1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ මිය ගිය විට, ඔහුගේ නවාතැන උදේ හා හවස ඔහුට නිරූපණය කරනු ලැබේ

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«إِنَّ أَحَدَكُمْ إِذَا مَاتَ عُرِضَ عَلَيْهِ مَقْعَدُهُ بِالْغَدَاةِ وَالعَشِيِّ، إِنْ كَانَ مِنْ أَهْلِ الجَنَّةِ فَمِنْ أَهْلِ الجَنَّةِ، وَإِنْ كَانَ مِنْ أَهْلِ النَّارِ فَمِنْ أَهْلِ النَّارِ، فَيُقَالُ: هَذَا مَقْعَدُكَ حَتَّى يَبْعَثَكَ اللَّهُ يَوْمَ القِيَامَةِ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ මිය ගිය විට, ඔහුගේ නවාතැන උදේ හා හවස ඔහුට නිරූපණය කරනු ලැබේ. ඔහු ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු වී නම් ඔහු ස්වර්ගවාසීන් අතරින් වනු ඇත. එමෙන්ම ඔහු අපා ගින්නේ වාසීන් අතරින් කෙනෙකු වී නම්, ඔහු අපා ගින්නේ වාසීන් අතරින් වනු ඇත. එවිට ඔහුට මෙසේ පවසනු ලැබේ: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔබව අවදි කරන තෙක් ඔබේ වාසස්ථානය මෙය වේ."

صحيح متفق عليه صحيح البخاري - 1379

විවරණය

ගැත්තෙකු මිය ගිය විට, ඔහුගේ නවාතැන, ස්වර්ගයේ හෝ අපා ගින්නේ හෝ ඔහුට හිමි විශේෂ ස්ථානය දහවල් ආරම්භයේ හා එහි අවසානයේ ඔහුට නිරූපණය කරනු ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු නම් ඔහුගේ නවාතැන ස්වර්ගයේ පවතී. එමෙන්ම ඔහු අපා ගින්නේ වාසීන් අතරින් කෙනෙකු නම්, ඔහුගේ නවාතැන අපා ගින්නේ පවතී. තවදුරටත් ඔහුට මෙසේ පවසනු ලැබේ: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔබව අවදි කරන තෙක් ඔබේ වාසස්ථානය මෙය වේ. එහි දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා සැපත විඳින අතර මුරන්ඩු ලෙස දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර් වරයා දඬුවම විඳිනු ඇත.

හදීසයේ හරය

  1. මිනීවලෙහි පවතින දඬුවම හා එහි පවතින සැපත සැබෑවකි.
  2. ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: සැබැවින්ම මෙසේ නිරූපණය කරනු ලබනුයේ දේවත්වය විශ්වාස කරන අවංක මුඃමින්වරයාට හා පැහැදිලිව දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයාටය. හොද නරක මිශ්‍ර වූ මුඃමින්වරයා වනාහි, ඔහුට ද ස්වර්ගයේ ඔහු පිවිසෙන්නට නියමිත ඔහුගේ වාසස්ථානය පෙන්වනු ලැබේ.

අර්ථ කථන නිරීක්ෂණය

41 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
KN ಕನ್ನಡ الكانادا
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ