عن أبي هريرة رضي الله عنه مرفوعاً: «من حَلَفَ فقال في حَلِفِهِ: بِاللاَّتِ وَالْعُزَّى، فليقل: لا إله إلا الله، ومن قال لصاحبه: تعال أُقَامِرْكَ فَلْيَتَصَدَّقْ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු දිවුරා සිටිමින්, තම දිවුරුමෙහි අල්ලාත් හා උස්සා මත දිවුරා සිටිමි යැයි පවසන්නේ ද, ඔහු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු යැයි පවසත්වා!‘ කවරෙකු තම මිතුරාට, ‘එන්න මම ඔබ සමග ඔට්ටු අල්ලමි‘ යැයි පවසන්නේද, ඔහු සදකාවක් කරත්වා!“
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අල්ලාහ් මත හැර, අල්ලාත්, අල් උස්සා නම් පිළිම මත හෝ වෙනත් දෑ මත කවරෙකු දිවුරා සිටින්නේ ද ඔහු, ලා ඉලාහ ඉල්ලල්ලාහු යැයි පැවසිය යුතු යැයි ද, එය මෙසේය මෙසේය යැයි මම ඔබ සමග ඔට්ටු අල්ලමි යැයි තම මිතුරාට පවසා සිටින්නේ ද ඔහු සදකාවක් ලබා දිය යුතු යැයි ද නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අණ කළහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර