«يُدْنَى الْمُؤْمِنُ يَوْمَ الْقِيَامَةِ مِنْ رَبِّهِ عَزَّ وَجَلَّ، حَتَّى يَضَعَ عَلَيْهِ كَنَفَهُ، فَيُقَرِّرُهُ بِذُنُوبِهِ، فَيَقُولُ: هَلْ تَعْرِفُ؟ فَيَقُولُ: أَيْ رَبِّ أَعْرِفُ، قَالَ: فَإِنِّي قَدْ سَتَرْتُهَا عَلَيْكَ فِي الدُّنْيَا، وَإِنِّي أَغْفِرُهَا لَكَ الْيَوْمَ، فَيُعْطَى صَحِيفَةَ حَسَنَاتِهِ، وَأَمَّا الْكُفَّارُ وَالْمُنَافِقُونَ، فَيُنَادَى بِهِمْ عَلَى رؤُوسِ الْخَلَائِقِ هَؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَى اللهِ». المزيد
සෆ්වාන් ඉබ්නු මුහ්රිස් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. 'අල්ලාහ්ගේ හමුව සම්බන්ධයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයවලට ඔබ කවර ආකාරයෙන් සවන් දී ඇත්තේ දැ?' යි මිනිසකු ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමාණන් මෙසේ ප්‍රකාශ කරනු මම සවන් දී ඇත්තෙමි යැයි හෙතෙම ප්‍රකාශ කළහ.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, තම පරමාධිපතියාණන් ඔහුගේ ආවරණය ඔහු මත තබන තරමට දේවත්වය විශ්වාස කරන්නා ඔහු වෙත සමීප කරවනු ලැබේ. පසුව ඔහුගේ පාපයන් පිළිගන්නට සළස්වයි. පසුව "ඔබ මෙය දන්නෙහි ද?" යැයි විමසයි. එවිට 'මාගේ පරමාධිපතියාණනි! එසේය, මම දනිමි' යැයි ඔහු පවසයි. පසුව මෙලොවෙහි සැබැවින්ම ඔබට එරෙහිව තිබූ දෑ මම වසන් කළෙමි. අද දින ඔබ වෙනුවෙන් ඒවාට සමාව දුනිමි. පසුව ඔහුට ඔහුගේ යහපත් කුසල්හි පත්‍රිකාව දෙනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර්වරු හා කුහකයෝ වනාහි, 'අල්ලාහ්ට එරෙහිව බොරු කළවුන් මොවුහුය' යැයි පෙන්වා දෙමින් සියලුම මැවීම්වලට ඉහළින් ඔවුන් අමතනු ලැබේ."