1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් පාපයක් නැති ඥාතී සම්බන්ධකම් බිඳ නො දමන ආකාරයේ යම් ප්‍රාර්ථනාවක් කරන මුස්ලිම්වරයකුට ආකාර තුනෙන් එක් ආකාරයකින් හෝ අල්ලාහ් ඔහුට එය පිරිනමනු ඇත. එනම්, එක්කො ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුට කල් ඇතිව ඉක්මන් කරනු ලැබේ. එක්කො මතුලොවෙහි එය ඔහු වෙනුවෙන් රැස්කර තබයි. එක්කො ඒ හා සමාන නපුරක් ඔහුගෙන් ඉවත් කරයි. ඔවුහු: "එසේ නම් අපි වැඩි කරන්නෙමු" යැයි පැවසුවෝය. එතුමාණෝ "අල්ලාහ් ඉතා උතුම්ය" යැයි පැවසුහ

عَنْ أَبِي سَعِيدٍ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«مَا مِنْ مُسْلِمٍ يَدْعُو بِدَعْوَةٍ لَيْسَ فِيهَا إِثْمٌ، وَلَا قَطِيعَةُ رَحِمٍ، إِلَّا أَعْطَاهُ اللهُ بِهَا إِحْدَى ثَلَاثٍ: إِمَّا أَنْ تُعَجَّلَ لَهُ دَعْوَتُهُ، وَإِمَّا أَنْ يَدَّخِرَهَا لَهُ فِي الْآخِرَةِ، وَإِمَّا أَنْ يَصْرِفَ عَنْهُ مِنَ السُّوءِ مِثْلَهَا» قَالُوا: إِذنْ نُكْثِرُ، قَالَ: «اللهُ أَكْثَرُ».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
පාපයක් නැති ඥාතී සම්බන්ධකම් බිඳ නො දමන ආකාරයේ යම් ප්‍රාර්ථනාවක් කරන මුස්ලිම්වරයකුට ආකාර තුනෙන් එක් ආකාරයකින් හෝ අල්ලාහ් ඔහුට එය පිරිනමනු ඇත. එනම්, එක්කො ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුට කල් ඇතිව ඉක්මන් කරනු ලැබේ. එක්කො මතුලොවෙහි එය ඔහු වෙනුවෙන් රැස්කර තබයි. එක්කො ඒ හා සමාන නපුරක් ඔහුගෙන් ඉවත් කරයි. ඔවුහු: "එසේ නම් අපි වැඩි කරන්නෙමු" යැයි පැවසුවෝය. එතුමාණෝ "අල්ලාහ් ඉතා උතුම්ය" යැයි පැවසුහ.

صحيح رواه أحمد مسند أحمد - 11133

විවරණය

පාපකම් හා අපරාධ කිරීමට තමන්ට පහසු කර දෙන මෙන් ඉල්ලා අයදින පාපී ප්‍රාර්ථනාවකින් තොරව හා තම දරුවන් හා තම සමීප ඥාතී සම්බන්ධකම් බිඳ දමන මෙන් ඉල්ලා අයදින ආකාරයේ ප්‍රාර්ථනාවකින් තොරව මුස්ලිම්වරයකු අල්ලාහ්ගෙන් යම් ප්‍රාර්ථනාවක් ඉල්ලා සිටින්නේ නම් ඔහුගේ ප්‍රාර්ථනාවට කරුණු තුනෙන් එක් ආකාරයකින් හෝ අල්ලාහ් ඔහුට පිරිනමනු ඇත: එක්කො ඔහුගේ ප්‍රාර්ථනාව ඔහු වෙනුවෙන් කල් ඇතිව පිළිගෙන ඔහු ඉල්ලන දෑ ඔහුට පිරිනමනු ඇත. එක්කො මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාතිරම් උසස් කිරීමෙන් හෝ පාපකම් සඳහා සමාව දී, කරුණාව දැක්වීමෙන් හෝ ඔහුට එහි ප්‍රතිඵලය ප්‍රමාද කර දෙනු ඇත. එක්කො ප්‍රාර්ථනාවේ ප්‍රමාණයට ඒ හා සමාන නපුරක් මෙලොවෙහිදී ඔහුගෙන් ඉවත් කරනු ලැබේ. එවිට සහාබාවරු, "එසේ නම්, මෙම භාග්‍යන් අතරින් එකක් හෝ ලබන්නට අපි වැඩියෙන් ප්‍රාර්ථනා කරන්නෙමු." යැයි පැවසූහ. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, "ඔබ ඉල්ලා සිටින දෑට වඩා අල්ලාහ් අබියස ඇති දෑ අධිකය, ඉමහත්ය. ඔහු ඒවා පිරිනැමීමෙන් කිසිදු අඩුවක් නොවන අතර අවසන් වී යන්නේ ද නැත."

හදීසයේ හරය

  1. මුස්ලිම්වරයකු අයදින ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේපයකින් තොරව පිළිගනු ලබන්නකි. නමුත් එයට ඇතැම් කොන්දේසි හා විනයන් අදාළ වේ. එබැවින් ගැත්තා අධික ලෙස ප්‍රාර්ථනා කළ යුතු අතර පිළිතුරු ලබන්නට ඉක්මන් නොවිය යුතුය.
  2. ප්‍රාර්ථනාවට පිළිතුරු බලාපොරොත්තු වීම අපේක්ෂිත දෑ සාක්ෂාත් කර ගැනීමට සීමා නොවේ. ඇතැම් විට ඔහුගේ ප්‍රාර්ථනාව වෙනුවට ඔහුගෙන් පාපකම් ඉවත් කරනු ලබනු ඇත. එසේ නැතහොත් ඒවා ඔහු වෙනුවෙන් මතුලොවෙහි රැස් කර තබනු ඇත.
  3. ඉබ්නු බාස් තුමා පවසා සිටිනුයේ, "නොපසුබස්නා උත්සාහය, අල්ලාහ් කෙරෙහි තබන යහපත් සිතුවිලි මෙන්ම බලාපොරොත්තු සුන්කර නො ගැනීම පිළිතුරක් සඳහා ඇති ශ්‍රේෂ්ඨතම හේතු වේ. පුද්ගලයකු නොකඩවා කන්නලව් කළ යුතුය. සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කර ගත යුතුය. සැබැවින්ම ඔහු සර්ව ප්‍රඥාවන්ත සහ සියල්ල දන්නා බව දැන සිටිය යුතුය. යම් ප්‍රඥාවක් නිසා එය ප්‍රමාද කළ හැකි අතර, අයදින්නාට ඔහු ඉල්ලා සිටි දෙයට වඩා හොඳ දෑ ලබා දිය හැකිය.

අර්ථ කථන නිරීක්ෂණය

46 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • .