عَنِ ابْنِ عُمَرَ رضي الله عنهما عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ:
«مَثَلُ الْمُنَافِقِ، كَمَثَلِ الشَّاةِ الْعَائِرَةِ بَيْنَ الْغَنَمَيْنِ تَعِيرُ إِلَى هَذِهِ مَرَّةً وَإِلَى هَذِهِ مَرَّةً».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2784]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී.
"කුහකයාට උපමාව බැටළු රැළ දෙකක් අතර කලබලයෙන් සිටිනා බැටළුවෙකු මෙන් ය. විටෙක ඌ එක් රැළකට පැටලෙයි. තවත් විටෙක අනෙක් රැළට පැටලෙයි."
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 2784]
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කුහකයාගේ තත්වය පැහැදිලි කළ අතර ඔහු බැටළු රැළ දෙකෙන් කුමන බැටළු රැළක් අනුගමනය කළ යුතු දැයි නොදන්නා බැටළුවෙකු සේ වන බව පැහැදිලි කළහ. ඌ විටෙක එක් රැළකට යයි. තවත් විටෙක ඌ අනෙක් රැළට යයි. ඔවුහු දේවත්වය විශ්වාස කිරීම හා ප්‍රතික්ෂේප කීරීම අතර ව්‍යාකූලත්වයෙන් පසුවෙති. ඔවුන් මතුපිටින් මෙන්ම ඇතුළාන්තයෙන් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් සමග නැත. එමෙන්ම ඔවුන් මතුපිටින් මෙන්ම ඇතුළාන්තයෙන් දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් සමග ද නැත. නමුත් ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් සමග සිටින බව මතුපිටින් පෙන්වා ගනිති. ඔවුන්ගේ අභ්‍යන්තරය සැකයේ හා කුතුහලයේ පවතී. විටෙක ඔවුන් වෙත ද විටෙක මොවුන් වෙත ද ඔවුහු නැඹුරු වෙති.