1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්‍රවේශ වූ විට, රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”

عَنْ عَائِشَةَ أُمِّ المُؤْمِنينَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ:

كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْعَشْرُ أَحْيَا اللَّيْلَ، وَأَيْقَظَ أَهْلَهُ، وَجَدَّ وَشَدَّ الْمِئْزَرَ.

මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්‍රවේශ වූ විට, රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”

صحيح متفق عليه صحيح مسلم - 1174

විවරණය

රමළාන් මාසයේ අවසන් දින දහය ප්‍රවේශ වූ විට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ රාත්‍රිය මුළුමණින්ම විවිධ නැමදුම් වර්ග තුළින් ජීවමාන කළහ. සලාතය සඳහා තම පවුල අවදි කළහ. සුපුරුදු පරිදි සිදු කරන නැමදුම්වලට වඩා අමතරව කැපවීමෙන් කටයුතු කළහ. ඒ සඳහා කාලය වෙන් කර තම බිරියන්ගෙන් දුරස්ව සිටියහ.

හදීසයේ හරය

  1. උතුම් කාල වේලාවන් දැහැමි ක්‍රියාවන් ඉටු කිරීම තුළින් ප්‍රයෝජනයට ගැනීම සඳහා දිරි ගැන්වීම.
  2. නවවි තුමා මෙසේ පවසයි: රමළාන් මාසයේ අවසන් දින දහයේ අමතර ලෙස නැමදුම්වල නිරත වීම සතුටු දායක බවත් එහි රාත්‍රියන් නැමදුම් තුළින් ජීවමාන කිරීම සතුටු දායක බවත් මෙම හදීසය තුළ දක්නට ඇත.
  3. තම පවුලට නැමදුම් කරන මෙන් නියෝග කර සිටීම ගැත්තා ප්‍රිය කළ යුතු අතර ඔවුන් සම්බන්ධව ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
  4. යහ ක්‍රියාවන් කිරීම සඳහා අධිෂ්ඨානය, ඉවසීම සහ නොමසුරු උත්සාහය තිබිය යුතුය.
  5. නවවි තුමා මෙසේ පවසයි: "වේට්ටිය තදින් බැඳ ගත්හ යන ප්‍රකාශයේ අර්ථය පිළිබඳ විද්වත්හු විවිධ මත දරති. ඇතැමුන් පවසනුයේ එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සුපුරුදු පරිදි සිදු කළ දෑට වඩා අමතරව නැමදුම්වල නිරත වීම සඳහා කැපවීම යන්නය. එහි තේරුම නැමදුම්වල නියැලීමය. තවත් ප්‍රකාශයක් වනුයේ: මාගේ වේට්ටිය එම කටයුත්ත සඳහා තදින් බැඳ ගත්තෙමි යන්නයි. එනම් මම ඒ සඳහා සම්පූර්ණ ලෙස නියැලෙමි, කාලය වෙන් කළෙමි යන වගය. තවත් ප්‍රකාශයක් නම්: නැමදුම්වල නිරත වීම සඳහා කාන්තාවන්ගෙන් ඉවත්ව සිටීම පෙන්වීම සඳහා වක්‍රාකාරයෙන් පැවසූ ප්‍රකාශයක් යන්නයි.

අර්ථ කථන නිරීක්ෂණය

47 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • . .