1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”

عَنْ سَهْلِ بْنِ سَعْدٍ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«لَا يَزَالُ النَّاسُ بِخَيْرٍ مَا عَجَّلُوا الْفِطْرَ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”

صحيح متفق عليه صحيح مسلم - 1098

විවරණය

හිරු අවරට යෑම තහවුරු වූ පසු ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එය සුන්නාව හෙවත් නබ චරිතය පිළිපැදීමකි. එහි සීමාව තුළ රැඳෙන්නකි.

හදීසයේ හරය

  1. නවවි තුමා මෙසේ පවසයි: හිරු අවරට යෑම තහවුරු වීමෙන් පසු එය ඉක්මන් කිරීම මෙහි දී උනන්දු කරවා ඇත. මින් අදහස් කරනුයේ මෙම සුන්නාව පිළිපදින තාක්කල් ඔවුන් යහපත මත සිටිමින් ප්‍රජාවේ කටයුතු දිගටම පිළිවෙලට පවතින බවය. නමුත් ඔවුන් එය ප්‍රමාද කළහොත්, එය ඔවුන් දූෂණයේ වැටීමේ සලකුණක් වනු ඇත.
  2. මිනිසුන් අතර යහපත පවතිනුයේ ඔවුන් සුන්නාව හෙවත් නබි පිළිවෙත පිළිපැදීම තුළිනි. කටයුතු දූෂිත වනුයේ සුන්නාවට පටහැනිව කටයුතු කිරීමය.
  3. ආගම් ලත් ජනයා හා ආගම තුළ නව කරුණු එකතු කරන උදවියට වෙනස්ව කටයුතු කිරීම සැබැවින්ම ඔවුහු උපවාසය අත්හැරීම ප්‍රමාද කරති.
  4. ඉබ්නු හජර් තුමා, මෙහි ඒ ගැන හේතු සාධකය පැහැදිලි කර ඇති බව පවසයි. මුහල්ලිබ් තුමා පවසනුයේ: මෙහි ඇති ප්‍රඥාව නම් රාත්‍රියට වඩා දහවල අධික නොකිරීමය. සැබැවින්ම එය උපවාසකරුට සහනයක් වන අතරම නැමදුමෙහි ඔහුට වඩාත් ශක්තියක් ගෙන දෙනු ඇත. විද්වතුන් එකඟතාව ඵල කර ඇත්තේ සැබැවින්ම එහි නියම ස්ථානය වනුයේ, හිරු අවරට යෑම දෑසින් දැක හෝ යුක්තිගරුක දෙදෙනෙකුගේ තොරතුරු මත තහවුරු වූ විටෙකය. එමෙන්ම වඩාත් යෝග්‍යය ප්‍රකාශය වනුයේ යුක්තිගරුක එක් අයකු වුව ද ප්‍රමාණවත් වන බවය.
  5. ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මෙය වර්තමානයේ සිදුවන පිළිකුල් සහගත නව කරුණු පිළිබඳ ඇඟවීමකි. එනම් ෆජ්ර් සලාතයට පෙර පවසන දෙවන අදානය රමළාන් මාසයේ දී හෝරාවෙන් තුනෙන් එකක කාලයක් ඉතිරිව තිබිය දී කල් ඇතිව පැවසීම. නැමදුමෙහි පූර්වාරක්ෂාව සඳහා යැයි පවසමින් උපවාසය නිරත වීමට අපේක්ෂා කරන අයට ආහාර පාන ගැනීම තහනම් කරනු වස් එහි සළකුණක් වශයෙන් පහන් නිවා දැමීම. මේවා ගැන ඇතැම් අය පමණක් දනී. උපාවසයෙන් මිදීමට තවත් කාලය ඇතැයි සිතා හිරු බැස යාමෙන් පසුව මිස අදාන් නොකියන තරමට ඔවුන් පත් ව ඇත. ඒ අනුව ඔවුන් උපවාසයෙන් මිදීම ප්‍රමාද කරති, සහර් ඉක්මන් කරති, සුන්නාවට පටහැනිව කටයුතු කරති. ඒ අනුව ඔවුන්ගෙන් යහපත අඩු වී යන අතර අයහපත ඔවුන් අතර වැඩි වී යනු ඇත. උදව්කරු අල්ලාහ්මය.

අර්ථ කථන නිරීක්ෂණය

48 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • . .