عَنْ أَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَتْ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِنِّي عَلَى الحَوْضِ حَتَّى أَنْظُرَ مَنْ يَرِدُ عَلَيَّ مِنْكُمْ، وَسَيُؤْخَذُ نَاسٌ دُونِي، فَأَقُولُ: يَا رَبِّ مِنِّي وَمِنْ أُمَّتِي، فَيُقَالُ: هَلْ شَعَرْتَ مَا عَمِلُوا بَعْدَكَ، وَاللَّهِ مَا بَرِحُوا يَرْجِعُونَ عَلَى أَعْقَابِهِمْ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6593]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අස්මා බින්ත් අබී බ් (රළියල්ලාහු අන්හුමා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
ඔබ අතරින් මා වෙත පැමිණෙනුයේ කවුරුන් දැයි එම ජල තටාකය මතට වී මම බලාපොරොත්තුවෙන් සිටින්නෙමි. මා සමීපයෙන්ම මිනිසුන් පිරිසක් ග්‍රහණය කරනු ලැබේ. එවිට මම "අහෝ පරමාධිපතියාණනි (ඔවුන්) මගෙන් මෙන්ම මාගේ සමූහයා අතරිනි" යැයි පවසමි. එවිට "ඔබෙන් පසු ඔවුන් සිදු කළ දෑ ඔබ දන්නෙහි ද? අල්ලාහ් මත දිවුරා පවසමි ඔවුන් ඔවුන්ගේ විළුඹ පසුපසින් නැවත හැරී යමින් ම සිටියෝය" යැයි පවසනු ලැබේ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 6593]

විවරණය

සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජල තටාකය මතට වී තමන් සිටින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. එය තම සමූහයා අතරින් එම තටාකය වෙත පැමිණෙන්නේ කවුරුන්දැ?යි දැනගැනීමේ අපේක්ෂාවෙනි. එතුමාණන්ට සමීප වෙත්ම පිරිසක් ග්‍රහණය කරනු ලැබේ. එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අහෝ මාගේ පරමාධිපතියාණි! මගෙන් මෙන්ම මාගේ සමූහයා අතරින් පිරිසකි යැයි පවසනු ඇත. එවිට මෙසේ පවසනු ලැබේ. ඔබ ඔවුන්ගෙන් වෙන් වී ගිය පසු ඔහු ක්‍රියා කළ ආකාරය ඔබ දන්නෙහි ද? අල්ලාහ් මත දිවුරා පවසමි. ඔවුහු පසුපස හැරී යමින් සිටියෝය. ඔවුන්ගේ දහම අත්හරිමින් සිටියෝය. එහෙයින් ඔවුන් ඔබෙන්වත් ඔබේ සමූහයා අතරින්වත් නොවේ යැයි පවසනු ලැබේ.

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා වෙත දැක් වූ ආදරය හා කැමැත්ත.
  2. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටි තත්ත්වයට විරුද්ධ ව කටයුතු කිරීමේ අනතුර.
  3. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත අනුගමනය කිරීම සඳහා දිරි ගැන්වීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (66)
අමතර