1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “කිසියම් විටෙක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපයක් නොවන තාක් කල් ඒ දෙකින් වඩාත් පහසුම දෑ එතුමාණන් තෝරා ගත්තේය. එය පාපයක් වූයේ නම් එයින් ජනයාට වඩා එතුමාණෝ දුරස් වන්නෙකු වූහ

عَنْ عَائِشَةَ أُمِّ المُؤْمِنينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّهَا قَالَتْ:

مَا خُيِّرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ أَمْرَيْنِ إِلَّا أَخَذَ أَيْسَرَهُمَا، مَا لَمْ يَكُنْ إِثْمًا، فَإِنْ كَانَ إِثْمًا كَانَ أَبْعَدَ النَّاسِ مِنْهُ، وَمَا انْتَقَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِنَفْسِهِ إِلَّا أَنْ تُنْتَهَكَ حُرْمَةُ اللَّهِ، فَيَنْتَقِمَ لِلَّهِ بِهَا.

දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කිසියම් විටෙක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපයක් නොවන තාක් කල් ඒ දෙකින් වඩාත් පහසුම දෑ එතුමාණන් තෝරා ගත්තේය. එය පාපයක් වූයේ නම් එයින් ජනයාට වඩා එතුමාණෝ දුරස් වන්නෙකු වූහ. කිසිම විටෙක කිසියම් කටයුත්තක තම පෞද්ගලික හේතුවක් නිසා අල්ලාහ්ගේ දූතයාණෝ පළිගන්නෙකු නොවූහ. නමුත් අල්ලාහ්ගේ ගෞරවණීය දෙයක් කඩකරනු ලැබුවේ නම් මිස, එවිට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් එතුමාණෝ සමප්‍රතිචාර දැක්වූහ.

صحيح متفق عليه صحيح البخاري - 3560

විවරණය

දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණිය් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඇතැම් ගුණාංග පිළිබඳ දන්වා සිටියාය. එහි දී ඇය ප්‍රකාශ කළ කරුණක් වනුයේ: "සැබැවින්ම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපය නියම නොකරන කල්තාක් වඩාත් පහසුම දෑ එතුමාණන් පිළිපැද්දාහ. සැබැවින්ම එය ජනයා ඉමහත් සේ දුරස් කරවන්නක් වේ. එවිට හෙතෙම තෝරා ගනුයේ වඩාත් දුෂ්කර දෑය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ කිසියම් පෞද්ගලික හේතුවක් නිසා පළිගන්නෙකු නොවූහ. එතුමාණෝ සමාව දී තම අයිතිය පවා නොසලකා හරින්නෙකු වූහ. නමුත් අල්ලාහ්ගේ ගෞරවණීය කරුණක් උල්ලංගනය කරනු ලැබුවේ නම් එවිට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් එතුමාණෝ සමප්‍රතිචාර දැක්වූහ. අල්ලාහ් වෙනුවෙන් වූ කටයුතු වල එතුමාණෝ මිනිසුන් අතරින් වඩාත් දැඩි තැනැත්තෙකු වූහ.

හදීසයේ හරය

  1. කරුණු අතර පාපයක් එහි නොපවතින කල්තාක් වඩාත් පහසු දෑ පිළිපැදීම සතුටුදායක වේ.
  2. ඉස්ලාමයේ පවතින සරල හා පහසුකම.
  3. උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් වූ කටයුත්තක දී කෝප වීම ආගමානුගත කර ඇත.
  4. උත්තරීතර අල්ලාහ්ගේ නියමයන් ක්‍රියාත්මක කිරීමේ දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඉවසීමෙන් හා රිස්සීමෙන් යුතුව සත්‍යය ස්ථාපනය කළහ.
  5. ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: "දුෂ්කර දෑ අත්හැරීම, පහසු දෑ පිළිපැදීම හා බල කරන ලද දෑහි ඊට විරුද්ධව දැඩි ලෙස කටයුතු කිරීම අත් හැරීම යනාදිය මෙහි ඇතුළත් වේ.
  6. උත්තරීතර අල්ලාහ්ගේ අයිතීන් හා සම්බන්ධ කටයුතු වල හැර සෙසු කටයුතුවල දී සමාව දීමට උනන්දු කිරීම.

අර්ථ කථන නිරීක්ෂණය

47 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ