1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් කිසි සභාවක අසුන් ගන්නේ ද, ඔවුන්ට (අල්ලාහ්ගෙන්) අලාභයක්ම සිදුවෙනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට සමාව දෙනු ඇත

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«مَا جَلَسَ قَوْمٌ مَجْلِسًا لَمْ يَذْكُرُوا اللَّهَ فِيهِ وَلَمْ يُصَلُّوا عَلَى نَبِيِّهِمْ إِلاَّ كَانَ عَلَيْهِمْ تِرَةً، فَإِنْ شَاءَ عَذَّبَهُمْ وَإِنْ شَاءَ غَفَرَ لَهُمْ».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් කිසි සභාවක අසුන් ගන්නේ ද, ඔවුන්ට (අල්ලාහ්ගෙන්) අලාභයක්ම සිදුවෙනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට සමාව දෙනු ඇත."

صحيح رواه أبو داود والترمذي والنسائي في الكبرى سنن الترمذي - 3380

විවරණය

අල්ලාහ්ව සිහිපත් කිරීම ගැන නොසැළකිලිමත් වීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කර ඇත්තාහ. යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් සභාවක අසුන් ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම සභාව ඔහුට පාඩුවක්, පසුතැවිල්ලක්, අලාභයක් හා අඩුවක් වනු ඇත. කෙසේ නමුත් ඔහු අභිමත කළේ නම් ඔවුන්ගේ පෙර පාපකම් සඳහා සහ ඔවුනට සිදු වූ අඩුපාඩුකම්වලට ඔහු ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔහුගේ භාග්‍යය හා කරුණාව තුළින් ඔහු ඔවුනට සමාව දෙනු ඇත.

හදීසයේ හරය

  1. අල්ලාහ්ව මෙනෙහි කිරීමට දිරිගැන්වීම හා එහි මහිමය.
  2. උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කළ, ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි සලවාත් පැවසූ සභාවන්හි පවතින මහිමය. එසේ නොවන සභාවන් වනාහි, ඒවා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ තැනැත්තන්හට අභාග්‍යමත් සභාවන් වේ.
  3. අල්ලාහ්ව මෙනෙහි කිරීම ගැන නොසැලකිලිමත්භාවය ගැන සඳහන් කරන ලද අවවාදය සභාවන් මත පමණක් සීමා වන්නක් නොවේ. එය ඒ හැර සෙසු කටයුතුවලදී ද පොදු වනු ඇත. නවවි තුමා මෙසේ පවසයි, "යම් ස්ථානයක වාඩි වී එහි උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමට පෙර කවරෙකු ඉන් වෙන්වී යන්නේ ද එය ඔහුට පිළිකුල් සහගත කරුණක් වන්නේය."
  4. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට අලාභයක් වනු ඇත. එක්කො, එම වේලාවේ අල්ලාහ්ට අවනත වීම තුළින් ඔවුන් ප්‍රයෝජන නො ලැබූ හේතුවෙන් ප්‍රතිඵල හා කුසල් අහිමි වීමෙන් හෝ එක්කො එම වේලාවේ අල්ලාහ්ට පිටුපාන කටයුත්තක නිරත වීම හේතුවෙන් පාපය හා දඬුවම හිමි වීමෙනි.
  5. අනුමත සභාවන්හි දී මෙම නොසැලකිලිමත් භාවය සඳහා මෙම අවවාදය වී නම්, කේළාම් කතා කිරී‍ම, දොස් නැගීම වැනි තහනම් කරන ලද සභාවන්හි තත්ත්වය කෙසේනම් වනු ඇත් ද!

අර්ථ කථන නිරීක්ෂණය

46 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • .