عن أبي سعيد الخُدْرِيِّ رضي الله عنه : أنه سمع النبي صلى الله عليه وسلم يقول: «إذا رأى أحدُكُم رُؤيا يُحِبُّهَا، فإنما هي من الله تعالى، فليَحْمَد الله عليها، وَلْيُحَدِّثْ بها - وفي رواية: فلا يُحَدِّثْ بها إلا من يُحَبُّ- وإذا رأى غير ذلك مِمَّا يَكْرَه، فإنما هي من الشيطان، فَلْيَسْتَعِذْ من شَرِّهَا، ولا يَذْكُرْهَا لأحد؛ فإنها لا تضره».
[صحيح] - [متفق عليه]
المزيــد ...

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“ඔබ අතරින් කිසිවකු හෝ තමන් ප්රිය කරන සිහිනයක් දුටුවේ නම් සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් වූවකි. එබැවින් ඒ සඳහා ඔහු අල්ලාහ්ට ප්රශංසා කළ යුතුයි. ඒ ගැන කතා කළ යුතුයි. නමුත් ඔහු ප්රිය කරන්නන් සමග හැර ඒ ගැන කතා නොකළ යුතුයි. ඒ හැර තමන් පිළිකුල් කරන යමක් දුටුවේ නම් සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වූවකි. එවිට එහි හානියෙන් ඔහු ආරක්ෂාව පැතිය යුතු අතර එය කිසිවකුට නොපැවසිය යුතුයි. හේතුව සැබැවින්ම එය ඔහුට හානිදායක නොවන බැවිනි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මුස්ලිම්වරයකු තම සිහිනයෙහි තමන්ට සතුට දනවන යමක් දුටුවේ නම් සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් ඔහුට දන්වන ලද ශුභාරංචියකි. එබැවින් එම ශුභාරංචිය සඳහා ඔහු අල්ලාහ්ට ප්රශංසා කළ යුතුයි. එය ඔහු ප්රිය කරන ඔහුගේ පවුලේ හෝ ඔහුගේ අසල්වැසියන් හෝ ඔහුගේ දැහැමි මිතුරන් සමග මිස වෙනත් කිසිවකු සමග ඒ ගැන කතා නොකළ යුතුයි. ඒ හැර එහි ස්වරූපය පිළිකුල් සහගත හෝ එහි අදහස විකෘති සහගත අප්රසන්න සිහිනයක් දුටුවේ නම් සැබැවින්ම එය ෂෙයිතානීය මවා පෑමක් වන්නේය. නිදන්නා බිය ගන්වනු පිණිසත් ඔහුට දුක ඇති කරනු පිණිසත් ඔහුගේ සිහිනයෙහි ෂෙයිතාන් එය මවා පෙන්වයි. එවන් දෙයක් දුටු විටෙක එහි හානියෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතුය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර