«ازْهَدْ فِي الدُّنْيَا يُحِبُّكَ اللَّهُ، وَازْهَدْ فِيمَا عِنْدَ النَّاسِ يُحِبُّكَ النَّاسُ». المزيد
අබුල් අබ්බාස් සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මම යමක් කළේ නම්, ඒ හේතුවෙන් අල්ලාහ් මට ආදරය කරන, මිනිසුන් ද මට ආදරය කරන ආකාරයේ ක්‍රියාවක් මට පෙන්වා දෙන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ:
"මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත."