1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භ‌යේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත

عن أبي الدرداء رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال:

«مَنْ حَفِظَ عَشْرَ آيَاتٍ مِنْ أَوَّلِ سُورَةِ الكَهْفِ، عُصِمَ مِنَ الدَّجَّالِ». وفي رواية: «مِنْ آخِرِ سُورَةِ الكَهْف».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භ‌යේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත.

صحيح رواه مسلم صحيح مسلم - 809

විවරණය

කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භ‌යේ පාඨ දහයක් කටපාඩම් කරමින් ඒවා ධාරණය කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගේ අර්බුදවලින් ආරක්ෂාව හා රැකවරණය ලබනු ඇත. දජ්ජාල් වන ඔහු අවසන් කාලයේ මතු වී තම දේවත්වය ගැන වාද කරයි. ඔහුගේ අර්බුදය ආදම් (අලයිහිස් සලාම්) තුමා මවනු ලැබූ දා පටන් අවසන් හෝරාව දක්වාම මහපොළොවේ පවතින බරපතලම අර්බුදය වේ. ඔහුව අනුගමනය කරන අය අර්බුදයට පත් කරන අද්භූත ආශ්චර්යයන් කිහිපයක් මගින් සර්වබලධාරී අල්ලාහ් ඔහුව ශක්තිමත් කර ඇත. සූරා අල්-කහ්ෆ්හි ආරම්භයේ සඳහන් ආශ්චර්යයන් හා වදන් තුළින් ඒ සඳහා ආරක්ෂාව ලැබේ. එය දජ්ජල් මිනිසාට මතු කර පෙන්වන අර්බුදවලට වඩා බලවත් දෑ එහි ඇති බැවිනි. එබැවින් කවරෙකු එය පරිශීලනය කර බලන්නේ ද ඔහු දජ්ජාල්ගේ අර්බුදයට කිසිවිටෙක ලක් වන්නේ නැත. තවත් වාර්තාවක: එම සූරාවේ අවසන් පාඨ දහය යනුවෙන් සඳහන් වී ඇත. එනම් "අෆහසිබල්ලදීන කෆරූ අය් යත්තකදූ..." යන පාඨයේ සිට ය.

හදීසයේ හරය

  1. සූරා අල්-කහ්ෆ්හි මහිමය විස්තර කිරීම. සැබැවින්ම එහි ආරම්භය හෝ එහි අවසානය හෝ දජ්ජාල්ගේ අර්බුදවලින් ආරක්ෂාව සපයනු ඇත.
  2. දජ්ජාල්ගේ කරුණ සම්බන්ධයෙන් තොරතුරු දන්වා සිටීම හා ඔහුගෙන් ආරක්ෂාව ලබන දෑ පිළිබඳ විස්තර කිරීම.
  3. සූරා අල්-කහ්ෆ් සම්පූර්ණයෙන්ම කටපාඩම් කිරීම සඳහා උනන්දු කිරීම. ඒ සඳහා අපොහොසත් වූයේ නම්, එහි ආරම්භයේ හා අවසානයේ පවතින පාඨ දහය පාඩම් කළ යුතු වේ.
  4. ඒ සඳහා හේතු වූ සාධක සම්බන්ධයෙන් කුර්තුබී තුමා මෙසේ දන්වයි: එහි ආශ්චර්යයන් හා ප්‍රාතිහාර්යයන් සහිත ලෙන් වැසියන්ගේ කතාව ඇතුළත් වී ඇති බැවිනි. කවරෙකු ඒ මත පදනම් වන්නේ ද දජ්ජාල්ගේ කරුණින් ඔහු මවිතයට පත්වන්නේ නැත. එය ඔහුව කම්පනයට පත් කරන්නේ නැත. එමගින් ඔහු අර්බුදයට පත් වන්නේ ද නැත. තවත් ප්‍රකාශයක: "ඔහුගෙන් වූ දැඩි දඬුවමක් ගැන අවවාද කරනු පිණිසය..." යන පාඨය එහි ඇතුළත්ව ඇති බැවිනි. එය දැඩි හා මෘදු දඬුවම නියම කර තිබීම පිළිපැදීමක් වශයෙනි. එය දජ්ජාල්ගෙන් මතුවන දෑට ගැලපෙන්නේ ය. එය දේවත්වය, ඔහුගේ ආධිපත්‍යය සහ ඔහුගේ අර්බුදයේ ශ්‍රේෂ්ඨත්වයට අභියෝග කරනු ඇත. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහුගේ විෂය බරපතල දෙයක් ලෙස සළකා ඔහු ගැන ප්‍රවේසම් වීමටත් ඔහුගේ අර්බුදයෙන් ආරක්ෂාවීමටත් උපදෙස් දී ඇත්තේ එබැවිනි. හදීසයේ අර්ථය මෙසේය: කවරෙකු මෙම පාඨ කියවා ඒවා පරිශීලනය කර එහි අර්ථය මත පදනම් වන්නේ ද ඔහු ප්‍රවේසම් විය. ඔහුගෙන් ආරක්ෂාව ලැබීය.

අර්ථ කථන නිරීක්ෂණය

47 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • .
  • . .