1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් ඉස්ලාම් නොවන පිළිවෙතක් සම්බන්ධ දිවුරුමක් මත ව්යාජ ලෙස උවමනාවෙන්ම දිවුරා සිටින්නේ ද ඔහු පවසා සිටි පරිදිම වන්නේය.

عن ثابِت بْن الضَّحَاكِ رضي الله عنه أنه بايع رسول الله صلى الله عليه وسلم تحت الشجرة، وأن رسول الله صلى الله عليه وسلم قال: «من حلف على يمين بملة غير الإسلام، كاذبا مُتَعَمِّدًا فهو كما قال، ومن قتل نفسه بشيء عُذِّبَ به يوم القيامة، وليس على رجل نَذْرٌ فيما لا يملك» وَفِي رِوَايَة: «ولَعْنُ المؤمنِ كَقَتْلِهِ». وفي رواية: «من ادَّعَى دَعْوَى كَاذِبَةً لِيَتَكَثَّرَ بها لم يَزِدْهُ اللهُ -عزَّ وجل- إلا قِلَّةً».

සාබිත් ඉබ්නු අල්-ලහ්හාක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ඔහු ගස යට සිට අල්ලාහ්ගේ දූතයාණන්හට ප්රතිඥා දුන්නේය. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පැවසූහ. “ඉස්ලාම් නොවන පිළිවෙතක් සම්බන්ධ දිවුරුමක් මත ව්යාජ ලෙස උවමනාවෙන්ම දිවුරා සිටින්නේ ද ඔහු පවසා සිටි පරිදිම විය. කවරෙකු යම් දෙයකින් සිය දිවි නසා ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ අයුරින් දඬුවම් කරනු ලබනු ඇත. තමන්ට අයිති නොවන දෙයක භාරහාර තැබිම පුද්ගලයකුට සුදුසු නොවනු ඇත.” තවත් වාර්තාවක: “දේවත්වය විශ්වාස කළ අයට දොස් නැගීම ඔහුව ඝාතනය කළාක් මෙනි.” තවත් වාර්තාවක, ‘කවරෙකු බොරු වාදයක් තුළින් අධික කර ගැනීම උදෙසා තර්ක කළේ ද ගෞරවනීය අල්ලාහ් පහත් බව මිස වෙනකක් ඔහුට වර්ධනය කරන්නේ නැත.”

පූර්ව සාධක සහිත හදීසයකි බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

හුදෙයිබා දින ගස යට සිට රිළ්වාන් ප්රතිඥාව දිවුරුම් දුන් අය අරතින් කෙනෙකු වූ සාබිත් බින් අල්-ලහ්හාක් අල්-අන්සාරි තුමා නබි (සල්ලලල්හු අලෙයිහි වසල්ලම්) තුමාණන් අදහස් දැක්වූ දෑ පිළිබඳ මෙසේ වාර්තා කළේය. ‘මේ මේ දෑ සිදු වූයේ නම් එවිට තමන් යුදෙව්වෙකි, කිතුනුවෙකි, අග්නි ලබ්ධිකයෙකි යනුවෙන් හෝ දේව ප්රතික්ෂේපකයකි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගෙන් ඉවත් වූවෙකි’ යනුවෙන් පවසන්නාක් මෙන් ඉස්ලාම් පිළිවෙත නොවන දිවුරුමක් මත ව්යාජ ලෙස උවමනාවෙන්ම කවරෙකු දිවුරා සිටියේද ඔහු කවර දේව ප්රතික්ෂේපිත පිළිවෙතක් වෙත තමන්ව සම්බන්ධ කළේ ද එය මෙන්ම ඔහු විය. අසිපතකින් හෝ පිහියකින් හෝ තුවක්කුවකින් හෝ ඝාතනය කළ හැකි වෙනත් ආයුධයකින් හෝ වේවා එවැනි යම් දෙයකින් කවරෙකු සිය දිවි නසා ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු එමගින් දඬුවම් කරනු ලබනු ඇත. කවරෙකු තමන්ට අයිති නොමැති යමක් උදාහරණ වශයෙන් මේ පුද්ගලයාගේ වහලා නිදහස් කරන බවට හෝ මේ පුද්ගලයාගේ ධනයෙන් කොටසක් පරිත්යාග කරන බවට තමන්ට අයිති නැති දෙයක් භාරහාර වශයෙන් තබන්නේ ද සැබැවින්ම එම භාරය වලංගු නොවන නිෂ්ඵල දෙයක් වන්නේය. ඊට හේතුව එහි නියම ස්ථානය ලබා නැති බැවින් හා එහි නියම ස්ථානය අනුමත නොවන බැවිණි. කවරෙකු දේව විශ්වාසියෙකුට දොස් නැගුවේ ද ඔහු ඔහුව ඝාතනය කළාක් මෙනි. ඊට හේතුව දොස් නගන්නා හා ඝාතකයා අල්ලාහ්ගේ තහනම උල්ලංඝණය කරමින් පාපය උපයාගෙන ගෙන දඬුවමට සුදුස්සකු වී ඇති බැවිණි. කවරෙකු තමන් සතුව නැති ධනය, දැනුම, පෙළපත, ගෞරවය, නිලය හෝ වෙනත් යම් දෙයක් සම්බන්ධව බොරුවට වාද කරමින් අහංකාර පාමින් අධිකත්වය සොයන්නේ ද ඔහුට අවමානය හා පහත්බව මිස අල්ලාහ් වැඩි කරන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම තමන් තුළ නැති දෙයකින් තමන්ව ඔසවා තබන්නට ඔහු සිතූ බැවිනි. එහෙයින් ඔහු අපේක්ෂා කරන වර්ගයෙන්ම ඔහුගේ ප්රතිවිපාකය පිහිටනු ඇත.

අර්ථ කථන නිරීක්ෂණය

15 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
KU Kurdî الكردية
PT Português البرتغالية
ML മലയാളം المليالم
SW Kiswahili السواحيلية