عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «لا تَرْغَبُوا عن آبائكم، فمن رغب عن أبيه، فهو كفر».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඔබේ පියවරුන්(ගේ සම්බන්ධතාව) ගැන අහිතක් නොසිතන්න. කවරෙකු තම පියා ගැන අහිතක් සිතුවේ ද ඔහු ගුණමකු විය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

තම පියාගේ සම්බන්ධතාව ගැන දැනුවත්ව කවරෙකු අහිතක් සිතන්නේද එය කුඩා ගණයේ ප්රතික්ෂේප කිරීමකි. නමුත් එය ඇත්ත වශයනේම නිරයට එහි සගයා සදාතනික පත්කරන ප්රතික්ෂේපයක් නොව ගුණමකු කමකි. මෙය, මෙම ක්රියාව තහනම් කිරීමට හා එය පිළිකුල් කිරීමට දැඩි ලෙස අවවද කර ඇත්තකි. එමෙන්ම තහවුරු කර ඇත්තකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය