«مَنْ كَانَ لَهُ ذِبْحٌ يَذْبَحُهُ فَإِذَا أُهِلَّ هِلَالُ ذِي الْحِجَّةِ، فَلَا يَأْخُذَنَّ مِنْ شَعْرِهِ، وَلَا مِنْ أَظْفَارِهِ شَيْئًا حَتَّى يُضَحِّيَ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1977]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ බිරියක වූ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මෑණියක වූ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළ බව වාර්තා කරන ලදී.
“කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු සිටීද, ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට තම රෝම හෝ තම නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය.“
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 1977]
කවරෙකු උල්හිය්යා වෙනුවෙන් කැප කළ සත්වයකු කපා හරින්නට තීරණය කළේද ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට, ඔහුගේ හිසකෙස් හෝ ඔහුගේ කිහිලි රෝම හෝ උඩු රැවුල හෝ ඒ හැර වෙනත් රෝම මෙන්ම අතේ හෝ පාදයේ ඇති නියපොතු යනාදී කිසිවක් (උල්හිය්යා දෙන තෙක්) ඉවත් නොකළ යුතුය.