شَهِدْتُ العِيدَ مَعَ عُمَرَ بْنِ الخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ، فَقَالَ: هَذَانِ يَوْمَانِ نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ صِيَامِهِمَا: يَوْمُ فِطْرِكُمْ مِنْ صِيَامِكُمْ، وَاليَوْمُ الآخَرُ تَأْكُلُونَ فِيهِ مِنْ نُسُكِكُمْ. المزيد
ඉබ්නු අස්හර්ගේ සේවකයකු වූ අබූ උබෙයිද් තුමා විසින් වාර්තා කරන ලදී:
උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා සමග අවුරුදු සලාතයට මම සහභාගී වූයෙමි. එවිට එතුමා “මෙම දින දෙක, එනම් නුඹලාගේ උපවාසයෙන් නුඹලා අවසන් කර ගන්නා (ඊදුල් ෆිත්ර්) දින හා නුඹලාගේ සත්ව කැපයෙන් නුඹලා අනුභව කරන (ඊදුල් අල්හා) දින යන දෙදින උපවාසයේ නිරත වීම අල්ලාහ්ගේ දූතයාණන් තහනම් කර ඇත.”