أَنَّ نَفَرًا مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَأَلُوا أَزْوَاجَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ عَمَلِهِ فِي السِّرِّ؟ فَقَالَ بَعْضُهُمْ: لَا أَتَزَوَّجُ النِّسَاءَ، وَقَالَ بَعْضُهُمْ: لَا آكُلُ اللَّحْمَ، وَقَالَ بَعْضُهُمْ: لَا أَنَامُ عَلَى فِرَاشٍ، فَحَمِدَ اللهَ وَأَثْنَى عَلَيْهِ، فَقَالَ: «مَا بَالُ أَقْوَامٍ قَالُوا كَذَا وَكَذَا؟ لَكِنِّي أُصَلِّي وَأَنَامُ، وَأَصُومُ وَأُفْطِرُ، وَأَتَزَوَّجُ النِّسَاءَ، فَمَنْ رَغِبَ عَنْ سُنَّتِي فَلَيْسَ مِنِّي». المزيد
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන්ගෙන් එතුමා රහසේ සිදු කරන නැමදුම් ක්‍රියාවන් පිළිබඳ විමසා සිටියෝය. එවිට ඔවුන්ගෙන් කෙනෙකු මම කාන්තාවන් විවාහ කර නොගනිමි. තවත් කෙනෙකු මම මස් අනුභවර නොකරමි. තවත් කෙනෙකු මම ඇතිරිල්ලක නො නිදමි යැයි පැවසුවේය. පසුව එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැන ගන්නට ලැබී එතුමා අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහුව පැසසුමට ලක් කර මෙසේ පැවසූහ. ‘මෙලෙස ප්‍රකාශ කළ පිරිසට කුමක් වී තිබේ ද? එනමුදු මම සලාත් කරමි. නිදමි. උපවාසය රකිමි. උපවාසයෙන් මිදෙමි. කාන්තාවන් විවාහ කර ගනිමි. එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නො වන්නේය.’