عن أبي ذر رضي الله عنه قال: قيل لرسول الله صلى الله عليه وسلم : أرأيت الرَّجل الذي يعمل العمل من الخَير، ويَحمدُه الناس عليه؟ قال: «تلك عاجِل بُشْرَى المؤمن».
[صحيح] - [رواه مسلم]
المزيــد ...
අබූ දර්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. යහපත් කටයුත්තක් සිදු කොට ජනයා ඔහුව ප්රශංසා කරන මිනිසෙකු ඔබ දුටුවෙහි ද? යැයි අල්ලාහ්ගේ දූතයාණන්ට කියනු ලැබීය. එවිට එතුමා "එය මුඃමින්වරයාට කල්තියා පෙරාතුවම ලැබෙන සුභාශිංසනයයි යැයි පවසා සිටියහ."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
හදීසයේ තේරුම: මිනිසෙකු ජනයා අරමුණ නොකොට අල්ලාහ් වෙනුවෙන් දැහැමි ක්රියාවන් සිදු කරයි. පසුව ඒ ගැන ජනයා ඔහු ප්රශංසාවට පත් කරති. මොහු හුඟක් යහපත් කෙනෙකි. දෙවිඳුන්ට වඩාත් අවනත කෙනෙකි. මැවීම්වලට බොහෝ සෙයින් උපකාර කරන කෙනෙකි. මෙවැනි වචනවලින් ඔහුව ප්රශංසා කරති. එවිට -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මෙය මුඃමින්වරයාට කල්තියා පෙරාතුවම ශුභාසිරි වේ. එය ඔහු පැසසුමට ලක්වීමය. හේතුව ජනයා එම මිනිසාට ප්රශංසා කරන්නේ නම් ඔවුන් මහපොළොවේ අල්ලාහ්ගේ සාක්ෂිකරුවන් වෙති. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අසළින් ජනාසාවක් ගෙන ගිය කල්හි එතුමාගේ සහගාමීහු ඔහු යහපත් අයෙකි යැයි ප්රශංසා කළෝය. එවිට එතුමා එයට අනිවාර්යය විය යැයි පැවසූහ. තවත් අවස්ථාවක තවත් ජනාසාවක් එතුමා අසළින් ගෙන යන ලදී. එවිට සහාබාවරු ඔහු ගැන අයහපත් ලෙස කළෝය. එවිටද එතුමා එය අනිවාර්යය විය යැයි පැවසූහ. එවිට සහාබාවරු එසේ අනිවාර්යය වූයේ කුමක්දැ?යි විමසා සිටියහ. පළමුවැන්නා වනාහි, ඔහුට ස්වර්ගය අනිවාර්යය විය. දෙවන වන්නා වනාහි, ඔහුට නිරය අනිවාර්යය විය. නුඹලා මහපොළොවෙහි අල්ලාහ්ගේ සාක්ෂිකරුවෝ වෙති යැයි පැවසූහ. මෙම ප්රකාශයේ අර්ථය: එය මුඃමින්වරයාට පෙරාතුවම ලබා දෙන සුභාරංචියයි. මෙය හා මූණිච්චාවට කරන දෑ අතර වූ වෙනස මූණිච්චාවට සිදු කරන්නා මිනිසුන් තමන් දැකිය යුතුයි. ඔවුන් තමන්ට ප්රශසා කළ යුතුයි යැයි සිතයි. එසේනම් ඔහු මේ තත්ත්වයේ අල්ලාහ් සමග වෙනත් කෙනෙකු ආදේශ කර ඇත. ඔහුගේ චරිතය අල්ලාහ් වෙනුවෙන් පමණක් විය යුතුයි. ජනයා ඔහු ප්රශංසා කළ ද ඔහු අවමන් කළ ද ඒ පිළිබඳ නොතකයි. ඔහුගේ අවනත භාවය දැන ඔහුව ප්රශංසා කොට ඔහුට පැසසුමට ලක් කළේ නම් එය මූණිච්චාවක් නොව ඉය පෙරාතුවම ලැබෙන සුභාශිංසනයකි. මෙය හා හදීසයේ සඳහන් කරනු ලැබූ දෑ අතර මහත් වෙනසක් ඇත. ඉබ්නු උසය්මීය්යීන්ගේ රියාලුස් සාලිහීන්හි විවරණය. (6/354,355)