عن أنس بن مالك رضي الله عنه:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ لَا يَرُدُّ الطِّيبَ.

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 2582]
المزيــد ...

අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
"සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සුවඳ විලවුන් ප්‍රතික්ෂේක නො කරන්නෙකු වූහ."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 2582]

විවරණය

සුවඳ විලවුන් ප්‍රතික්ෂේප නොකර, එය පිළිගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පුරුද්දක් විය. මන්ද එය බරින් සැහැල්ලු වන අතර මනා සුවඳක් ද ඇත.

හදීසයේ හරය

  1. සුවඳ විළවුන් පිරිනමන විට එය පිළිගැනීම ප්‍රිය ජනකය. මන්දයත් එය ඔසවාගෙන යාමට වියදමක් නැති අතර එය පිළිගැනීමේ දී වැය වීමක් ද නොමැති බැවිනි.
  2. සුවඳ විලවුන් වැනි යහපත් දෑ ප්‍රතික්ෂේප නො කිරීමේ හා තමන් වෙත පිරිනමන යම් ත්‍යාගක් වේවා එය පිළිගැනීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ යහපත් ගුණාංගයේ පූර්ණත්වය.
  3. සුවඳ විලවුන් පරිහරනය කිරීමට උනන්දු කරවීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (63)
අමතර