1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”

عَنْ جَابِرٍ رضي الله عنه قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَبْلَ وَفَاتِهِ بِثَلَاثٍ يَقُولُ:

«لَا يَمُوتَنَّ أَحَدُكُمْ إِلَّا وَهُوَ يُحْسِنُ بِاللهِ الظَّنَّ».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින තුනකට පෙර කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”

صحيح رواه مسلم صحيح مسلم - 2877

විවරණය

සැබැවින්ම අල්ලාහ් කරුණා කරනු ඇත. මරණ මංචකයේ සිටින විට තමන්ට සමාව ලැබෙනු ඇත යන අපේක්ෂාවෙන් යුතුව අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස කෙනෙක් මිය නොයා යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරි ගැන්වූහ. සැබැවින් ම බියබැතිමත් බව දෛනික ක්‍රියාවන් විධිමත් වීමට ඉවහල් වනු ඇත. එනමුත් මරණ මංචකය ක්‍රියාවන් සිදු කිරීමට උචිත තත්ත්වයක් නොවේ. එබැවින් එවැනි අවස්ථාවක අවශ්‍යය වනුයේ යහපත් අපේක්ෂාවයි.

හදීසයේ හරය

  1. සියලුම තත්ත්වයන්හි තම සමූහයාට මඟපෙන්වීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ උනන්දුව සහ දැඩි කැමැත්ත. එය කෙතරම්ද යත් අවසන් හුස්ම හෙළන අවස්ථාවේ පවා එතුමාණන් තම සමූහයාට උපදෙස් දුන්හ. ඔවුනට මිදීමේ මාර්ගය පෙන්වා දුන්හ.
  2. අත්-තීබී තුමා මෙසේ පවසයි: මිය යන අවස්ථාවේ අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගනු වස් ඔබේ ක්‍රියාවන් ඔබ විධිමත් කර ගන්න. සැබැවින්ම මරණයට පෙර කවරෙකුගේ ක්‍රියාව දූෂිත වූයේ ද මිය යන අවස්ථාවේ ඔහුගේ සිතුවිලි ද දූෂිත වනු ඇත.
  3. ගැත්තා තුළ තිබිය යුතු වඩාත් පරිපූර්ණ තත්ත්වයන් වනුයේ: දෙවියන් පිළිබඳ යහපත් අපේක්ෂාව සහ දේව බියබැතිකම මධ්‍යස්ථව පවත්වාගෙන යාම සහ ඉක්මවා ගිය ආදරයයි. ආදරය යනු වාහනයයි. අපේක්ෂාව යනු සීමාවයි, බිය යනු පැදවීමයි. අල්ලාහ් ඔහුගේ කරුණාව හා ත්‍යාගශීලීභාවය තුළින් සේන්දු කරන්නා වේ.
  4. මරණ මංචකයේ සිටින අයකු තමන් තුළ යහපත් අපේක්ෂාව හා අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කර ගත යුතුය. මෙම හදීසයේ සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින තුනකට පෙර මෙසේ පවසා ඇත්තාහ.

අර්ථ කථන නිරීක්ෂණය

51 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • . .