«تَفْضُلُ صَلاَةُ الجَمِيعِ صَلاَةَ أَحَدِكُمْ وَحْدَهُ، بِخَمْسٍ وَعِشْرِينَ جُزْءًا، وَتَجْتَمِعُ مَلاَئِكَةُ اللَّيْلِ وَمَلاَئِكَةُ النَّهَارِ فِي صَلاَةِ الفَجْرِ» ثُمَّ يَقُولُ أَبُو هُرَيْرَةَ: فَاقْرَءُوا إِنْ شِئْتُمْ: {إِنَّ قُرْآنَ الفَجْرِ كَانَ مَشْهُودًا} [الإسراء: 78]. المزيد
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි" යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"එකතු වී (සාමුහිකව) ඉටු කරනු ලබන සලාතය ඔබ අතරින් කිසිවකු තනිව ඉටු කරන සලාතයට වඩා කොටස් විසි පහකින් උතුම් වන්නේය. ෆජ්ර් සලාතයේ දී රාත්‍රි කාලයේ මලක්වරු හා දහවල් කාලයේ මලක්වරු රැස් වෙති. පසුව අබූ හුරෙයිරා තුමා මෙසේ පවසා සිටියේය: එසේ නම් ඔබ කැමති නම් මෙය පාරායනය කරන්න. "නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි දරනු ලබන්නක් විය." (අල්-ඉස්රා: 78)