1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.”

عَن عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنهما أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُولُ:

«إِنَّ قُلُوبَ بَنِي آدَمَ كُلَّهَا بَيْنَ إِصْبَعَيْنِ مِنْ أَصَابِعِ الرَّحْمَنِ، كَقَلْبٍ وَاحِدٍ، يُصَرِّفُهُ حَيْثُ يَشَاءُ» ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «اللهُمَّ مُصَرِّفَ الْقُلُوبِ صَرِّفْ قُلُوبَنَا عَلَى طَاعَتِكَ».

සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්න් අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:
“සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.” පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කළහ. اللهم مُصَرِّفَ القلوبِ صَرِّفْ قلوبَنا على طاعتك (අහෝ හදවත් ක්‍රියා කරවන්නාණනි! අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්‍රියා කරවනු මැනව!)."

صحيح رواه مسلم صحيح مسلم - 2654

විවරණය

"සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලි අතර ඇඟිලි දෙකක් මධ්‍යයේ එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි". යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු අභිමත කළේ නම් එය සත්‍යය මත පිහිටුවාලයි. ඔහු අභිමත කළේ නම් සත්‍යයෙන් ලිස්සා යන්නට ඉඩ හරියි. සියලුම හදවත් ක්‍රියා කරවනුයේ එක් හදවතක් ක්‍රියා කරවන පරිදිය. අල්ලාහ්ගේ එක් කටයුත්තක් තවත් කටයුත්තක කාර්යබහුල නොකරයි. පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කළහ. "අල්ලාහුම්ම මුසර්රිෆුල් කුලූබ්" (අහෝ දෙවිඳුනි, විටෙක අවනතභාවය වෙත හා තවත් විටෙක පිටුපෑම වෙත ද තවත් විටෙක දෙවියන් සිහිපත් කිරීම වෙත හා ඒ ගැන නොසැලකිලිමත් කම වෙතද - හදවත් ක්‍රියාකරවන්නාණනි!) සර්රිෆ් කුලූබනා අලා තාඅතික (අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්‍රියා කරවනු මැනව!)

හදීසයේ හරය

  1. පෙර නියමය සහතික කිරීම. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ හදවත් ඔවුන් වෙනුවෙන් ලියන ලද පෙර නියමය අනුව යොමු කරවයි.
  2. සත්‍යය හා යහමග මත ස්ථාවරව තබන මෙන් මුස්ලිම්වරයා තම පරමාධිපති ගෙන් අඛණ්ඩව ඉල්ලා සිටිය යුතුය.
  3. අල්ලාහ් පිළිබඳ බිය, කිසිදු හවුල් කරුවකු නැති ඒකීය වනුයේ ඔහු බව මතකයේ තබමින් ඔහු සමගම බැඳී සිටීම.
  4. ආජුරිය්යි තුමා මෙසේ පවසයි: "සර්වබලාධාරී අල්ලාහ් තමන් ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද එමෙන්ම ඔහුගේ දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහු ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද, තවද එතුමාණන්ගේ අනුගාමිකයින් ඔහු ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද, ඒ අයුරින්ම සත්‍යයේ ජනයා ද ඔහු ගැන ගුණගායනා කරති. අලුත් ආගමික කටයුතු ආරම්භ නොකර, ඉන් වැළකී, නියම ස්වභාවය අනුගමනය කරන විද්වතුන්ගේ ආකල්පය මෙයයි. අහ්ලුස් සුන්නා වල් ජමාආත් නම් පිරිස අල්ලාහ් තමන් ගැන සහතික කළ නාම හා ගුණාංග කිසිදු වෙනස් කිරීමකින් හෝ අඩු වැඩි කිරීමකින් හෝ ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමෙන් හෝ උපමා කිරීමකින් තොරව ඒ අයුරින්ම ඔහුට ස්ථාපිත කරති. අල්ලාහ් තමන් ගැන නොකියූ දැයින් ඔවුහු ඉවත්ව සිටිති. ඔහු ගැන නොකියූ මෙන්ම සහතික නොකළ දෑ ගැන නිහඬව සිටිති. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "ඔහු මෙන් කිසිවක් නැත. ඔහු සර්වඥානීය සර්ව නිරීක්ෂකය."
الملاحظة
قال الآجري: إن أهل الحق يَصِفُوْن الله عز وجل بما وصف به نفسه عز وجل، وبما وصفه به رسوله صلى الله عليه وسلم، وبما وصفه به الصحابة رضي الله عنهم، وهذا مذهب العلماء ممن اتبع ولم يَبتدِع. انتهى. فأهل السنة يُثْبِتُوْن لله ما أثبته لنفسه من الأسماء والصفات من غير تحريف ولا تعطيل ولا تكييف ولا تمثيل، ويَنْفُون عن الله ما نفاه عن نفسه، ويَسكتون عما لم يَرِدْ به نفيٌ ولا إثبات، قال الله تعالى: (‌لَيْسَ ‌كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ).
لا حاجة لأبينها إذ لم يتجرأ أحد من السلف بأن قال أصبعان حقيقيان وإنما قالوا أصبعان لا نعلمهما. هذا وإن المنصفين يعلمون أن الخلف وإن أوّلوا المعنى بالقدرة والإرادة فهم: لم ينكروا أن له أصبعين لكن رفضوا أن يكون المعنى على ظاهره لقرينة منعت ذلك. لم يأتوا بمعنى مخالف لظاهر الحديث فهو يفيد قدرة الله وإرادته في عباده وهذا ما تأولوا معناه هذا وإن المخالفين لهم حتى وإن أثبتوا الأصبعين الحقيقيين الذين نعلمهما فإنهم لا مفرّ لهم من تأول المعنى
النص المقترح لا يوجد...

අර්ථ කථන නිරීක්ෂණය

46 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • .