عن أبي موسى الأشعري رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «مَنْ حَمَلَ عَلَيْنَا السِّلاحَ فَلَيْسَ مِنَّا».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“කවරෙකු අපට එරෙහිව අවි ඔසවන්නේද ඔහු අපෙන් කෙනෙකු නොවන්නේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම දේව විශ්වාසීන් සහෝදරයින් වන බවත් ඔවුන් එකිනෙකා තවකෙකුගේ වේදනාව වෙනුවෙන් වේදනා විඳින බවත් තවකෙකුගේ සතුට වෙනුවෙන් සතුටු වන බවත් ඔවුන්ගේ ප්රකාශය එකම වන බවත් ඔවුන්ගේ සතුරන්ට එරෙහිවීමේ දී ඔවුන් එක් අතක් වන බවත් නබි (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) තුමා පැහැදිලි කර සිටියි. එහෙයින් ඔවුන්ගේ පාලකයා වෙනුවෙන් ඔවුන් එක්රැස් වීමත් ඔහුට අවනත වීමත් ඔවුනට අනිවාර්යය වේ. කවරෙකු ඔහුට විරුද්ධව කැරලි ගසා ඔහුගෙන් බැහැරව යන්නේ ද එවැන්නන්ට එරෙහිව ඔහුට උපකාර කළ යුතු වේ. සැබැවින්ම එසේ බැහැරව ගිය තැනැත්තා මුස්ලිම්වරුන්ගේ සාමය කඩ කරනු ඇත. ඔවුනට එරෙහිව අවි ඔසවා ඇත. ඔවුන් බියගන්වා ඇත. එබැවින් ඔහු නැවත හැරී අල්ලාහ්ගේ නියෝගය වෙත පැමිණෙන තෙක් ඔහු සමග සටන් කළ යුතු වේ. ඊට හේතුව සැබැවින්ම එසේ බැහැරව ගිය තැනැත්තා ඔවුන්ගෙන් බැහැර වී ඔවුනට එරෙහිව කැරලි ගසා ඇති බැවිනි. ඔහුගේ හදවත තුළ ඉස්ලාමීය ප්රේමය නැත. හදීසයේ ඇති දැඩි අවවාදය තුළින් සැබැවින්ම මහා පාපයන් අතර පවතින මෙම පාපය සඳහා අවවාද කළ යුතු බවත් ඉන් බැහැර කළ යුතු බවත් පෙන්වා දෙයි. ඒ අනුව ඔහු සමග සටන් කිරීමත් ඔහුව හැඩ ගැස්වීමත් අනිවාර්යය වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. පාලකයන් වන ඉමාම්වරුන්ට එරෙහිව කැරලි ගැසීමේ තහනම. ඔවුන්ගෙන් කිසියම් නපුරක් සිදුවුවද, එය දේව ප්රතික්ෂේපයට හේතු නොවූ තාක් කල් එසේ කැරලි ගැසීම තහනම් වේ. ජීවිත අහිමිවීම, අහිංසකයින් ඝාතනය කිරීම, මුස්ලිම්වරුන් බිය ගැන්වීම, ආරක්ෂාව නැතිවීම, පිළිවෙල කඩාකප්පල් කිරීම යන කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව කැරලි ගැසීමේ ප්රිතිවිපාක ඔවුන්ගේ පැවැත්ම නරක් වීමට වඩා බරපතලය.
  2. යම් නපුරක් කරන පාලකයන්ට එරෙහිව පෙළ ගැසීම තහනම් වී නම්, අවංක හා යුක්තිසහගත අයගේ තත්ත්වය සම්බන්ධයෙන් කෙසේ විය යුතු ද?
  3. විහිළුවට පවා මුස්ලිම්වරුන්ට අවි ආයුධ සහ වෙනත් දෙයක් තුළින් බිය ගැන්වීම තහනම් කිරීම.
අමතර