عن علي بن أبي طالب رضي الله عنه مرفوعاً: «لاَ يُتْمَ بَعْدَ احْتِلاَمٍ، وَلاَ صُمَاتَ يوم إلى الليل».
[صحيح] - [رواه أبو داود]
المزيــد ...

අලී ඉබ්නු අබී තාලිබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “වැඩිවියට පත්වීමෙන් පසු අනාථ භාවය නැත. එමෙන්ම රාත්රිය දක්වා දවසේ නිහඬව සිටීමක් නැත.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

පළමුව, කෙනෙකු වැඩි වියට පත්වීමත් සමග අනාථයකු ලෙස නොසැලකේ. දෙවනුව. නිහඬව සිටිමින් රාත්රිය දක්වා අල්ලාහ් වෙනුවෙන් නැමඳුම් කිරීම අඥාන යුගයේ ජනයා පිළිපදිමින් ආහ. එහිදි ඔවුන් නිහඬව සිටියි. හිරු අවරට යන තෙක්ම කිසිවකු සමග කතා නොකරයි. එහෙයින් මුස්ලිම්වරු එයින් වැළකී සිටියේය. එය අල්ලාහ්ව තස්බීහ් කිරීම, තහ්ලීල් කිරීම, තහ්මීද් කීරීම, යහපත නියෝග කොට අයහපත් දැයින් වැළැක්වීම, අල් කුර්ආනය කියවීම හා වෙනත් කරුණු ඉටුකිරීමේ තත්ත්වයට එය අතහැර දැමීය. එමෙන්ම එය අඥාන යුගයේ ක්රියාවකි. එහෙයින් එය තහනම් කරන ලදී.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර