عَنِ ابْنِ عُمَرَ رضي الله عنهما:
عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ نَهَى عَنِ النَّذْرِ، وَقَالَ: «إِنَّهُ لَا يَأْتِي بِخَيْرٍ، وَإِنَّمَا يُسْتَخْرَجُ بِهِ مِنَ الْبَخِيلِ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1639]
المزيــد ...
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ භාරහාර තැබීමෙන් වැළැක්වූහ. එමෙන්ම මෙසේ ද පැවසූහ: “සැබැවින්ම එය යහපතක් ගෙන දෙන්නේ නැත. එය සිදු වන්නේ මසුරෙකුගෙනි”
[صحيح] - [متفق عليه] - [صحيح مسلم - 1639]
භාරහාර තැබීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. එනම් දහම තමන් වෙත අනිවාර්යය නො කළ දෙයක් තමන් වෙත මිනිසා අනිවාර්යයකර ගැනීමය. සැබැවින්ම එම භාරහාරය කිසිවක් ඉක්මන් කරන්නේ හෝ ප්‍රමාද කරන්නේවත් හෝ නැත. එමගින් මතුවනුයේ අනිවාර්යය දෑ හැර වෙනත් කිසිවක් නො කරන මසුරෙකු පමණි. සැබැවින්ම භාරහාර තැබීම පෙර නියමය තුළ නොතිබූ කිසිවක් ගෙන එන්නේ නැත.