම් දෙකක් වෙති. හරක් වලිග මෙන් කස අතැතිව සිටින පිරිස්, ඔවුන් ඒවායින් ජනයාට පහර දෙති. අනෙක වස්ත්‍රයෙන් ආවරණය කළ ද නිරුවත්, නොමඟ වෙත කැඳවන, නොමග වෙත නැඹුරුව සිටින කාන්තාවෝය
عربي الإنجليزية الأوردية
“(ඔසප් තත්වයෙන්) පිරිසිදු වූවායින් පසු ඇති වන බොර වර්ණය හෝ කහ වර්ණය ගැන අපි ගණන් නොගෙන සිටියෙමු.”
عربي الإنجليزية الأوردية
“ඔබේ ඔසප් වාරය ඔබව තිබෙන තාක් කල් (සලාත් හා උපවාසයේ නිරත වීමෙන්) ඔබ වැළකී සිටිනු. පසුව ස්නානය කරනු
عربي الإنجليزية الأوردية
“ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”
عربي الإنجليزية الأوردية
එසේ නම් රමළාන් මස පැමිණි විට ඔබ උම්රා කරන්න. සැබැවින්ම එහි උම්රාවක් ඉටු කිරීම හජ් වන්දනයකට සමාන වන්නේය." යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
කවරෙකු අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ජිහාද් කරන්නේ ද ඔහුය අල්ලාහ්ගේ මාර්ගයේ සිටිනුයේ" යැයි පවසා සිටියහ
عربي الإنجليزية الأوردية
ඔබ ගැන සැකයෙන් එසේ දිවුරා ඔබගෙන් නො ඇසුවෙමි. නමුත් ජිබ්රීල් පැමිණ සැබැවින්ම අල්ලාහ් මලක්වරුන් සමග ඔබ ගැන අභිමානයෙන් කතා කරන බව මට දැනුම් දුන්නේය" යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්‍රේෂ්ඨතම ක්‍රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ යූතු නොවේ ද?" යැයි විමසුවාය. එතුමාණෝ: "එනමුත් ශ්‍රේෂ්ඨතම ජිහාද් වනුයේ පිළිගනු ලබන අයුරින් ඉටු කරනු ලබන හජ් වන්දනාවය" යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
“ඔබේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි
عربي الإنجليزية الأوردية
“දේවත්වය විශ්වාස කරන්නෙක් දේවත්වය විශ්වාස කරන්නියක් ගැන ක්‍රෝධයක් ඇති කරගත නො යුතුය. ඇයගෙන් යම් ගතිගුණයක් ඔහු පිළිකුල් කළේ නම්, ඇයගෙන් වෙනත් දැයක් (ගතිගුණයක්) ගැන තෘප්තියට පත් වනු ඇත
عربي الإنجليزية الأوردية
“මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියෙමි. පිරිසකගේ කසල ගොඩක් වෙත ගිය එතුමාණෝ සිටගෙනම මූත්‍රා කළහ
عربي الإنجليزية الأوردية
“කිසිදු නබිවරයකු තම සමූහයාට දජ්ජාල් ගැන නො පැවසූ කරුණක් මා ඔබට පවසා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම ඔහු එක් ඇහැක් අන්ධ අයෙකි. ස්වර්ගයට හා අපා ගින්නට සමාන දෑ ඔහු රැගෙන එයි
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කළ විට තම කිහිලි දෙකෙහි පැහැය පෙනෙන තරමට තම් අත් දෙක අතර හිඩැස් තබන්නෙකු වූහ.”
عربي الإنجليزية الأوردية
පුද්ගලයකු වියදම් කරන විශිෂ්ටතම දීනාරය නම්, තම පවුලේ අය වෙනුවෙන් වියදම් කරන දීනාරය, අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම ප්‍රවාහනික සත්වයා වෙනුවෙන් මිනිසා වියදම් කරන දීනාරය හා අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම සගයින් වෙනුවෙන් වියදම් කරන දීනාරයයි
عربي الإنجليزية الأوردية
ජනාබත් හෙවත් ස්නානය කිරීම අනිවාර්යය කරන ‌අවස්ථාවක ස්නානය කරන ක්‍රමය.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නුඹලාට පෙර සිටියවුන්ගේ පිළිවෙත් නුඹලා වියතින් වියත බාහුවෙන් බාහුව අනුගමනය කරනු ඇත
عربي الإنجليزية الأوردية
“(අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව) ආසාදනය වීමක් නැත. පක්ෂීන් මුල් කරගත් අසුභවාදය ද නැත. බස්සන් මුල් කරගත් අසුභවාදය ද නැත. සෆර් මාසය මුල් කරගත් අසුභවාදය ද නැත. ඔබ සිංහයෙකුගෙන් පලා යන්නාක් මෙන් ලාදුරු රෝගියාගෙන් පලා යන්න
عربي الإنجليزية الأوردية
එනම්: “සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම්, ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම පොදු කරන්නට පුළුවන.”
عربي الإنجليزية الأوردية
“ඔහු සත්‍යය පවසා ඇත්නම් ඔහු ජය ලැබීය.” යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
හුදකලා වූවෝ පෙරට ගියහ
عربي الإنجليزية الأوردية
“මුස්ලිම්වරයා මිනීවල තුළ ප්‍රශ්න කරනු ලබන විට ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දරයි
عربي الإنجليزية الأوردية
නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා" යැයි එතුමාණෝ පැවසූහ. 'අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවුරුන්ද?" යැයි විමසන ලදී. එතුමාණෝ: "යමෙක් තම දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම හෝ වයෝවෘද්ධ තත්ත්වයේ තමන් ළඟ ජීවතුන් අතර හිඳ පසුව ස්වර් ගයට නොපිවිසුණු තැනැත්තාය
عربي الإنجليزية الأوردية
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහභාගි වූ යුද්ධයකදී කාන්තාවක් ඝාතනය කර තිබීම දකින්නට විය. පසුව කාන්තාවන් හා දරුවන් මරා දැමීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හෙළා දුටුහ.”
عربي الإنجليزية الأوردية
භාරහාර තැබීමෙන් වැළැක්වූහ. එමෙන්ම මෙසේ ද පැවසූහ: “සැබැවින්ම එය යහපතක් ගෙන දෙන්නේ නැත. එය සිදු වන්නේ මසුරෙකුගෙනි”
عربي الإنجليزية الأوردية
“කවරෙකු මෙලොවෙහි සේද රෙදි ඇන්දේ ද මතුලොවෙහි ඔහු එය කිසිවිටෙක අඳින්නේ නැත.”
عربي الإنجليزية الأوردية
ජිහාද් නම් වෑයම අතරින් ශ්‍රේෂ්ඨතම අරගලය වනුයේ අසාධාරණ පාලකයකු ඉදිරියේ කෙරෙන යුක්ති සහගත ප්‍රකාශයයි.”
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ
عربي الإنجليزية الأوردية
“නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිවසේ මුවා වී රැඳී සිටින කන්‍යාවකට වඩා අධික ලෙස ලැජ්ජා සහගත අයකු වූහ. යම් පිළිකුල් සහගත දෙයක් එතුමාණන් දුටු විට එතුමාණන්ගේ මුහුණෙන් එය අපි හඳුනා ගත්තෙමු
عربي الإنجليزية الأوردية
“කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ් ඔහුට ලඟා තර දෙනු ඇත.”
عربي الإنجليزية الأوردية
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකු ගෙන එනු ලැබ, නිරා ගින්නට හෙළනු ලැබේ. ඔහුගේ බඩවැල් වැගිරෙයි. තෙල් හිඳින සෙක්කුව වටා බූරුවෙක් යන්නාක් මෙන් ඒවා සමග ඔහු එය වටා ගමන් කරයි
عربي الإنجليزية الأوردية
“මෙය වසර හැත්තෑවකට පෙර අපා ගින්නට විසිකරන ලද ගලකි. දැන් එය අපා ගින්නට එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ එය වැටෙන හඬට ය.” යැයි පැවසුහ
عربي الإنجليزية الأوردية
“කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකු සූදානම් කර යැව්වේද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ පවුල (ඔහු නොමැති විටක) යහ අයුරින් රැකබලා ගන්නේ ද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය
عربي الإنجليزية الأوردية
“කරුණාව තහනම් කර ගන්නා සියලු යහපත තහනම් කර ගනී.”
عربي الإنجليزية الأوردية
“කවරෙකු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය නිසි අයුරින් සිදු කර, පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව එයට සවන් දුන්නේ ද ඔහු අතර හා ජුමුආ අතර මෙන්ම ඊට අමතරව තවත් දින තුනක සිදුවන දෑ සඳහා සමාව දෙනු ලබනු ඇත
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ජනයා අතර වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. රමළාන් මාසයේ ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ
عربي الإنجليزية الأوردية
“බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?”
عربي الإنجليزية الأوردية
“ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු තම පරමාධිපති සමග මතු කතා කරනු මිස නැත. ඔහු අතර හා මොහු අතර කිසිදු පරිවර්තකයකු නොවනු ඇත
عربي الإنجليزية الأوردية
ඔබ දෙපළ ඉල්ලා සිටින දෑට වඩා ශ්‍රේෂ්ට යමක් මා ඔබ දෙපළට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියහ. "එසේ නම් ඔබ දෙපළ ඔබ දෙපළගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පවසන්න. තිස්තුන් වරක් (අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පවසන්න. තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. සේවකයකුට වඩා එය ඔබ දෙපළට උතුම් වේ." යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
“කවරෙකු දිවුරා සිටිමින්, තම දිවුරුමෙහි 'අල් ලාත් හා අල් උස්සා (කාෆිර්වරු නමදින පිළිම) මත දිවුරා සිටිමි' යැයි පවසන්නේ ද, ඔහු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු යනුවෙන් පවසත්වා!‘ කවරෙකු තම මිතුරාට, ‘එන්න, මම ඔබ සමග ඔට්ටු අල්ලමි‘ යැයි පවසන්නේද, ඔහු සදකාවක් කරත්වා!“
عربي الإنجليزية الأوردية
“නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් බව පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ
عربي الإنجليزية الأوردية
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අවම දඬුවමක් ලබන අපාවාසීන් හට මෙසේ පවසා සිටියි: “සැබැවින්ම ඔබට මහපොළොවේ ඇති යමක් සතුව තිබුණේ නම්, එය වන්දි වශයෙන් පිරිනමන්නෙහි ද?” යැයි විමසයි. ඔහු එයට ‘එසේය’
عربي الإنجليزية الأوردية
“කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය විධිමත්ව ඉටු කර, පසුව නැගිට තම හදවත හා තම මුහුණ රකආත් දෙකක් ඉටු කිරීම සඳහා යොමු කරවා, ඒ දෙක ඉටු කරන්නේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය වනු මිස වෙනත් කිසිවක් නැත.”
عربي الإنجليزية الأوردية
“නුඹලා පිළිම මත නොදිවුරනු. තවද නුඹලාගේ පියවරුන් මත ද නොදිවුරනු.”
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.”
عربي الإنجليزية الأوردية
පේළි අතරින් පිරිමින් සඳහා හොඳම පේළිය පළමු පේළිය වන අතර නරකම පේළිය අවසාන පේළිය වේ. ‌එමෙන්ම කාන්තාවන් සඳහා හොඳම පේළිය අන්තිම පේළිය වන අතර නරකම පේළිය පළමු පේළිය වේ
عربي الإنجليزية الأوردية
ඇත්තෙන්ම අනෙකුත් සලාත් ඉටු කිරීමට වඩා මෙම සලාත් දෙක ඉටු කිරීම කුහකයන් හට මහත් බරකි. ඒ දෙකෙහි අඩංගු (කුසල්) ඔබ දන්නේ නම්, ඔබට දණින් වැටී බඩගා යාමට සිදු වුවද, ඔබ ඒ දෙක වෙත පැමිණෙනු ඇත
عربي الإنجليزية الأوردية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සඃද්ගේ මව මිය ගොස් ඇත. වඩාත් උතුම් වන දානය කුමක් දැ?"යි විමසා සිටි විට, එතුමාණෝ "ජලය" වේ යැයි පැවසූහ. පසුව ඔහු ළිදක් හාරා දී "මෙය සඃද්ගේ මව වෙනුවෙන්" යැයි පවසා සිටියේය
عربي الإنجليزية الأوردية
අහෝ අබ්බාස්! අල්ලාහ්ගේ දූතයාගේ මහප්පාණනි! මෙලොව සහ පරලොව සුවය (ආරක්ෂාව) සඳහා අල්ලාහ්ගෙන් පතන්න" යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
මේ දෙක මගේ උම්මාවේ පිරිමින්ට තහනම්ය. ඔවුන්ගේ ගැහැණුන්ට අනුමතය
عربي الإنجليزية الأوردية
දිගු දත් ඇති සෑම මෘග සත්වයකුගෙන්ම හා තල සහිත හොට ඇති සෑම පක්ෂියකුගෙන්ම වැළැක්වූහ
عربي الإنجليزية الأوردية
සැබැවින්ම අල්ලාහ් එම ක්‍රියාව පිළිගන්නේ එහි අවංකභාවය පිහිටන්නේ නම් හා එමගින් ඔහුගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන්නේ නම් පමණි. (ඒ හැර වෙනත් දෑ පිළිගන්නේ නැත.)
عربي الإنجليزية الأوردية
“මට පෙර සිටි සමූහයා අතරට තම සමූහයා අතරින් තමන්ගේ පිළිවෙත පිළිපදින තම නියෝගය අනුගමනය කරන සගයන් හා ගෝලයින් නොහිඳ අල්ලාහ් විසින් එවූ කිසිදු නබිවරයකු නොවීය
عربي الإنجليزية الأوردية
“මට පෙර කිසිවෙකුට පිරි නො නැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය
عربي الإنجليزية الأوردية
“ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයා හමු වූ විට ඔහුට සලාම් පැවසිය යුතු වේ. ඔවුන් දෙදෙනා අතර ගසක් හෝ බිත්තියක් හෝ ගලක් හෝ මුවා වී නැවතත් ඔහු ව හමු වූ විට, එවිට ද ඔහු ඔහුට සලාම් පැවසිය යුතු වේ.”
عربي الإنجليزية الأوردية
“ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්‍රියක්, හොදින් නිදා ගන්න’
عربي الإنجليزية الأوردية
“වේගවත් ගුවන් ගමනෙහි මා කැටුවාගෙන ගිය රාත්‍රියෙහි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව මම මුණ ගැසුණෙමි. එවිට එතුමා: අහෝ මුහම්මද්! ඔබේ සමූහයාට මා වෙතින් වූ සලාමය කියවා පෙන්වන්න. සැබැවින්ම ස්වර්ග උයන පිරිසිදු පසකි. ජලය ඉමිහිරිය
عربي الإنجليزية الأوردية
“නුඹලා එය(මුල් සඳ) දුටු විට උපවාසයේ නිරත වන්න. එමෙන්ම නුඹලා එය දුටු විට උපවාසයෙන් මිදෙන්න. නමුත් එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම් ඒ සඳහා දින ගණන් බලන්න.”
عربي الإنجليزية الأوردية
“ඔබ ඔහු මරා නොදැමිය යුතුයි. එසේ ඔබ ඔහු මරා දැමුවේ නම්, සැබැවින්ම ඔහු, ඔබ මරා දැමීමට පෙර ඔබ සිටි තත්ත්වයේ ඔහු වන්නේය. එමෙන්ම ඔබ, ඔහු ප්‍රකාශ කළ වදන ඔහු ප්‍රකාශ කිරීමට පෙර ඔහු සිටි තත්ත්වයේ ඔබ වන්නෙහිය.” යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
“අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රිය කරන මිනිසෙකුට මෙම ධජ පතාකය සැබැවින්ම පිරිනමනු ලැබේ. ඔහුගේ දෑතින් අල්ලාහ් ජයග්‍රහණය ඇති කරයි.”
عربي الإنجليزية الأوردية
“නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පවරනු ලැබූ දෑ ඔවුන් මත (පැවරුණු වගකීම) ය. නුඹලා මත පවරනු ලැබූ දෑ නුඹලා මත (පැවරුණු වගකීම)ය.” යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
“මුස්ලිම්වරයාට බැන වැදීම දුෂ්ටකමකි. ඔහු සමග ගැටුම් ඇති කර ගැනීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි.”
عربي الإنجليزية الأوردية
“යුදෙව්වන් හා කිතුනුවන් කෙරහි නුඹලා සලාම් පවසා ආරම්භ නොකරනු. ඔවුන් මාර්ගයේ සිටිනු නුඹලා දුටු විට ඔවුන් එහි කෙළවරින් ගමන් කිරීමට සළස්වනු.”
عربي الإنجليزية الأوردية
“කම්මුල්වලට පහර දී, සාක්කු ඉරාගෙන, අඥාන යුගයේ ප්‍රාර්ථනාවන් උසුරා ප්‍රාර්ථනා කළ අය අප අතරින් නො වන්නේය.”
عربي الإنجليزية الأوردية
“ඔබ අතරින් කවරෙකු ජුමුආ සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්නානය කළ යුතුය.”
عربي الإنجليزية الأوردية
“කවරෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ ඔහු මා කෙරෙහි සලවාත් නො පවසා සිටියේ ද ඔහු මසුරු පුද්ගලයෙකි.”
عربي الإنجليزية الأوردية
“කවරෙකු උදෑසන කාලයේ මස්ජිදය වෙත පිය නගන්නේ ද, එසේ නැතහොත් දහවල් කාලයේ පියනගන්නේ ද එසේ උදෑසන හෝ දහවල් කාලයේ පියනගන සෑම අවස්ථාවකම ස්වර්ග උයනේ සංග්‍රහයක් අල්ලාහ් ඔහුට සූදානම් කරනු ඇත.”
عربي الإنجليزية الأوردية
رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي وَجَهْلِي، وَإِسْرَافِي فِي أَمْرِي كُلِّهِ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ، وَعَمْدِي وَجَهْلِي وَهَزْلِي، وَكُلُّ ذَلِكَ عِنْدِي، اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، أَنْتَ المُقَدِّمُ وَأَنْتَ المُؤَخِّرُ، وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ තේරුම: (අහෝ දෙවියනි! මාගේ වරදටත් මාගේ අනුවනකමටත් මාගේ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මට සමාව දෙනු මැනව! අහෝ දෙවියනි! මාගේ පාපයන්ටත් මා උවමනාවෙන් කළ දෑටත් මාගේ අනුවනකමටත් මාගේ උපහාසයටත් මට සමාව දෙනු මැනව! ඒ සියල්ල මා වෙතින් වූවකි. අහෝ දෙවියනි! මා පෙර කළ දෑටත් මා පසු කළ දෑටත් මා රහසිගතව කළ දෑටත් මා ප්‍රසිද්ධියේ කළ දෑටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මම ඔබෙන් සමාව අයැදිමි. ඔබයි ප්‍රාරම්භක, ඔබයි අවසානය. ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.)
عربي الإنجليزية الأوردية
اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ (අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ද ඔබේ සුවය වෙනතකට පෙරළීමෙන් ද ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ඔබේ සියලු කෝපයන්ගෙන් ද ආරක්ෂාව මම ඔබෙන්ම පතමි.)
عربي الإنجليزية الأوردية
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ، وَغَلَبَةِ الْعَدُوِّ، وَشَمَاتَةِ الْأَعْدَاءِ අහෝ දෙවිඳුනි! ණය බරින් ද, සතුරා ඉක්මවා යාමෙන් ද, සතුරන් සතුටු වීමෙන් ද සැබැවින්ම මම ඔබෙන් ආරක්ෂාව පතමි
عربي الإنجليزية الأوردية
“ اللهُمَّ اهْدِنِي وَسَدِّدْنِي (අහෝ දෙවියනි! මට මග පෙන්වන්න. මට ඍජු මග ආශිර්වාද කරන්න)" යනුවෙන් පවසන්න. මඟ පෙන්වීම ඉල්ලා සිටින විට, ඔබ ගමන් කළ යුතු දිශාව ගැන සිතන්න, ඍජු මඟ ඉල්ලා සිටින විට, හීයේ ඉලක්කය ගැන සිතන්න
عربي الإنجليزية الأوردية
ඔබේ ශරීරයේ වේදනාව දැනෙන තැන ඔබේ අත තබා "බිස්මිල්ලාහ්" යනුවෙන් තුන් වරක් පවසන්න. පසුව أَعُوذُ بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ (මට වැළඳී ඇති දැයින් ද මා පත්ව ඇති විපත්තියෙන්ද අල්ලාහ්ගේ බලය තුළින් මා ආරක්ෂාව ඔහුගෙන් පතමි.) යැයි සත් වරක් පවසන්න
عربي الإنجليزية الأوردية
“හිරු උදාවීමට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාත් ඉටු කරන කිසිවකු නිරයට පිවිසෙන්නේම නැත
عربي الإنجليزية الأوردية
“කිසිවකු හෝ මා වෙත සලාම් පවසන්නේ ද ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් අල්ලාහ් මාගේ ප්‍රාණය මට ලබා දෙනු ඇත.”
عربي الإنجليزية الأوردية
“(ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට) නිවේදකයෙක් "සැබැවින්ම නුඹලාට සුව සැපවත් ජීවිතයක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක රෝගාතුර නොවනු ඇත. තවද සැබැවින්ම නුඹලාට ජීවත්වීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක මරණයට පත් නොවනු ඇත. නුඹලාට තරුණකම ඇත. එහෙයින් නුඹලා කිසිවිටෙක මහලු නොවනු ඇත. නුඹලාට භුක්ති විඳීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක බලාපොරොත්තු සුන්කර නොගනු ඇත
عربي الإنجليزية الأوردية
“ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට අති උත්කෘෂ්ඨ, උත්තරීතර අල්ලාහ්: “මම නුඹලාට යමක් අමතරව දීම නුඹලා ප්‍රිය කරන්නෙහු ද?”යැයි විමසයි
عربي الإنجليزية الأوردية
“ඔබ අතරින් කිසිවෙකු හෝ වුළූ ධෝවනය කර පසුව සමෙන් සාදන ලද පාවහන් යුගල පැළඳ ඇත්නම්, ඔහු ඒ දෙක මත (මස්හ්) පිරිමදිත්වා. ඒ දෙක පැළඳ ගෙනම සලාත් කරත්වා. අනිවාර්යය ස්නානය හේතුවකින් මිස ඔහු කැමතිනම් ඒ දෙක නොගළවත්වා.”
عربي الإنجليزية الأوردية
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක එතුමාණන්ගේ කුඩා දිව පෙනෙන තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු වූහ.”
عربي الإنجليزية الأوردية
“කවරෙකු ගැහැණු දරුවන් දෙදෙනෙකු ඔවුන් වැඩිවියට පත්වන තුරු රැකබලා ගත්තේ ද, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා හා ඔහු මෙසේ එනු ඇත' යැයි පවසා එතුමාණන්ගේ ඇගිළි ළං කර පෙන්වූහ
عربي الإنجليزية الأوردية
“ඔබ අතරින් කිසිවකු හෝ තමන් ප්‍රිය කරන සිහිනයක් දුටුවේ නම්, සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් වූවකි. එබැවින් ඒ සඳහා ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුය. ඒ ගැන කතා කළ යුතුය. ඒ හැර තමන් පිළිකුල් කරන යමක් දුටුවේ නම්, සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වූවකි. එවිට එහි හානියෙන් ඔහු ආරක්ෂාව පැතිය යුතු අතර එය කිසිවකුට නොපැවසිය යුතුය. මන්ද සැබැවින්ම එය ඔහුට හානිදායක නොවන්නේමය.”
عربي الإنجليزية الأوردية
“ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්: “අහෝ දෙවිඳුනි! පිං සඳහා වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් තැනැත්තා: “අහෝ දෙවිඳුනි! එය රඳා තබා ‍ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි
عربي الإنجليزية الأوردية
“ස්වර්ගවාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? දුර්වල හා දුර්වල කරන ලැබූ සෑම කෙනෙකුමය. එවැන්නෙකු අල්ලාහ් මත දිවුරා සිටියේ නම් ඔහු ඔහුට උපකාර කරනු ඇත. නිරා වාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? අහංකාර උද්දච්ඡ උඩඟුකම් පාන සෑම කෙනෙකුමය.”
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.”
عربي الإنجليزية الأوردية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ආරක්ෂාව යනු කුමක්දැ? යි මම විමසා සිටියෙමි. එතුමාණෝ: “ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රඳවා ගත යුතුය. ඔබේ වැරදිවලට ඔබ හඬා වැළපෙනු." යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
“මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස මම වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදිම මම ඔහු සමග වෙමි
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම නිවසට පිවිසුනු විට හෙතෙම කවර කරුණකින් ආරම්භ කළේ ද? යැයි මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවා ය
عربي الإنجليزية الأوردية
දැහැමි සිහිනය අල්ලාහ්ගෙන් වූවකි. දුෂ්ට සිහිනය ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙයින් ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, තමන් බියට පත් අයුරින් යම් දුෂ්ට සිහිනයක් දුටු විටෙක ඔහුගේ වමතට තුන්වරක් කෙළ ගසන්නාක් මෙන් ඇඟවිය යුතු ය. ඉන් ඇතිවන හානියෙන් ආරක්ෂාව පැතිය යුතු ය. එවිට එය කිසිදු හානිකර බලපෑමක් ඔහුට ඇති නොකරනු ඇත
عربي الإنجليزية الأوردية
දේව ගැත්තෙක් තවත් දේව ගැත්තකුගේ අඩුපාඩු මෙලොවෙහි සඟවන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ අඩුපාඩු සඟවනු ඇත
عربي الإنجليزية الأوردية
“උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”
عربي الإنجليزية الأوردية