«يَا أَيُّهَا النَّاسُ تُوبُوا إِلَى اللهِ، فَإِنِّي أَتُوبُ فِي الْيَوْمِ إِلَيْهِ مِائَةَ مَرَّةٍ». المزيد
අල්-අගර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් අතරින් කෙනෙකි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව එතුමා මෙසේ පවසා සිටියහ:
"අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”