නබි වදන් ලැයිස්තුව
95
1. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණෝ දකුණත ප්‍රිය කරන්නෙකු වූහ.”
2. මුහම්මද් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට එතුමාගේ පවුලේ අය විෂයයෙහි ගරු උපකාර කරනු.
3. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක එතුමාණන්ගේ කුඩා දිව පෙනෙන තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු වූහ.” - 2 ملاحظة
4. ඔබට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ දරුවන්ට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ වස්තුවට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. අල්ලාහ්ගෙන් වූ හෝරාවක් අනුගත වී එහි යම් පිරිනැමීමක් ඉල්ලා සිටින්නේ නම් එයට නුඹලාට පිළිතුරු දෙනු ලබනවා මිස නැත.
5. “ඔබ අතරින් කිසිවකු හෝ තමන් ප්‍රිය කරන සිහිනයක් දුටුවේ නම්, සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් වූවකි. එබැවින් ඒ සඳහා ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුය. ඒ ගැන කතා කළ යුතුය. ඒ හැර තමන් පිළිකුල් කරන යමක් දුටුවේ නම්, සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වූවකි. එවිට එහි හානියෙන් ඔහු ආරක්ෂාව පැතිය යුතු අතර එය කිසිවකුට නොපැවසිය යුතුය. මන්ද සැබැවින්ම එය ඔහුට හානිදායක නොවන්නේමය.”
6. “කවරෙකු ගැහැණු දරුවන් දෙදෙනෙකු ඔවුන් වැඩිවියට පත්වන තුරු රැකබලා ගත්තේ ද, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා හා ඔහු මෙසේ එනු ඇත' යැයි පවසා එතුමාණන්ගේ ඇගිළි ළං කර පෙන්වූහ
7. “මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවන්නේ නම්, සෑම සලාතයට පෙර සිවාක් භාවිතා කරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”
8. “ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්: “අහෝ දෙවිඳුනි! පිං සඳහා වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් තැනැත්තා: “අහෝ දෙවිඳුනි! එය රඳා තබා ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි
9. මම සඊද් ඉබ්නු ජුබෙයිර් සමග සිටියෙමි. එවිට ඔහු: “පෙර දින කඩා වැටුණු තරුව ඔබ අතරින් දුටුවේ කවුරුන්දැ?යි විමසුවේය. එවිට මම: ‘මම’ යැයි පැවසුවෙමි. පසුව මම: ‘සැබැවින්ම මම සලාතයේ නොසිටියෙම් ද? එනමුත් මම දෂ්ඨ කරනු ලැබුවෙමි.” යැයි පැවසුවෙමි. - 2 ملاحظة
10. සමීප වී විධිමත්ව කටයුතු කරනු. ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු ඔහුගේ ක්‍රියාවෙන් පමණක් ජය නො ලබන බව දැන ගනු." ඔවුහු අල්ලාහ්ගේ දූතයාණනි! ඔබත් එසේ නො වන්නෙහි?" යැයි විමසුවෝය. එතුමාණෝ: "අල්ලාහ්ගේ කරුණාව හා භාග්‍යය තුළින් ඔහු මා ආවරණය කිරීමෙන් මිස මම ද එසේ නොවෙමි" යැයි පැවසූහ
11. (අහෝ අල්ලාහ්! ඔබේ කෝපය වෙනුවට ඔබේ පිළිගැනීම තුළින් ද ඔබේ දඬුවම වෙනුවට ඔබේ සුවය තුළින්ද සැබැවින්ම මම ආරක්ෂාව පතමි. තවද මම ඔබෙන් වූ ආරක්ෂාවද ඔබෙන් පතමි. ඔබ ඔබව ප්‍රශංසා කළ පරිදිම ඔබට ප්‍රමාණවත් තරමට ප්‍රශංසා කිරීමට මට නො හැක.ෙ) - 2 ملاحظة
12. “ස්වර්ගවාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? දුර්වල හා දුර්වල කරන ලැබූ සෑම කෙනෙකුමය. එවැන්නෙකු අල්ලාහ් මත දිවුරා සිටියේ නම් ඔහු ඔහුට උපකාර කරනු ඇත. නිරා වාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? අහංකාර උද්දච්ඡ උඩඟුකම් පාන සෑම කෙනෙකුමය.”
13. සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.”
14. දැහැමි සිහිනය අල්ලාහ්ගෙන් වූවකි. දුෂ්ට සිහිනය ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙයින් ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, තමන් බියට පත් අයුරින් යම් දුෂ්ට සිහිනයක් දුටු විටෙක ඔහුගේ වමතට තුන්වරක් කෙළ ගසන්නාක් මෙන් ඇඟවිය යුතු ය. ඉන් ඇතිවන හානියෙන් ආරක්ෂාව පැතිය යුතු ය. එවිට එය කිසිදු හානිකර බලපෑමක් ඔහුට ඇති නොකරනු ඇත
15. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ආරක්ෂාව යනු කුමක්දැ? යි මම විමසා සිටියෙමි. එතුමාණෝ: “ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රඳවා ගත යුතුය. ඔබේ වැරදිවලට ඔබ හඬා වැළපෙනු." යැයි පැවසූහ
16. සැබැවින්ම ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත එය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇත. තරාතිරම් දෙකක් අතර ප්රමාණය අහස හා පොළව අතර වූ ප්රමාණය මෙනි.
17. “මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස මම වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදිම මම ඔහු සමග වෙමි - 6 ملاحظة
18. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම නිවසට පිවිසුනු විට හෙතෙම කවර කරුණකින් ආරම්භ කළේ ද? යැයි මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවා ය
19. රාත්රියේ නින්දට වැටී උදේ වරුව දක්වා නිදා සිටින මිනිසෙකු ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මෙනෙහි කරන ලදී. එයට එතුමාණෝ: “ඔහු, ඔහුගේ දෙකන්හි ෂෙයිතාන් මූත්‍රා කළ තැනැත්තෙකි" යැයි පැවසූහ. එසේ නැතිනම් 'ඔහුගේ කන තුළ' යැයි සඳහන් වී ඇත
20. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙනත් දිනවල උනන්දුවෙන් කටයුතු නො කළ ආකාරයට අවසන් දින දහයේ උනන්දුවෙන් යුතුව කටයුතු කරන්නට වූහ
21. අල්ලාහ්ගේ දූතයාණන් වෙනුවෙන් අපි එතුමාගේ මිස්වාක් දැහැටිය හා ජලය සූදානම් කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ් එතුමාණන්ව අවදි කිරීමට අභිමත කළ වේලාවෙහි එතුමාණන්ව අවදි කරවයි. පසුව එතුමාණන් දත් පිරිසිදු කර, වුළූ ධෝවනය කර, සලාත් ඉටු කරයි.
22. දේව ගැත්තෙක් තවත් දේව ගැත්තකුගේ අඩුපාඩු මෙලොවෙහි සඟවන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ අඩුපාඩු සඟවනු ඇත
23. “උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”
24. “ඔබ කියන පරිදි වන්නෙහි නම් එය ඔබ ඔවුනට උණු අලු කන්නට දෙන්නාක් මෙනි. තවද ඔබ එසේ ක්‍රියා කරමින් සිටින තාක්කල් අල්ලාහ්ගෙන් වූ උදව්කරුවකු ඔබ සමග සිටින්නේමය.”
25. “අල්ලාහ්ගේ මාර්ගයේ සිටින ගැත්තකුගේ දෙපා මත තැවරෙන දූවිලි, (ඒ හේතුවෙන්) නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.“
26. “උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි නොකර සභාවකින් නැගිට යන පිරිස, බූරු මළකුණක් අසළින් නැගිට ගිය අය මෙන් මිස නොවෙති. ඔවුනට එය පසුතැවීමක් වනු ඇත.”
27. “තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව, ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.”
28. “සැබැවින්ම මගෙන් පසුව ඔබලා කෙරෙහි මා බියවන කරුණ නම්, මෙලොව චමත්කාරය හා එහි අලංකාරය නුඹලා වෙත විවෘත කරනු ලැබීමය.” - 2 ملاحظة
29. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පීඩාවෙන්, තමන්ව අල්ලාහ් මුදවාලීම ගැන කවරෙකු සතුටු වන්නේ ද ඔහු දුෂ්කරතා ඇත්තාට සහනයක් ලබා දෙනු ඇත, හෝ ඔහුට (ණය ඉවත් කර) සමාව දෙනු ඇත.”
30. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා වාසීන්ට හිමිවන වඩාත් සැහැල්ලු දඬුවම, තම දෙපතුල යට තබන ලද ගිනි පෙණලි දෙකකි. වතුර උතුරා යන්නා සේ ඔහුගේ මොළය එමගින් උණු වී උතුරා යයි. මීට වඩා දරුණු ලෙස දඬුවම් විදින කිසිවකු ඔහු දකින්නේ නැත. සැබැවින්ම ඔවුන්ට හිමිවන සැහැල්ලුම දඬුවම එය වේ.”
31. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, තම පරමාධිපතියාණන් ඔහුගේ ආවරණය ඔහු මත තබන තරමට දේවත්වය විශ්වාස කරන්නා ඔහු වෙත සමීප කරවනු ලැබේ. පසුව ඔහුගේ පාපයන් පිළිගන්නට සළස්වයි
32. මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත
33. “යහපත යනු: යහපත සදාචාරයයි. පාපය යනු ඒ ගැන ඔබේ සිත තුළ හට ගැනෙන සැකයයි. එමෙන්ම ජනයා ඒ ගැන දැන ගැනීම ඔබ පිළිකුල් කරනු ඇත.”
34. එදින නිරය ගෙන එනු ලැබේ. එයට ලණු හැත්තෑ දහසක් පවතී. සෑම ලණුවක් සමගම මලක්වරු හැත්තෑ දහසක් එය ඇදගෙන යති. - 1 ملاحظة
35. අහෝ අබූ හුරෙයිරා!" යැයි පවසා, මට එතුමාණන්ගේ පාවහන් යුගලය පිරිනමා, "මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්න
36. “මනා ලෙස අල් කුර්ආනය කියවන්නා යහපත් උතුම් දේව දූතයින් සමග සිටියි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය - 10 ملاحظة
37. මෙම රාත්රියේ පහළ කරනු ලැබූ වදන් ඔබ නොදුටුවෙහිද? ඒ හා සමාන වදන් කිසිවිටෙක දකින්නට නොවීය. කුල් අඌදු බිරබ්බිල් ෆලක්, කුල් අඌදු බිරබ්බින් නාස්.
38. වේලාවන් තුනක් ඇත. අපි ඒවායෙහි සලාත් ඉටු කිරීම හෝ අප අතර මිය ගිය ඇත්තන් ඒවායෙහි වළ දෑමිම හෝ අල්ලාහ්ගේ දූතයාණෝ අපට තහනම් කළහ
39. ඔවුන්ගේ සලාතයේ දී ඔවුන්ගේ බැල්ම ඔවුන් ඉහළට යොමු කරන ජන පිරිස්වල තත්ත්වය කුමක් ද?" එහි දී එතුමාණන්ගේ ප්‍රකාශය ඉතා දැඩි විය. එය කෙතරම් ද යත්, එතුමාණෝ මෙසේ පැවසූහ: "ඉන් ඔවුන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් ඔවුන්ගේ බැල්ම පැහැරගනු ලබනු ඇත
40. බද්ර් (සටනට) හා හුදෙයිබිය්යා (ගිවිසුමට) සහභාගී වූ මිනිසා කිසිවිටෙකත් අපා ගින්නට ප්‍රවේශ වන්නේ නැත
41. සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ මිය ගිය විට, ඔහුගේ නවාතැන උදේ හා හවස ඔහුට නිරූපණය කරනු ලැබේ
42. එකතු වී (සාමුහිකව) ඉටු කරනු ලබන සලාතය ඔබ අතරින් කිසිවකු තනිව ඉටු කරන සලාතයට වඩා කොටස් විසි පහකින් උතුම් වන්නේය. ෆජ්ර් සලාතයේ දී රාත්‍රි කාලයේ මලක්වරු හා දහවල් කාලයේ මලක්වරු රැස් වෙති
43. හවරි බඳින කාන්තාවට හා හවරි බඳින මෙන් පතන කාන්තාවටත් පච්චා (ටැටූ) කොටන කාන්තාවට හා පච්චා කොටන මෙන් පතන කාන්තාවටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ශාප කළහ
44. තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු, ළඳරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු - 2 ملاحظة
45. “කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කරනු ඇත.”
46. “ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”
47. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ ආහාර සාඃ එකක් හෝ අක්ත් හෙවත් කැටි කිරි හා රට ඉඳිවලින් පිසූ ආහාර වර්ගයෙන් සාඃ එකක් හෝ බාර්ලි සාඃ එකක් හෝ රට ඉඳි සාඃ එකක් හෝ මිදි සාඃ එකක් හෝ ලොකු පොඩි, නිදහස් හා වහලුන් සියලු සෑම දෙනා වෙනුවෙන්ම අපි සකාතුල් ෆිත්ර් නිකුත් කරන්නන් ලෙස සිටියෙමු
48. “අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග සහර් කළෙමු. පසුව එතුමාණෝ සලාතය සඳහා නැගී සිටියහ. මම, "අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැ?"යි විමසා සිටියෙමි. එතුමා, "ආයාත් පනහක ප්‍රමාණයක්" යැයි පැවසූහ
49. “සැබැවින්ම අල්ලාහ් තම දූතයාණන්ව (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) අත්පත් කර ගන්නා තෙක්ම එතුමාණෝ රමළාන් මාසයේ අවසන් දින දහයේ ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිට නැමදුම් කරන්නට වූහ. එතුමාණන්ගෙන් පසුව එතුමාණන්ගේ බිරියන් ඉඃතිකාෆ් සිටියහ
50. ඔබ සහර් කරනු. සැබැවින්ම සහර් හි සමෘද්ධිය ඇත - 2 ملاحظة
51. “දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඔබ ඉටු නොකළ යුතුයි. නමුත් උපවාසයේ නිරත වෙමින් සිටින මිනිසෙකු හැර. ඔහු උපවාසයේ නියැළෙත්වා
52. “පිරිමියා හා කාන්තාව කෙරෙහි ද, නිදහස් තැනැත්තා හා වහලා කෙරෙහි ද, මුස්ලිම්වරුන් අතර සිටින කුඩා හා වැඩිහිටි අය කෙරෙහි ද රට ඉඳි සාඃ එකක ප්‍රමාණයක් හෝ තිරිඟු සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනිවාර්යය කළහ. ජනයා ( ඊද් උත්සව) සලාතය සඳහා පිට ව යාමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු බවත් නියෝග කළහ
53. කාන්තාවකට, ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්‍රියක් ගමන් කරන දුරක් ගමන් කිරීම අනුමත වන්නේ නැත.” - 2 ملاحظة
54. “කවරෙකු උපවාසයේ නිරත ව සිටිය දී අමතක වී ආහාර අනුභව කළේ නම් හෝ ජලය පානය කළේ නම් හෝ ඔහු ඔහුගේ උපවාසය පූර්ණ කළ යුතුය. සැබැවින්ම එසේ ඔහුට ආහාර හා ජලය සපයනුයේ අල්ලාහ් ය.”
55. උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා සමග අවුරුදු සලාතයට මම සහභාගී වූයෙමි. එවිට එතුමා “මෙම දින දෙක, එනම් නුඹලාගේ උපවාසයෙන් නුඹලා අවසන් කර ගන්නා (ඊදුල් ෆිත්ර්) දින හා නුඹලාගේ සත්ව කැපයෙන් නුඹලා අනුභව කරන (ඊදුල් අල්හා) දින යන දෙදින උපවාසයේ නිරත වීම අල්ලාහ්ගේ දූතයාණන් තහනම් කර ඇත.”
56. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක ලක ලබ්බයික්. ඉන්නල් හම්ද, වන්නිඃමත, ලක වල් මුල්ක් ලාෂරීක ලක්.” යන්නයි
57. “නුඹලා කද්ර් රාත්‍රිය රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි සොයන්න
58. “නුඹලාගේ සිහිනයම මම ද දුටුවෙමි. එය අවසන් භාගයේ හත්වැනි දින වනු ඇතැයි හැඟේ. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු එය සොයන්නේ ද අවසන් භාගයේ හත්වැනි දින එය සොයත්වා” යැයි පැවසූහ
59. එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): “නුඹලා පුණ්‍ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට ඇති නොකළේ ද? (සුබ්හානල්ලාහ් - -අල්ලාහ් සුවිශුද්ධය- යැයි පවසන) සෑම තස්බීහයක්ම දානයකි. (අල්ලාහු අක්බර් - අල්ලාහ් අතිශ්රේෂ්ඨය- යැයි පවසන) සෑම තක්බීරයක්ම දානයකි. (අල්හම්දුලිල්ලාහ් - සියල පැසසුම් අල්ලාහ්ටය- යැයි පවසන) සෑම තහ්මීදයක්ම දානයකි. (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යැයි පවසන) සෑම තහ්ලීලයක්ම දානයකි. යහපත විධානය කිරීමද දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමත් දානයකි. නුඹලා අතර කෙනෙකු (බිරිද සමග) කාමුකව හැසිරීම ද දානයකි.” - 2 ملاحظة
60. “කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත
61. අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.” - 2 ملاحظة
62. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මොර දී වැළපෙන්නාගෙන් ද හිස මුඩුගා වැළපෙන්නාගෙන් ද ඇඳුම් ඉරාගෙන වැළපෙන්නාගෙන් ද ඉවත් වූහ.”
63. “ඉස්රාඊල් දරුවන් වනාහි නබිවරු ඔවුන් පාලනය කළහ. නබිවරයකු ඉකුත්ව ගිය සෑම කලකම ඔහුගෙන් පසුව තවත් නබිවරයකු ඔවුන් වෙත පැමිණියේය. සැබැවින්ම මට පසුව කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු (පාලකයෝ) වෙති. ඔවුන් අධිකව සිටිති.”
64. “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්‍රවේශ වූ විට, රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”
65. “අර්බුදකාරී තත්ත්වය තුළ නැමදුම් කිරීමට යොමු වීම මා වෙත හිජ්රත් හෙවත් නික්ම පැමිණියාක් මෙනි
66. පාපයක් නැති ඥාතී සම්බන්ධකම් බිඳ නො දමන ආකාරයේ යම් ප්‍රාර්ථනාවක් කරන මුස්ලිම්වරයකුට ආකාර තුනෙන් එක් ආකාරයකින් හෝ අල්ලාහ් ඔහුට එය පිරිනමනු ඇත. එනම්, එක්කො ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුට කල් ඇතිව ඉක්මන් කරනු ලැබේ. එක්කො මතුලොවෙහි එය ඔහු වෙනුවෙන් රැස්කර තබයි. එක්කො ඒ හා සමාන නපුරක් ඔහුගෙන් ඉවත් කරයි. ඔවුහු: "එසේ නම් අපි වැඩි කරන්නෙමු" යැයි පැවසුවෝය. එතුමාණෝ "අල්ලාහ් ඉතා උතුම්ය" යැයි පැවසුහ
67. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වේදනාවකදී: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. තේරුම: නැමදුමට සුදුස්සා සෙනෙහිවන්ත සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අති මහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අහස්හි පරමාධිපති වූද මහපොළොවේ පරමාධිපති වූද මහිමයෙන් යුත් අර්ෂ්හි පරමාධිපති වූද අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත." යැයි පවසන්නෙකු වූහ
68. ඉදා ජාඅ නස්රුල්ලාහි වල් ෆත්හු” (අන්-නස්ර්: 1) නම් පරිච්ඡේදය පහළ වීමෙන් පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ දී “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී”
69. “ඔබ අතරින් කිසිවකු හෝ ඈනුම් හැරිය විට, ඔහු තම අත තම කට මත තබා වළක්වා ගත යුතුයි. මක්නිසාදයත් ෂෙයිතාන් පිවිසෙන බැවිනි
70. “මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඒවා මොනවාදැ?යි විමසන ලදී. එතුමාණෝ: "ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබව සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දෙන්න. ඔහු ඔබෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර (අල්හම්දු ලිල්ලාහ්’) -යැයි අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට (යර්හමුකල්ලා) යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (ජනසා කටයුතු අවසන් වන තෙක්) ඔහු පසුපස යන්න.” - 4 ملاحظة
71. “තම වස්ත්‍රය උඩගු කමින් බිම ගාවා ඇදගෙන යන අය දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නො බලනු ඇත.”
72. “කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළේය. එමෙන්ම ස්වර්ගය ඔහුට තහනම් කළේය.” එවිට පුද්ගලයෙක්: "අල්ලාහ්ගේ දූතයාණනි! එය සුළු දෙයක් වූවත් එසේදැ?"යි එතුමාණන්ගෙන් විමසීය. එවිට "අරාක් (මිස්වාක්) දැහැටියක් වුව ද එලෙසමය" යැයි එතුමාණන් පැවසූහ
73. “ආශිර්වාද දෙකක් ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒ දෙක ගැන නොසැලකිල්ලෙන් පසුවෙති. ඒවානම්: නිරෝගීකම හා විවේකයයි.”
74. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්‍රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!) - 8 ملاحظة
75. “නියත වශෙයන්ම ශාප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත්වන්නන් ලෙස හෝ සාක්ෂිකරුවන් ලෙස හෝ පෙනී නො සිටිනු ඇත.”
76. “සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ජීවමානය, ත්‍යාගශීලීය. ඔහුගේ ගැත්තෙක් ඔහු වෙත තම අත් දෙක ඔසවන විට ඒ දෙක හිස් අතින් නැවත යැවීමට ලැජ්ජා වන්නේය.”
77. යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් කිසි සභාවක අසුන් ගන්නේ ද, ඔවුන්ට (අල්ලාහ්ගෙන්) අලාභයක්ම සිදුවෙනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට සමාව දෙනු ඇත
78. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රාර්ථනා අතරින් ‘අල්-ජවාමිඃ’ හෙවත් සමූහයක් වශයෙන් කරන ප්‍රාර්ථනාවන් ප්‍රිය කරන්නෙකු වූහ. ඒ හැර සෙසු දෑ එතුමාණෝ අතහැර දැමූහ
79. දිවුරා සිටීම භාණ්ඩය ප්‍රවර්ධණය කරන නමුත් එය ලාභය විනාශ කරන්නකි
80. “නුඹලා සුළඟට දොස් නොකිනු. නුඹලා පිළිකුල් කරන දෙයක් දුටු විට
اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ الرِّيحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هَذِهِ الرِّيحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ
‘අල්ලාහුම්ම ඉන්නා නස්අලුක මින් කයිරි හාදිහිර් රීහි, වකයිරි මා ෆීහා වකයිරි මා උමිරත් බිහී. වනඌදු බික මින් ෂර්රි හාදිහිර් රීහි වෂර්රි මා ෆීහා වෂර්රි මා උමිරත් බිහී.’ (අහෝ අල්ලාහ්! මෙම සුළගේ යහපත ද එහි තුළ ඇති යහපත ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි යහපත ද මම ඔබෙන් පතමි. එමෙන්ම මෙම සුළගේ හානියෙන් ද එහි තුළ ඇති හානියෙන් ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) යනුවෙන් පවසනු
81. ඔබ අතරින් කිසිවකු හෝ ‘අහෝ දෙවියනි! ඔබ අභිමත කළේ නම් මට සමාව දෙනු මැනව. ඔබ අභිමත කළේ නම් මට කරුණා කරනු මැනව. ඔබ අභිමත කළේ නම් මට පෝෂණය කරනු මැනව!' යැයි නොපැවසිය යුතුයි. ඔහු පතන පැතුමෙහි ස්ථීරව සිටිත්වා! සබැවින්ම අල්ලාහ් තමන් කැමති පරිදි කටයුතු කරයි. එය පිළිකුල් කරන්නෙකු නැත.” - 2 ملاحظة
82. “කවර මිනිසෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ, පසුව ඔහු මා වෙත සලවාත් නො පැවසුවේ ද ඔහු අවමානයට පත් වේවා!” රමළාන් මාසය ඔහු වෙත ප්‍රවේශ වී, පසුව ඔහු වෙනුවෙන් ඔහු පාපක්ෂමාව අයැද සිටීමට පෙර එය අවසන් වී ගියේ ද එවැනි තැනැත්තාටත් විනාශය අත් වේවා! තමන් හට වයෝවෘද්ධ දෙමාපියන් හිද, ඔවුන් දෙදෙනා ඔහුව ස්වර්ගය වෙත ප්‍රවේශ නොකරන අය ද අවමානයට පත් වේවා!
83. කාලය මුළුල්ලේම උපවාසය රකින්නා හට උපවාසය නැත. දින තුනක් උපවාසයේ නිරත වීම කාලය මුළුල්ලේම උපවාසය රකින අයකු මෙන් වේ
84. එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නො වන්නේය.’
85. මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත - 2 ملاحظة
86. කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භයේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත
87. තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත
88. “සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.” - 2 ملاحظة
89. “කිසියම් විටෙක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපයක් නොවන තාක් කල් ඒ දෙකින් වඩාත් පහසුම දෑ එතුමාණන් තෝරා ගත්තේය. එය පාපයක් වූයේ නම් එයින් ජනයාට වඩා එතුමාණෝ දුරස් වන්නෙකු වූහ
90. අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක
91. යැයි විමසා සිටියහ. ආරම්භකයින් මෙන්ම අවසානයින් එකම තැනක අල්ලාහ් එක් රැස් කරනු ඇත. ඇරයුම ඔවුනට සවන් වැකෙන්නටත් බැල්ම ඔවුන් දකින්නටත් සළස්වනු ඇත. හිරු ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්‍යසන ඔවුනට ළඟා වනු ඇත
92. “ස්වර්ගයේ, සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නාහට සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද සිදුරු සහිත කූඩාරමක් වෙයි. එහි උස සැතපුම් හැටකි. දේවත්වය විශ්වාස කරන්නාට ඔහු වැනි වෙනත් අය එහි වෙති. දේවත්වය විශ්වාස කරන එම තැනැත්තා ඔවුන් වටා සැරිසරයි. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක්ව නොදකිනු ඇත.”
93. “කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ
94. “කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු සිටීද, ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට තම රෝම හෝ තම නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය.“
95. රමළාන් (මාසය) පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. අපා ගින්නේ දොරටු වසා දමනු ලැබේ. ෂෙයිතානුන්ට විලංගු දමනු ලැබේ
No hadiths match your search.