1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව, ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.”

عَنْ أَبِي مُوسَى رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«مَثَلُ الَّذِي يَذْكُرُ رَبَّهُ وَالَّذِي لاَ يَذْكُرُ رَبَّهُ، مَثَلُ الحَيِّ وَالمَيِّتِ»، ولفظ مسلم: «مَثَلُ الْبَيْتِ الَّذِي يُذْكَرُ اللهُ فِيهِ، وَالْبَيْتِ الَّذِي لَا يُذْكَرُ اللهُ فِيهِ، مَثَلُ الْحَيِّ وَالْمَيِّتِ».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව, ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.” මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක “අල්ලාහ්ව මෙනෙහි කරනු ලබන නිවසට හා අල්ලාහ්ව මෙනෙහි කරනු නොලබන නිවසට උපමාව ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.”

صحيح متفق عليه صحيح البخاري - 6407

විවරණය

අල්ලාහ්ව මෙනෙහි කරන අය අතර හා ඔහුව මෙනෙහි නො කරන අය අතර වෙනස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිළි කළහ. එම වෙනස ප්‍රයෝජනවත්භාවය හා බාහිර පෙනුමෙහි ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ වෙනස මෙනි. තම පරමාධිපතිව මෙනෙහි කරන්නාට උපමාව තම බාහිර පෙනුම ජීවිතයේ ආලෝකයෙන් අලංකාරවත් වූ ඔහුගේ අභ්‍යන්තරය දැනුමේ ආලෝකයෙන් අලංකාරවත් වූ ජීවී අයකුගේ උපමාව මෙනි. එහි ඔහුට ප්‍රයෝජනය ඇත. අල්ලාහ්ව මෙනෙහි නොකළ අයකුට උපමාව ඔහුගේ බාහිරය නිෂ්ඵල වූ හා ඔහුගේ අභ්‍යන්තර ශුන්‍ය වූ මිය ගිය අයකුගේ උපමාව මෙනි. එහි කිසිදු ප්‍රයෝජනයක් නැත.
එමෙන්ම අල්ලාහ්ව මෙනෙහි කරමින් වාසය කරන මිනිසුන් සිටින නිවස ජීවී අයකුට උපමා කළේය. එසේ නොවී නම්, එනම් එහි වැසියන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් අක්‍රීයව සිටින බැවින් එය මළ ගිය නිවසක් මෙනි. ජීවත්ව සිටින අය හා මිය ගිය අය නිවස සමග උපමා කිරීමෙන් අදහස් කරනුයේ නිවසේ වාසය කරන්නන් සම්බන්ධව ය.

හදීසයේ හරය

  1. අල්ලාහ්ව මෙනෙහි කිරීමට දිරි ගැන්වීම හා ඒ ගැන නොසැළකිලිමත් වීම ගැන අවවාද කිරීම.
  2. ප්‍රාණය ශරීරයේ ජීවය වන්නා සේ ආත්මයේ ජීවය අල්ලාහ්ව මෙනෙහි කිරීමයි.
  3. අදහස් ඉතා ලෙහෙසියෙන් තේරුම් කර දීම පිණිස උපමා ඉදිරිපත් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙතකි.
  4. නවවි තුමා මෙසේ පවසයි: නිවසේ උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම සුන්නත් යන බව මින් හැඟවේ. සැබැවින්ම නිවෙස් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් තොරව, හිස්ව නො තැබිය යුතුය.
  5. නවවි තුමා තවදුරටත් මෙසේ පවසයි: අල්ලාහ්ට අවනත වීමෙහි මුළු ජීවිත කාලයම ගත කිරීමේ අවස්ථවා හිමි වීම භාග්‍යයකි. මිය ගිය ඇත්තෙකු යහපත් මතු ලොව ජීවිතයක් වෙත ගමන් කළ ද එය භාග්‍යයක්ම වන්නේය. මක්නිසාද යත් ජීවත්ව සිටින පුද්ගලයා ඔහු සිදු කරන යහපත් ක්‍රියාවන් හරහා තමන්ට ලැබෙන භාග්‍යය වැඩි කරන්නට බලන බැවිනි.

අර්ථ කථන නිරීක්ෂණය

52 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • .